Wednesday, June 30, 2021

වින්ඩෝස් 10 නැතුවම බැරි ආවුද

වින්ඩෝස් 11 bandwagon එකට පනින්න කුරුමානං අල්ලන්න ඉස්සෙල්ලා, මට හිතුනා දැනට තියෙන අටමඟුල(Windows 10) වඩා සුසර කරගත්තොත් නරකද කියලා? Windows 10 වල සමහර ප්‍රශ්ණ, උපන්ගෙයි දෝෂ. එව්වා අපට තියා, පැන්සොං ගිය ගේට්ටුවා මහතාටවත් හදන්න බෑ. ඒත් මං මේ කියන්න යන්නෙ, සැහැල්ලු ඒත් ප්‍රයෝජනවත් යුටිලිටි ඇප්ස් ගැන.

මේක එක්තරා ආකාරයක බෙදා-හදා ගැනිල්ලක්. මා ගාව තියන ඒවා මං කියඤ්ඤා, ඔහෙල ගාව තියෙන සැට් එක කොමෙන්ට් වල දාන්න ඈ? 

1. Keyman DeskTop 14.0  - completely free

තනි ඇඟිල්ලෙන් සිංග්ලිෂ් කොටන, හුදී ජනයාට මේක ජීවිත ආරක්ෂණයක්. මේක දාගෙන Sipon Phonetic Sinhala Keyboard එකත් එක්ක හාමු කරල, ෂෝට්-කට් කී එකක් දාගත්තාම, වෙන ආයෙ මොනවද?

2. QuickLook - මම Windows Flie Explorer එකේ preview pane එකට බොහොම කැමතියි. ඒත් වින්ඩෝස් ඉස්ටෝරුවෙ QuickLook ඇප් එක වෙනම ගේම් එකක්.  Flie Explorer එකෙන් අදාල ෆයිල් එක හයිලයිට් කලා, ස්පේස් බාර් එක එබුවා, එච්චරයි. වීඩියෝ, නොයකුත් පිංතූර ෆෝමැට්, Text, PDF ඕන එකක් පෙන්නනවා. මතක ඇතුව, GitHub page එකට ගිහිල්ලා, Office Viewer සහ EpubViewer Addon දෙකත් දාගන්න. දැන් ඉස්සර වගේ පිංතූරයක් ෆුල් ෆ්‍රේම් බලන්න ( ඔව්, ඔව් නෝටි පිංතූර තමා, ඇයි අවුල්ද?) නටන්න ඕනෙ නෑ

3. ඊළඟ එක Jarvis . MacOS වල spothlight  එක වගේ එකක්. Windows search තියනව නං තමා, ඒත් ......මේක සර්ව සම්පූර්ණ නැතිවුනාට ඊට වඩා නං හොඳයි. MIT එකෙන් එන එකක් නෙව, නරක වෙන්නෙ කොහොමද?

4. මම ඉස්සර පාවිච්චි කලේ WinDirStat. ඒත් ඒක දැන් තවදුරටත් අප්ඩේට් වෙන්නෙ නෑ. හොඳ වුනාට, හරිම ස්ලෝ. තාම තියාගෙන ඉන්නවා, ඒත් දැන් පාවිච්චි කරන්නෙ WizTree. නිතරම අප්ඩේට් වෙනවා වගේම, පටස් ගාලා ලෝඩ් වෙනවා. අපි හැමෝටම සමහර වෙලාවට හිතෙන දෙයක් නෙව " හෑ, ගිය සුමානෙ යස අගේට ඉඩ තිබ්බා නෙව? මොකාද යකඩෝ මගේ හාඩ් ඩිස්ක් එකේ ඉඩ ඔක්කොම කාපු බූතයා" කියලා. ආන්න ඒක බලාගන්න . කියාපු භාණ්ඩෙ තමා මෙයා.

Bonus: NotePads , EasyOffice සහ OnlyOffice 

අදට ඔය ඇති. සෙස්ස පස්සට. හා, දැන් බලලා හොර බළල්ලු වගේ ලුහුටලා යන්නෙ නැතුව, මොන හත්තිලව්වක් හරි ලියපල්ලා.

