වින්-ඩිවෝස් වෙච්චි අටවන මාටියා, මේ දිනවල ඉන්නෙ, ටෝච් පාරක් කාලා, නයා මැරිච්ච අහිකුංටිකයා වගෙයි. ඉවසන්නම බැරි වැඩේ, වින්ඩෝස් 10 යස අගේට තිබ්බ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් නැති වෙච්චි එකයි. ඔහෙලට මේකෙ බරපතලකම තේරෙනවද මන්දා? හරි, මං කියන්නන්කො කතන්දරේ මුල ඉඳලම.
මේ තියෙන්නෙ, කලින් කසාදෙ, ස්ටාර්ට් ඇප් ගෘප්ස් වලින් කොටහක්. නිකං හිතන්නකෝ, ඇප්ස් සීයක්-හමාරක් විතර ඉන්ස්ටෝල් කරගෙන තියනවා කියලා. ඇයි එච්චර අහැව්වා? ඉතිං මුං නිකං දෙනවනෙ? එතකොට කොහොමද එපා කියන්නෙ? ඇත්ත, ඔය ඔක්කොම පාවිච්චි වෙන්නෙ නෑ තමයි. පාවිච්චි කරන්නෙත් ඉඳලා-හිටලා තමයි.
ආන්න එහෙම, අවස්ථාවක යම් ඇප් එකක් ඕන වුනා කියමුකො. උදාහරණයක් විදිහට, දැන් මගේ WD සිස්ටම් ඩ්‍රයිව් එකට ආපු ඇප් එකක් තියනවා, ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, ට්‍රිම් කරන්න වගේ වැඩ වලට. ඕක ඉතිං ඉඳලා හිටලා ඕනෙ වෙනවා. ආං එතකොට, එයාව හොයා ගන්න ගියාමයි, සෙල්ලම පටන් ගන්නෙ. WD, NVMe, SSD ඔය මොනවා කියල ගහල සර්ච් කලත් මුකුත්ම එන්නෙ නෑ. ඒකෙ නම "ඩෑෂ්බෝඩ්". තව එකෙක් ඉන්නවා, එයා "සැම්-සුං මැජීෂියන්".ඉතිං කියහල්ලකො, මොන බස්සටද ඕවා මතක තියාගෙන ඉන්න ඇහැකි කියලා?
පාවිච්චි කලේ Standalone Stack 2.0.7 කියන, සැහැල්ලු ඇප් එක. දැනට පොඩි සාම්පල ගෲප්ස් දෙකක් හදලා, ටාස්ක් බාර් එකට දැම්මා. එයින් එකකට කෙටුවාම, ඔය පේනවා වගේ "ගහක් පැලවෙලා" පෙන්නනවා, ඇතුලෙ ඉන්න කස්ටියව. වැඩේ සාර්ථකයි, කියන්නත් බැරි කමක් නෑ.
මම කලේ මොකක්ද කියන එක, එච්චරම අදාල වෙන එකක් නෑ. සමහර විට, මගේ ක්‍රමයට වඩා ලේසි ක්‍රමයක් ඔහෙලම හොයාගන්නත් ඉඩ තියනවා. එහෙම වුනොත් මටත් කියන්න, ඈ? කුහකකමට නොකියා ඉන්නවා කියල හිතන්න එපා. කමෙන්ට් කරන්න, පෝස්ට් එක බලන්නවත් අවශ්‍යම නැති කොට, මොකටද මේ අනවශ්‍ය මහප්ප්‍රාණ, නේද?
ඒත් කාටහරි අවාසනාවන්තයෙකුට, ඕනෙමයි කියල කියනව, නං කොමෙන්ට් එකක දාන්න, මම කියන්නං අටවන මාටින් ක්‍රමවේදය. ඔහෙල දන්නෙ නෑ නේද අටවන මාටින් ගැන? හ්ම්..... මම හිතුවා, දන්න හෝතම්බුවෙක් නං, මලාට උන්දැගෙන් උපදෙස් ගන්නෙ නෑ.
මෙන්න මේකත් හොඳ විකල්පයක්: http://alastria.com/software/7stacks/
ඉනුත්‍ය මේකිට්ලස්?
ReplyDeleteඔය අපබ්‍රංශ කියල ප්‍රා හදන්නෙ මේ මනුස්සයව තවත් අමාරුවෙ දාන්නද. හැක්..
