Saturday, October 3, 2020

ස්වයංක්‍රීය ගෙවල් ගිණිතියන්නා (And also available in pink)


 හෝතම්බුවා: හෑ , ආයෙත් බය වුනා. මොකද බොල තොට වෙලා තියෙන්නෙ? ඒ වංගියෙ මොකාද, මහසෝණද?

බස්සා: නෑ මේ වෙන එකක්. බය වුනේ බැස්ටියකට.

හෝතම්බුවා: බැස්ටියකට? ඇයි හත්වලාමෙ, තෝ මෙහෙම බය වෙන්න ගියොත් ගෙදර කුස්සියෙ තියෙන කොස්සටත්  බයවෙලා නූල්  බඳින්න වෙනවනෙ?

බස්සා: නෑ බං නිකම්ම බැස්ටි නෙමෙයි, මේ ලිතියම්-අයන් බැස්ටි. අර ෆෝන් එකෙයි, අරකෙයි-මේකෙයි දැන් හැම පෝටබල් උලව්වෙම එන්නෙ. ආන්න එයා. උඹත් මේක බලලම කියපංකො, ඇඟේ මයිල්, ඉස්මයිල් වෙන්නෙ නැහ්ද කියලා.


මේ Louis Rossmann - ඇපල් ලැප්ටොප් රෙපයාර් කලාවේ පිකාසෝ. ඉලෙක්ට්‍රොනික්ස් නොදන්න කෙනෙක් එහෙම නෙවෙයි. ඔය ගුවන්‍ යානා, ටෙස්ලා කාර් වල බැටරි පැක් ගිණි ගන්නවා දැකලා තිබුණට, මට ඒක දැණුනෙ නෑ ( අපිට එව්වා නෑ නෙව). ඒ තියා පුපුරණ සැම්සුං ෆෝන් නිව්ස් එකවත් එච්චර දැණුනෙ නෑ.

ඒත් මේක දැක්කම නං මං බය වුනා. අර බයිසිකලේ යකඩ ෆ්‍රේම් එක වාෂ්ප වුන හැටියට බය නොවී තියේයෑ? ඊට පස්සෙ Li-ion, LiPo  බැටරි ගැන විස්තර කියෙව්වා. හොයා ගත්තදේ එච්චර සුභදායක නෑ. 

ලිතියම්-අයන් යනු අපට පුරුදු "ඕන-පුකක්" Ni-Mh හෝ Nickel–cadmium නොවේ . 
(  the higher capacity of Li-Ion comes with a hefty price!). ඇත්ත, අපට ලිතියම්-අයන් තාක්ෂණයෙන් ගැලවෙන්න බෑ, අපි ඇබ්බැහිවෙලා අහවරයි. කරන්න තියෙන්නෙ පරිස්සම් වෙන එකයි. Li-ion සහ LiPo අතර සමහර වෙනස්කම් තියනවා.සමහර අයගෙ මතය LiPo , Li-ion තරම් නරක නැති බවයි. කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත්. මේ අධිබලැති බැටරි කාල-බෝම්බ වලට සමානයි. අවශය කරන සාධක සැපුරුනොත්, බඩුම තමා!

අවශය එකම සාධකය - අධික උශ්ණත්වය. උශ්ණත්වය බාහිරවත්, ඒ වගේම අධික ධාරාව නිසාත් , ඒවගේම කෙමිකල්  රිඇක්ෂන්  (බැටරියට වෙන හානි) නිසාත්  ලැබිය හැකියි. පටන් ගත්තොත් බඩුම තමා - chain reaction.  මේක රසායනික ගින්නක්, බාහිර ඔක්සිජන් අවශ්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා.

1. අධික උශ්ණත්ත්වය ( අව්වෙ රත්වෙන කාර් එකේ ෆෝන් එක , GPS එක ඩෑෂ්බෝඩ් එක උඩ දමා යෑම)
2. අධික ධාරාව ( under discharge) නිසා ඇති වන රත් වීම 
3. බැටරියේ ඉලෙක්ට්‍රොලයිට් ස්ථර වලට වෙන හානි ( drop, bend etc) . සැම්සුං ෆෝන් පිපිරුනේ මේ නිසා - manufacturing defect. තිබ්බ අනිත් සේෆ්ටි ෆීචර්ස් (ඉලෙක්ට්‍රිකල්) වැඩක් වුනේ නැත්තෙ, එව්ව කෙමිකල් රිඇක්ෂන් වලට අදාල නැති නිසයි.
4.over charging. සිදුවිය හැකි මුත් විය හැකි සම්භාව්‍යතාවය අඩුයි. ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් ෆෙල් වුනොත් නං වෙයි. over charging නිසා වෙන්නෙ රසායන ප්‍රතිකියාවක් බවත් බැටරිය ඇතුලෙ ප්‍රෙෂර් බිල්ඩ් අප් වෙන බවත් තමයි කියවෙන්නෙ. 