33 comments:

  1. ඒගොල්ල ඉන්නෙ කාමරේක බිත්තිය ඇතුලෙද කොහෙද නේද ?
    ඒ ගෙදර ඉන්න බල්ලා දකිනවා. මිනිහට දකින්න බෑ. තව යෝධයො වගයකුත් හිටියා නේද?

    බලන්න ඕනෙ ගූග්ල් කරලා. ස්තුතියි මතක් කලාට.

    ReplyDelete
  2. thanku Bakamoono, WizTree නියම භාණ්ඩයක්ne, පරණ නාකි ගහ ඒපාveලා හිටිye

    ReplyDelete
    Replies
    1. Oහේගෙ Keyබෝඩ් එkaට Moකක් හri Weලා. Heක්..

      Delete
    2. ඒක අලුත් ඉට්ටැයිල් එකේ කීබෝඩ් එකක්. බාසා දෙකෙන්ම එකපාර වදිනවා. ඔහෙටත් ඕනය එකක්?

      Delete
    3. @ඇණයා
      ප්‍රයෝජනවත් වීම ගැන සතුටුයි. ඒත් ස්තූතිය යන්න ඕනෙ, මේවා ඇප්ස් හදලා නිකං දෙන අයටයි.

      @ Praසන්ன

      මේක දැකලා හොඳට ලේ පිරිසිදු වුනා😂

      @ බුරා
      එයැයි ගාවත් එහෙම කීබෝඩ් එකක් තියනවා. ඒකෙ බාසා තුනෙන්ම එකපාර වදිනවා.😊

      Delete
  3. ඇයි ප්‍රාජේ අමුතුවෙන් Google කරන්නෙ? ඔය උඩ මම ලින්ක් දාලා තියෙන්නෙ YouTube videos වලට.

    ReplyDelete
  4. Yes, thank you, checked those. I like reading text part of stuff too. After watching a movie, if i have the time, I google it. Happens quite often.

    ReplyDelete
  5. මමත් කරන වැඩක්. පොතක් එහෙම කියවනකොට ඔය නොදන්න ගන් එකක්, වාහනයක් වගේ දෙයක් ගැන තිබුනොත් ඒ වෙලාවෙම ගූග්ල් කරලා බලනවා.

    ReplyDelete
  6. ඉස්සර අයිතිහාසික නවකතාවක් කියෙව්වාම ඒ පීරියඩ් එක ගැන ඉතිහාස පොතක කියවනවා.
    දැන් ගූග්ල් තමයි. කියවන ගමනුත් අවශේෂ චරිත, ආයුධ, සත්තු, ගොවිතැන් , මෙශිනරි, නගර , සිතියම් ඔක්කොම ගූග්ල් කරනවා. ඉතින් පොත ඉවර වෙන්න දවස් ගාණක් යනවා

    ReplyDelete
  7. හැබැයි ලඟදි ආයිත් පොතක් රිෆර් කලා , වෙන පොතක් කියවීමෙන් පස්සෙ.
    බුර්තුමා කැමති වෙයි. ජෝන් ජේම්ස් ගේ වෝටාන් පොත කියවලා පස්සෙ නෝර්ස් මිතොලොජි පොතක් සම්පූර්ණයෙන්ම කියෙව්වා

    https://www.goodreads.com/book/show/1741345.Votan

    ReplyDelete
  8. මා දන්නා දේ ගැන ලියමි!
    අඩුවෙන් දන්නා දේ ගැන අඩුවෙන්ද නොදන්නා දේ ගැන ඉතාමත් අඩුවෙන්ද ලියනාතර නොදන්නාම දේ ගැන නොලියාම සිටින්න්නෙමි.

    මේ පහතින් දැක් වෙන්නේ ඔබගේ අනර්ඝ පෝස්ටුව වෙනුවෙන් මා ලියන ලද කොමෙන්ටුවයි:- ...............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................!

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් ඔය ලියල තියෙන්නෙ යස අගේට. 😊
      මේකෙ සිංහල කොටන්න පාවිච්චි කලේ විජේසේකර කීබොඩ් එක වෙන්ටෑ? Keyman ඕනෙ වෙන්නෙ, අපි වගේ අවශේෂ හුදී ජනයාට විතරයි.