Delete@Praසන්ன,
Deleteනේප්ලිං ! ඉරික්සු, අන්ක්ෆීල් (බේජ්‍ර ) හ්වෙට්?
@ ප්‍රාජේ
Deleteමම හුදී ජනයා ගැන හිතලම, ටැක්නිකල් විස්තර කප්පාදු කරලා, ප්‍රශ්ණෙ සහ විසඳුම විතරමයි ලිව්වෙ. අම්මපා, එහෙම කරලත් නිවනක් නැති හැටි?🤔😊
විදේශීය දිවෙන් කතා කරනව කියන්නෙ , මේකට වෙන්ටෑ? හහ්, අපි සැලෙයි ඔව්වට? කවුරු හරි පිංවතෙක්, දුන්නා අයිඩියා එකක්? කාටද ආඩම්බර. මගෙ මොලේ නං කුරුවල් වෙලා තියෙන්නෙ, දැන්?😒🦉🐶
@Praසන්ன
Deleteඋන්දෑ හරි දස්සයි, එහෙම උදව් කරන්න. මාව යැව්වා මූණු පොතේ "මහසෝනෙක්ව" හොයන්න. අප්පට හුඩු, ගිහින් බැලින්නං, එතන මහසෝන්නු කෝටියයි. මට පෙනිච්ච විදිහට ඔලුව රිවස් වුනාට,වේළුසුමනට වඩා ජනප්‍රියයි මහසෝනා.
හැමදාම මං බැනුං අහනවා පෝස්ට් කියවන්නෙ නැතුව කමෙන්ට් කරනවා කියල. ඉතිං අද පෝස්ට් එක හොඳට කියවල තේරුන විදිහට පෝස්ට් එකට ගැලපෙන ප්‍රස්නයක් ඇහුවා. මේ ප්‍රබූ බස්තුමාලට මොනව කරත් මදිනෙ.
Deleteහරි තව සිම්ප්ලිෆයිඩ් කරල අහන්නද
ඉට්සා බූප්ටිං නමිනොව්ස්/පේහ්ලාටෝ??
Link to RJ emailed
Deleteතෑන්ක්ස් උතුමාණෙනි.
Deleteබයිසිකල් පැදිල්ලක් ගැන කිව්ව නිසා, මට හිතෙන්නෙ, එයා ඉන්නෙ නගරෙන් උතුරට වෙන්න තියෙන වයිට්-නේබහුඩ් එකක කියලයි. ඉස්සර මෙහෙත් හිටියලු සුද්දො. ප්‍රසිද්ධ හොලිවුඩ් විකට නලුවො දෙන්නෙක්ම, හැදුනෙ මේ සාවියෙ. අනේ ඉතිං අපේ කස්ටිට ආවාම සුද්දො ගං-රටවල් දාලා, ඈතට ගියාලු. එතකොට අපේ උන්දලා, එහාටත් ආවලු. සුද්දො "#$$**&#**" කියලා, උතුරු කෙලෝරටම ගියාලු.
ප්‍රා ජේ ට උතුර දකුණ මාරු වෙලාද ? වැස්සට තෙමිලද
Deleteනෑ, නෑ එහෙම මොකුත් වෙලා නෑ. ඔය ටැක්නිකල් පෝස්ට් එකක් දැක්කාම, එයා සතුට ප්‍රකාශ කරන සාමාන්‍ය විදිහ.😂😊
Deleteමුගේ ඇප්පලට කෙලවූ බිල්පත් ගේට්ටුවා හෙලා දකිමු. ඔවු, ඉඳගෙන.
ReplyDeleteබුරා වංගියක් කිව්වා, යනවා කියලා ගේට්ටු ගෙදර කාගෙද තට්ටෙ පලන්න. මටත් දැන් ටික, ටික තේරෙනවා, ඒ ඇයි කියලා.🤔😒
Deleteමට තුවක්කුවක් ගන්නෝන; උන්ඩෙ හිතන එකාට ගිහිං වදින!?