අපි ලිතියම්-අයන් වලට වගේම ලාභ චීන බඩුවලටත් ඇබ්බැහි වෙලා ඉවරයි. මොකක්, නෑ කිව්වා? හුහ් එතකොට ඔහෙලා එකට හතරක් දීලා ඔරිමජිනල් චාජර් විතරමද ගන්නෙ? ඔය රී-චාර්ජබල්  ටෝර්ච් එක ජපානෙ හැදුන කියලද, හිතාන ඉන්නෙ?

මගේ පොයින්ට් එක, අවදානම ගැන දැණුවත්වීම. දැණගෙන අවදානම මඟ හැරීමයි. 

Li-Ion චාර්ජ් කිරීමට, නියමිත නිශ්චිත වෝල්ටේජ් එකක් , ධාරාව නියමිත රටාවකට පාලනය කිරීමත් කල යුතුය.  අපේ හැම ලාබ චීන ගැජමැටික් එකකම BMS - මේ කියන චාර්ජින් සර්කිට් එක නැති වීමට ඉද ඇත. 
(Nope, BMS inside the battery is not the way to go - that's the first line of defense)

මේ BMS සර්කිට් වැලම,  ගෙඩි සුපියල් දෙකයි(හයියෝ අපේ ෂල්ලි!)
මේ PCB එකේ USB port එක ගාව තියෙන IC එක තමා ඉහත ප්‍රස්ථාරයට අනුකූලව current/voltage පාලනය කරන්නෙ. අනිත් IC දෙක protection/ cut-off වලට. ඒ IC දෙකම ආයෙ බැට්‍රිය  ඇතුලෙත් තියෙන නිසා මේ PCB තනි IC වර්ෂන් එකකුත් එනවා. සමහර චීන වාහෙලා කරන්නෙ, මේ chip set එක පාවිච්චි නොකර USB 5V රෙසිස්ටර් එකක් හරහා ඩ්‍රොප් කරලා බැට්‍රිය චාර්ජ් කරන එකයි.  ඒක වැරදි වැඩක්.


පරිස්සම් විය යුතු කාරනා:

1. ෆෝන් එක වැටුනොත්:  නෑ වාහෙ. විසිකරන්න ඕනෙ නෑ. ඒත් ආයෙ චාර්ජ් කරන කොට ෆෝන් එකට උඩින් මූණ ඔබාගෙන රත් වෙනවද බලන එකත් නෙමේ ක්‍රමය. මෙන්න මේ උලව්ව වගේ එකක්  චීනෙන් ගෙන්නගෙන අඩුගානෙ ගන්න කරන්ට් එකවත් බලන එකයි.  කොහේහරි මුල්ලකි ඇදලා අරගෙන කාලෙකින් චාර්ජ් කරන්න යන ගැජමැටික් වලටත් ,මේ වැඩේම අදාලයි,. (If  over discharged - I set my initial current limit to 500 mA in a bench power supply)

2.  No unsupervised charging. 

 රෑ-එලිවෙනකං චාර්ජ් වෙන්න දමා නොයෑම. හැකි සෑම විටම වෝල්ටේජ්, කරන්ට් බැලීම.


3. බැට්රි පැක් ඉදිමීගෙන එනවා නං, වහාම ඉවත දැමීම. අවුරුදු  දෙකක් ගියේ නෑ. ඔය බ්‍රෑන්ඩඩ් කියන  පව්ර් බෑන්ක් බැටරි පැක් එකක් ඉදිමුනා, තව ලැප්ටොප් බැටරි පැක් එකකුත්. හැබැයි ඒක නං පරණයි. මේ දෙකටම පොදු දෙයක් තමයි, පාවිච්චි කරමින් ඉඳලා, පාවිච්චිය අතහැර දැමීම. හැබැයි ඒක fact එකක්ද කියලා නං දන්නෙ නෑ.