      Delete
    2. තට්ටයා මහතා හොඳටෝ...ම කරලා.

      ටෙක්නිකල් කිව්වට කවුද හිතුවෙ දෙය්යනේ මෙච්චර ටෙක්නිකල් කියලා. මම නම් වැඩියම කැමති මිනිස් සම්බන්දතා, චර්යා ගැන පෝස්ට්ස් වලට (ඉට් ඩස්න්ට් මැට', හූ කෙයාස්). මේකෙ තියෙන ඉස්සර පෝස්ට්ස් කියවලා බලන්නම් හිමින් හිමින්.

      Delete
    3. හෑ, හැබෑටම යුටිලිටි ඇප්ස් තුන-හතරක් දාගන්න කිව්වාම මේක ටෙක්නිකල් පෝස්ට් එකක් වෙනවද? එතකොට, Windows Subsystem for Linux(WSL) ගැන ලිව්වොත්, ඒකට මොකක් කියලද කියන්නෙ?

      ඇත්ත, මටත් දැන් හිතෙනවා සාමාන්‍ය "පඳුරු තලන" පෝස්ට් හොඳයි කියලා. පරණ පෝස්ට් බැලුවට නං කාරි නෑ. ඒත් බස්සන් අතර selective memory loss disorder හරිම සුලභයි, විස්වාස නැත්නම් අහන්නකො අපේ ප්‍රාජේ ගෙන්.

      Delete
    4. නෑ ඉතින් මන් පොඩි අතිශෝක්තියකින් කිව්වෙ. ඕනෙ දෙයක් ලියන්න. මිනිස් සම්බන්දතා කියලා මම අදහස් කලේ පඳුරු තැලීම නම් නෙවෙයි. විවිධ කෝණ වලින් බලන්න පුලුවන් දේවල්.

      Delete
    5. පෙරහැරේ යනකොට පෙරහැර පේන්නෙ නැති නිසා, පාඨක ප්‍රතිචාර වටිනවා. අනික, බලන, කමෙන්ට් කරන නිසා තමයි මෙහෙම හරි ලියන්නෙ.

      Delete
    6. //මිනිස් සම්බන්දතා කියලා මම අදහස් කලේ පඳුරු තැලීම නම් නෙවෙයි. විවිධ කෝණ වලින් බලන්න පුලුවන් දේවල්//

      මෙවුවට කියන්නෙ නෙළුම් නෝනෙ මිනිස්-පරිගණක සම්බන්ධතා කියලා. Human-computer interactions. මෙවුවා දිහාත් විවිධ කෝණවලින් බලාන්ට පුළුවන් නෙවැ.

      Delete
    7. Buratino: ඒකත් ඇත්ත. Human-computer interactions-sounds like interesting stuff. සමාවෙන්න අද තමයි ආපහු මේ පැත්තෙ ආවෙ.

      Bassa: thanks for appreciating.

      Delete
  9. බුරාට බොහොම ස්තූතියි Fraggle Rock සහ Doozers ලින්ක් වලට. දෙකම බැලුවා, අදටත් කැත නැතුව රසවිඳින්න පුළුවන්. ඒකෙන්, මට ආයෙ මපට් ෂෝ හොයන්න උනන්දුවකුත් ආව.

    ReplyDelete
  10. ප්‍රාජේ,

    කියවන කොටම, අවශේෂ චරිත, ආයුධ, සත්තු, ගොවිතැන් , මෙශිනරි, නගර , සිතියම් පොතම පෙන්නන පොතක් තියනවා නං, මටත් සලකා බැලුවෑකි. එක්කො, ඒවගේ පොතක් එනකං ඉන්නවා.

    කොහොම නමුත්, පොතක් නියම විදිහට රසවිඳින ක්‍රමවේදය කියා දුන්නාට ස්තූතියි.

    ReplyDelete
  11. If you like Nordic mythology, you'll enjoy this web comic PraJay. It's an ocean of Nordic mythology. Even the comments are highly edutaining.