ReplyDeleteමැසින්-ගන් එකක් හරි යන්න ඉඩ තියනවා. බර්ස් එකක් ගැහැව්වාම. කොලැටරල්-ඩැමේජ් වුනාට, අවශ්‍ය එකාටත් එකක් හරි වදින්න ඉඩ තියෙන නිසා.🤔😂🤣
DeleteWindows 10 වල ටයිල් ගෘප් config file එක තියෙන්නෙ XML විදියට වුනාට, Windows 11 වල ඒක තියෙන්නෙ JSON file එකක් විදියට ලු. මෙන්න මෙතැන තමා එහෙම කියලා තිවුනෙ.
ReplyDeletehttps://www.petervanderwoude.nl/post/customizing-the-start-menu-layout-on-windows-11-devices/
XML -> JSON convert පාරක් දාගෙන බැුලුවොත් හරි යයි ද දන්නෑ?
JSON කතාව කලින් දැක්කට, මෙතන හොඳ විස්තරයක් තියනවා. ස්තූතියි.
Deleteඒත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙන්නෙ නෑ, වින්ඩෝස් 11 වල ටයිල් ගෘප් සපෝට් නොකරන නිසා. දැනට, Standalone Stack වලින්, මට අවශ්‍ය දේ කෙරෙනවා. මැටි වුනත් මොකෑ මීයො අල්ලනවා නං?🤔😊
ඇප්ස්/ටයිල්/අයිකන් ගෲප්ස් වල වටිනාකම මොබයිල් OS, MacOS පවා වටහාගෙන තියනවා වගේම ඒ පහසුකම සපයලා තියනවා. මෙන්න ගේට්ටු ගෙදර ක්‍රමය:
අපි දන්නවා, ටයිල් ගෘප් ජනප්‍රියයි සහ වැදගත් කියලා. ඒ වුනාට, දෙන්නෑ තොපිට. දෙන්නෑ විතරක් නෙමෙයි, ඒකට විකල්පයක් දෙන්නෙත් නෑ. කොටිම්ම "ඩ්‍රෑග් ඇන්ඩ් ඩ්‍රොප්", සුම්මා, වානා.
දැන් සතුටුයිද ජෝනා? සන්තෝසයි වැන්දබෝනා!
++++++++++++++++++
ReplyDeleteගූගලයා වැටවල් වලට කැමති නැත්ද කොහෙද? ස්පෑම් වලට දාලා.😂
Deleteස්තූතියි.🙏👌
වැඩ බස්පො. දැන් වැඩ අහවර හින්ද කියවන්නට ආව!.... අරෙහෙ ගීත පොස්ටු යනවා. බැස්සත් වැඩේට සෙට් වෙනවයි..?
Delete+++++++++++++++++ලිස්සල යනවා පස්සේ එන්න
ReplyDeleteආ ඒකට මොකෑ? නිවාඩු වෙලාවක එන්න බැරියෑ?🙏👌
Deleteආවා , ආව , අයි ෆෝන් එකේ ඇරෙන්න ගෘප් කරලා වෙන කොහෙවත්. වැඩිය ඇප් දාගන්නේ නැහැ දැන්. ජනෙල එකොළහට නම් යන්න හිතන්නේ වත් නැහැ දැන්ම.
Deleteදැන්ම ගියයි කියලා ඇති විශේෂයක් නෑ, කරදර මිසක. අලුත් OS එකට පුරුදු වෙන්න ඕනෙ නිසයි මම ගියේ.
Deleteඅටවන මාටිං 'අටුව කඩා පුටුව හැදූ' කෙනෙක් වගේ වෙලා.
ReplyDeleteනිදීගෙ කලින් පෝස්ට් එකක බස්සා දාපු විඩියො එක ගැන කවුරුත් කමෙන්ට් කරලා තිබුනද, අර lying flat ගැන.
කමෙන්ට් කරන්න තියා, වෙන කවුරුවත් බැලුවයි කියලවත් මම හිතන්නෙ නෑ. lying flat වගේ දෙයක් ගැන සාකච්චාවකට, වේදිකාවක් තනාගන්න අමාරුයි.🤔
Deleteඅටුව කැඩුවෙ, ජනේල ගෙදර කට්ටිය. මම කලේ පුටුවෙ, කැඩිච්ච කකුලක් හදන්න ට්‍රයි කරපු එක විතරමයි.😂
// නිදීගෙ කලින් පෝස්ට් එකක බස්සා දාපු විඩියො එක ගැන කවුරුත් කමෙන්ට් කරලා තිබුනද, අර lying flat ගැන //
Deleteඒ මොකක්ද ඒ?