හිටපියව් දැන්  ටිං එකේ

4 අමතර Li-Ion/LiPo බැටරි අතන මෙතන නොදා, සුරක්ෂිත ලෙස ගබඩා කිරීම. අනිත් බඩුත් එක්ක ලාච්චුවල ඔබන්න එපා. තැලුනොත්, හිල් වුනොත් වැඩේ සැම්-සුං ම තමා. 
මං මගේ ඔක්කොම අමතර ෆෝන් බැටරි, කැමරා බැටරි ඔක්කොම එකතු කරලා පරණ බිස්කට් ටිං එකකට දාලා, ඒක ප්ලාස්ටික් ස්ටෝරේජ් පෙට්ටියකට දැම්මා ( පරණ බැස්ටි වලට ගවුරවයෙන් සැලකීම). දැන් එතකොට  සෙල්ලං බඩු -අර "උඩයන. ඉගිලෙන ඇවිදින සෙල්ලං යානා පෙනී,පෙනී" කියන්නෙ, ආන්න එව්ව වලත් ඉන්නෙ මේ කස්ටියම තමා. Bonus point : Drone battery packs, usually don't have in-built BMS circuit :). නෑ, පවර් ටූල් බැටරි පැක් වගේ තද ප්ලාස්ක් කවර් තියෙන බැටරි ටින් එකට එබුවෙ නෑ. ඒත් උන්දලා ගැනත් ඇහැ ගහගෙන තමා ඉන්නෙ,

අනෙක් බැස්ටි වගේ නෙමෙයි,ලිතියම්-අයන් බැස්ටි පැරලල් කිරීම සිරා බිසිනොස් එකකි. බැලන්ස් චාර්ජින් කියල උලව්වක් ඇත. පැක් දෙකම එකම ගාණට චාර්ජ්/ ඩිසිපේට් වෙන්න විය යුතුය. පොඩ්ඩ එහා මෙහා වුනොත්, බඩුම තමා. Louis Rossmann වුනේ ඒකද කියන එක ප්‍රශ්ණාර්ථයක්. ඉතිං ලිතියම්-අයන් එයාගෙ පුටාර් එක වාෂ්ප කලා නං, මේ ඔහෙල අපි වගේ හුදී ජනයාගෙ අටංපහුරු ගැන කුමන කතාද?

දැං ඔය Quick Charge 3, 4    කිය කිය අළුත් චාජ්ර් එහෙම තියෙනවානෙ. කව්ද අකමැති පැයේ බැස්ටිය පැය කාලෙන් චාර්ජ් කර නොගන්න. අවවාදය: දැන ගියොත් කතරගම..... අසාමාන්‍ය ලෙස රත් වෙනවා නං, නැවැත්තීම සරීර සවුක්කියට ගුණදායකය. 

5.  පවර් ටූල් , කාර් බූස්ටර් බැටරි පැක් වගේ එව්වා චාජරේට ඔබන්න ඉස්සෙල්ලා ඇස්ගෙඩි ඇරලා තියෙන බැටරි ජාතිය බැලීම හොඳ පුරුද්දක්. Ni-Cd හරි Ni-MH නං අවුලක් නෑ. ඒත් දැන් එන ඔක්කොම බැටරි පැක් LiPo. ඉතිං ඇහැ ගහගෙන සිටීම සරීර සවුක්කියට හොඳය.


මං හිතන්නෙ ඔක්කොම වගේ කවර් කලා කියලයි. ආ අර ටයිටල් එක ඉස්සුවේ මෙන්න මෙයා bigcliveගෙන්. බලන්න, යමක් ඉගෙන ගන්න නියම  බුවා. 


දැන් ඔහෙලාට හිතෙනව නං, මූට මඤ්ඤං. නිකාං......කලබල වෙනවනෙ?  චීනෙ, ඉන්දියාවෙ යස අගේට ඔය සේෆ්ටි නැතුව ඉන්නෙ කියලා, මට කියන්න තියෙන්නෙ කැලණි පාලම යටින් පොල්ලෙල්ලක් ගියාට ගාණක් තියෙනවද කියලයි? ආ..අනික ගිණි ගත්තොත් බොලෑ ගෙවල් නෙව, මයෙ මොකෑ?.......

11 comments:

  1. අනෙ අම්මෝ බං බස්සො...! මං ෆෝන් එක ජනේලෙං එලියට විසුක් කළා.

