ඉස්සර කාලෙ අපේ අයගෙ ජීවන රටාව බොහොම සරලයි, සැහැල්ලුයි කියල කියනවනෙ. සමහර විට කෘෂි කර්මාන්තය ප්රධාන ජීවනෝපාය වෙච්ච කාලෙ එහෙම වෙන්න ඇති. යුරෝපය කාර්මික යුගයට ගිය කාලෙ, අපේ යටත් විජිත කාලේ මේක වෙනස් වෙච්ච බවයි පේන්නෙ. කුඹුරක් හේනක් කොරාගෙන කමත් කයියක්, පැල්කයියක් කියාගෙන හිටපු අපේ ඇත්තො, ධන නිධාන හොයාන බිං හාරන්න ගත්තා. පරම්පරාවෙන් ගොවියෝ වෙච්චි මගේ මුතුන් මිත්තොත් බෝගල මිනිරං පතලෙ වැඩට ගිහින් තියනවා.
වැඩ කරන අයගේ ආරක්ෂාව සත පහට ගිය ඒ යුගේ, පතල් කර්මාන්තය සෙල්ලමක් වෙලා නෑ. ඒ මොන දුක වින්ඳත් එයාල කවි කියලා ඒ දුක විඳ දරා ගෙන තියනවා.
වැඩ කරන අයගේ ආරක්ෂාව සත පහට ගිය ඒ යුගේ, පතල් කර්මාන්තය සෙල්ලමක් වෙලා නෑ. ඒ මොන දුක වින්ඳත් එයාල කවි කියලා ඒ දුක විඳ දරා ගෙන තියනවා.
සොල්දර උඩට දබරේ වාසනා වන්
දබරේ උඩට දම්වැල් වාසනා වන්
දුප්පත් අපට පතලේ වාසනා වන්
ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පුරුවේ කල පවට
යන්නෙත් කවදාද මව්පියෝ දකින් නට
ගමේ ජීවත්වන තම ආදරවන්තිය ගැනත්, ඒ වගේම ගමේ තාලෙ රස කෑම වේලක් හැනත් දුප්පත් පතල්කරුවා දවල් හීන දකින්න ඇති.
වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන් කකා
පණම් විස්ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා
මහන්සි වී වැඩකිරීම නරක දෙයක් ලෙස මං දකින්නෙ නෑ. ඒ අයට "ජිම්" යන්න ඕනෙ නෑ. සැප, දුක එකම කාසියක දෙපැත්ත ලෙසයි මං හැමදාම දකින්නෙ. දුක් විඳපු කෙනක් තමයි, සැප නියම විදිහට රස විඳින්නෙ. බඩගින්නෙ හිටිය කෙනක් තමයි, රස කෑම වේලක අගය දන්නෙ.කොච්චර රස කෑම උනත් හැමදාම කන කොට එපා වෙනවා. ඒ වගේම සරලම කෑමක් උනත් ඉඳලා හිටලා කන කොට අගේ වැඩියි. අපේ පතල්කරුවාගේ "staple diet " එක වෙච්චි කරවල අද මට "luxary" කෑමක් වෙලා තියෙන්නෙ ඒකනෙ.
දැං මේ තියරි එක පවුල්-පන්සල් වලට ආදේශ කරලා හොර කොටු පනින්න ලෑස්තිවෙනවා එහෙම නෙමෙයි. ඒක අදාල කෑමට විතරයි. අපි හිතමුකෝ, පරිප්පු කියලා - හී..හී.. ඒක අපේ ජාතික ආහාරය නෙ, අර අපි හැමදාම, කොහේ ගියත් කන එක. ඒක උනත් වෙනස් විදිහට හදන්න පුලුවන් නෙ. එක දවසක බෙරි කරනව, අනිත් දවසෙ රොස් කරනව. නෑ, නෑ, එක දවසක තෙම්පරාදු කරනව, අනිත් දවසෙ හොදි හදනව. පරිප්පු වර්ගෙ මාරුකරන්නත් පුලුවනි, කඩල පරිප්පු, මයිසූර් පරිප්පු, මුං පරිප්පු වගේ. දැං තෙරුනානෙ කතන්දරේ, විවිධත්වය තමයි, රහස. ඒත් ඔය මොන පරිප්පුව ගෙනාවත් රොස් කරලා දෙන, දස්ස කට්ටිය ඉන්නවා. එයාලගෙ නලලෙම ගහල තියනවා "You name it, We 'ross' it " කියලා.
හැමදාම රොස් පරිප්පු, අඟුරු වෙච්ච මාලු කාපු අය, සති අන්තෙ යාළුවෙක් උයන කෑම කාලා පස්වනක් ප්රීතියෙන් පිනා ගියා කියලා ආරංචියක්, මැලිබන් හංදිය පැත්තෙ ඉඳලා ආපු පක්ෂියෙකුගෙන් අහන්න ලැබුනා.
මං මේ කියනවට, නිකමට සති අන්තයක මහන්සිවෙලා ගෙදර, වත්තෙ පිටියෙ වැඩක් කරලා බලලා, තේකක් බීලා, කෑම වේලක් කාලා බලන්නකො.
මගෙ කට කහනවෝ.. මං මුකුත් කියන්ටදෝ එපාදෝ.. :p
ReplyDeleteඕං ඔහේ කියලම දැම්ම නං, මුදලි තුමෝ. Better out, than in කියනවනෙ.
ReplyDeleteසමහරු අනුන්ගේ බ්ලොග්වලට ගිහින් මඩ ගහනවා. තවත් සමහරු බ්ලොග් ලියලා අනුන්ට මඩ ගහනවා. අනේ ඉතින් මේවා කාට නම් කියන්ටද?
ReplyDeleteඔව්! ඔය මුදලිතුමා එලියට දැම්මානං බලන්ට ඔය කට ඇතුලේ හිරවෙලා තියන එව්වා.
//මුදලිතුමා එලියට දැම්මානං බලන්ට ඔය කට ඇතුලේ හිරවෙලා තියන ව්වා.//
ReplyDeleteහැලප බොලේ, හැලප. හිර වෙලා ඇත්තෙ මං උන්දැගෙ කටේ ඔබපුවා
කට කහනවා නම් මිරිස් ටිකක් කන්ටකෝ නෝටි කතා කියන්නෙ නැතිව.
ReplyDelete