    Stand Still Stay Silent

    This is also a web comic based on Nordic mythology, from the same author.

    A Redtail's Dream

    ReplyDelete
  12. Thanks so much. Recently read a Marvel comics series in which almost all the pantheons come together - Greek, Roman, Norse, Norse, Hindu, Japanese, African, south american, etc. Even Inuit !

    ReplyDelete
  13. තට්ටයා මහතාගේ උපදෙස් අනුව නං කියන්න ඕනා .................................! කියලයි, ඒත් "ජම්පින් ද ගන්" බස්සෙක් විදිහට "Norse, Norse" කියල ලියල තියෙන එක, නොදැක්කා වගේ ඉන්න අමාරුයි අප්පා. අපේ ගුරුතුමෙක් හිටියා, උන්දැගෙ නම "නෝස්වර්දි"

    ReplyDelete
  14. බෑ බෑ බෑ බෑ ඉවසන්නට බෑ
    ඔක්කොම හුටපට හිතාගන්න බෑ
    මේවා ලහියෙන් දැන ගන්නත් බෑ
    ලණු කනවා නං කොහු...(කියලත්) බෑ

    ReplyDelete
    Replies
    1. අහලා බලන්නම් keyman ගැන, දැන් නං singlishවලින් (google input tools) කොටන්නේ. එච්චර අවුල් නෑ. බ්ලොගය කරන්න ගත්තට පස්සෙයි මේ සේරම හුරු වුණේ....

      Delete
    2. මමත් කාලයක් google input tools පාවිච්චි කලා, මොකක් නමුත් හේතුවක් නිසා Keyman සහ Phonetic Sinhala වලට මාරු වුනා.

      Delete
  15. අපි නහය නෑ නෙව, ඒකට කියන්නේ "හොට දානවා" කියලයි.😂

    ReplyDelete
  16. ප්‍රා ජේ තුමා උඩ කියා තියෙන විදිහට හාත්පස වපසරියත් එක්ක පොත් කියවීම සඳහා ඉස්සර පොත්වල අගට ගැටපද විවරණය සහ ටිප්පණියක් එකතු කිරීමේ සිරිතක් තිබුණා. මම කියවපු, ආතර් සී ක්ලාක් ගේ “ගැඹුරු මුහුද“ පොතේ අගට ඒ වගේ ඉතා දීර්ඝ ටිප්පණියක් තිබුණා.

    ReplyDelete
  17. අර කීමෑන් නං හොඳටෝම ප්‍රෙයා්ජනයි. අනික් ටිකත් කරල බලන්නං. පට්ට ඈ.

    බයි ද වේ, කීමෑන් ඇඩෝබි වලට හරි යයිද?

    ReplyDelete
    Replies
    1. ඔව් කීමෑන් මටත් ලයිෆ් සේවර් එකක්. මගේ හොට්-කී එක Cntl+S. ඇන්නා ඒකට සිංහල, ආයි ඇන්නාම ඉංග්‍රීසි. ටිකක් පුරුදු වෙනකන් "අං. අඃ " වගේ අකුරු හොයන්න, සිංහල කී-මැප් එක පෝස්ට් එකේ අගට ඇමිනුවා

      ඇඩෝබි කියන්නෙ අමුතු සතෙක්, සිංහල ඇලපිලි, පාපිලි වලට මනාප නෑ. ගූගල් කරල බලන්න, කලම්බු කැම්පස් එකේ ෆොන්ට් කන්වර්ටරයක් තිබුනා, මලිති,මානෙල් වගේ ෆොන්ට්, ඔක්කොම ඇඩෝබි වලට හරවන. දැන් පාවිච්චියක් නැති නිසා, දෙන්න පුළුවන් ටිප්ස් විතරයි.

      Delete
    2. හ්ම්ම්... ෆොන්ට පරිවර්තකය නං දැනං උන්නා. දැනටත් තියෙනව ඒක. කමක් නෑ, මං ක්ෂුද්‍රමෘදු වචන එකේ ටයිප් කරල, ඇඩෝබියට කොපි කරන්නං...

      Delete