    ReplyDelete
    Replies
    1. මගේ හද්ද පරණ ෆෝන් වල බැටරි පවා, තාමත් හොඳ තත්ත්වයේ තියනව.හොඳම දේ ෆෝන් බැටරි single cell වර්ගය වීමයි

      Delete
    2. ආපහු එලියට ගිහිං අහුල ගත්තා...

      Delete
    3. :). උදාහරණයක් විදිහට ගින්දර අවදානම්. ඒත් නැතුව බෑ. විදුලිය අවදානම්.ඒත් නැතුව බෑ. ඔය දෙකම අපි අවදානම දැනගෙන පාවිච්චි කරනවා. අවුලක් නෑ. මෙතන අවුල වැඩිහරියක් චීන බඩු වල කියල තියෙන දේවල් සාවද්‍ය වීමයි. මේ අවදානම තෝරා බේරා ගැනීමත්, අවදියෙන් විමසිල්ලෙන් සිටීමත් තමා එකම විකල්පය.

      Delete
    4. මට කල්පනා උනේ... mission impossible එකේ මිෂන් එක බ්‍රීෆ් කරන ලැප්ටොප් එක ගිණි තියනව වගේ දෙයක් ඇත්තටම කරන්න පුළුවන් මේ තත්ත්වය හරියට මැනේජ් කළොත්...

      Delete
    5. හිතලා ගිණි තියන්න නං ටිකක් අමාරුයි වෙයි. හිතපු නැති වෙලාවට ගිණි තියන්න නං හා!

      -ලිතියම් අයන්-

      Delete
  2. බෝම්බ සාක්කුවෙ දාගෙන යන්න පාතාලෙ බුවෙක් වෙන්න ඕනම නෑ එහෙනං.

    ReplyDelete
    Replies
    1. නෑ, "සැම්-සුං" ෆෝන් එකක් අරන් ගියාම ඇති:). අර පුපුරන ෆෝන් සීරීස් එක තිබ්බ කාලෙ, එයාර් ලයින් වලට පැසෙන්ජර්ල ගත්තෙත් නෑ ඒ ෆෝන් තියෙනව නං. මට මතක විදිහට අපි චීනෙන් අමතර බැටරි ලාබෙට ගෙන්න ගත්ත එකට කෙල වුනේ ඔය ජරමර වලින් පස්සෙ.

      Delete
  3. Over charge වෙන්නෙ කොහොමද ?දැන් චාර්ජර් එකට ගහල තිබුනට ඕවර් චාර්ජ් වෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මොබයිල් ෆෝන් නම් ඕවර් චාර්ජ් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. චාජ්ර් එකෙත්, බැටරියෙත් දෙකේම ඕවර් චාර්ජ් කට්-ඕෆ් තියෙන නිසා, එකක් ෆේල් උනත් අවුලක් නෑ. මොබයිල් ෆෝන් වල තමා හොඳම BMS circuit එක තියෙන්නෙ, බැටරියෙ උශ්ණත්වයත් බලනවා.

      හැබැයි ඉලෙක්ට්‍රොනික්ස් සදාකාලික නැති නිසා මම දැන් පුරුද්දක් විදිහට කිසිම එකක් ෆුල් චාර්ජ් වෙනතුරු ඉන්නෙ නෑ. එහෙම අවශ්‍යත් නෑ.

      Delete
  4. Louis Rossmann පුටාර් එක ගිණිගත්තෙ කොහොමද කියන එක හරියටම කියන්න බෑ. Louis නම් කියන්නෙ බැටරි නිශ්පාදකයාගේ වරද කියලා. ඇත්ත මොකක් වුනත්, එකක් නම් පැහැදිලියි. ලිතියම්-අයන්, (විශේෂයෙන්ම අධික ධාරිතාවක් ඇති) බැටරිත් එක්ක DIY කිරීම භයානක වැඩක් බව, ඒත් මේ පහත වීඩියෝවෙන් දෙන පණිවිඩය දැක්කාම පිස්සු ඩබල් වෙනවා.
    Solar Power Wall
    මගේ ප්‍රතිචාරය, අනවශ්‍ය බියක් ලෙස ඔබ දැක්කත්, මට එය ගැන පසුතැවීමක් නැත්තෙ, ආරක්ෂාකාරීවීම හොඳ දෙයක් නිසයි

    ReplyDelete