// lying flat වගේ දෙයක් ගැන සාකච්චාවකට, වේදිකාවක් තනාගන්න අමාරුයි //
ඇයි මේ තියෙන වේදිකාවට හෙණ ගහලය?
http://nidigepanchathanthare.blogspot.com/2021/11/blog-post.html?showComment=1636082123473#c1344453336246446942
Deleteතාම නං ගැහැව්වෙ නෑ. ඒත් ඔව්වා කතා කරන්න ගියොත් ගහන්න වුනත් බැරි නෑ.🤔😂
Diogenes the Cynic, Taoism වගේ බැරෑරුම් මාතෘකා කතා කරන්න ගිහින් මං දන්න බස්සෙක් මලා.🤣
Lying ??? Hmm
Deleteහෙහ්. හෙහ් මට හිතාගත්තෑකි, හිතට ආව දේ. ආතල් කැඩීම ගැන, සමාවෙන්ටෝනැ, ඒත් මේක වෙනමම lying flat එකක්.😂🤣
Deleteඒක ගැන පොස්ට් එකක් දැම්මනම් අනිත් අය අදහස් කියයිනෙ.
Delete'ඇයි මේ තියෙන වේදිකාවට හෙණ ගහලය?' ඒකනෙ. හොඳ වැඩේ බස්සට පණ්ඩිතකම් කියවන්න ගියාට.
හොයන්න යනවා
DeleteThe Extreme 996 Work Culture in China | 996/007 How Chinese Young People Work Nowadays
Deletehttps://www.youtube.com/watch?v=i-6Yiz3_wkY
මොකක් හරි වෙලාවක කුනුහරුපයක් හිතට ආවත්, මම සාමාන්‍යයෙන් ඒක කියන්නේ නෑ!
ReplyDeleteහෑ, ඒ බැන්නෙ මට නෙමෙයි නේද?🤣😂
Deleteනිදිට ප්‍රශ්ණයක් වෙන්න විදිහක් නෑ, අපිට වගේ ඉත්තෑ අමාරුවක් නැති නිසා.🤔
අටවන මාටින්, මේං මේකත් බැලුවනං..
ReplyDeletehttps://youtu.be/MtdupS0gRt0
ජපන් සංස්කෘතියේ බොහෝ දේ මම අගය කරනවා. ඒත් ඒ polite, orderly, well behaved සමාජයේ නොගැලපෙන දෙයක් තමා toxic work culture. මේකත් චීනෙ Jack Ma ගෙ 996( 9am-9pm, 6 days a week) වගේම තමා. නිත්‍ය වශයෙන් cyber-café පදිංචි නූනත්, සතියෙ දිනවල cyber-café වල රෑ ගත කරල, සති අන්තෙ විතරක් ගෙදර යන, තරුණ පරම්පරාව ගැනත් වීඩියෝ බලල තියනවා. පිටින් නොපෙනෙන ප්‍රශ්ණ, මේ සමාජවල තියෙනවා.
DeleteLife in a Coffin Home
ඒක දරුණු ඛේදවාචකයක් එක පැත්තකින්. තව පැත්තකින් මිනිස්සු පාරිභෝජන භාණ්ඩ අඩු , ලොකු ගෙවල් නැති , අභ්‍යවකාශ යානයක ඉන්න පුළුවන් ජිවත වලට හුරුවෙනවා. දෙකෙන් මොක හරිද කියන්න බැහැ. හැබැයි අපි වගේ අය අවුරුදු තිහක් විතර ධනවාදී එංගලන්තේ ජීවත් වෙලත් තවම සෝවියට් දේශයට කැමති ඇයි කියන එකේ පිළිතුරත් ඔතන තියනවා. (මම කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා). එංගලන්තේ තනියම ලොකු ගෙවල් ඇතුලේ මැරෙන මිනිස්සු මම දැකල තියනවා. සෝවියට් දේශයේ අඩුවෙන්ම උන දෙයක්. මිනිස්සු හැම වෙලාම පොඩි කණ්ඩායම් හරි එකට හිටියේ
Delete@බුරා
Deletehttps://kolambagamaya.blogspot.com/2021/11/blog-post_15.html
මඟ දිගට යාපනේ, ලස්සන පෝස්ට් එකක් දාලා.
ReplyDeletehttps://magadhigatayapane.blogspot.com/2021/11/4.html