Colon cancer කියන්නෙ, මේ සාවියෙ බොහොම සුලභ දෙයක්. ඇයි කියල නං දන්නෙ නෑ, ඒත් ප්‍රතිශතයක් වශයෙන් සුද්දොන්ට වඩා කල්ලො අතර වැඩියි. එහෙමයි කිව්වට colon cancer සාධාරණ හාදයා, බොහොම ධනවත්, බලවත් අයටත් සුදු, කලු බේදයකින් තොරව සලකල තියනවා. බොහොම හෙමින් වර්ධනය වන කැන්සර් එකක් නිසා, නොදැනීම අන්තිම අදියරට වර්ධනය වෙන්න ඉඩකඩ තියනවා. එහෙම වුනොත්, බඩු බනිස්ම තමා.
මෙහෙ නිදහස් සෞඛ්‍ය ක්‍රමය සෑහෙන කාර්‍යක්ෂමයි කියන එක සාධාරණයි. එක ක්‍රමයක් තමා, තැපෑලෙන් එවන කැන්සර් ටෙස් කිට් එක. මම ඕක අවුරුදු ගාණක් නොතකා ඇරියා. ඒත් මෙදා පොටේ, ඕන පු*ක් ප්‍රීති වෙසක් කියල සාම්පලයක් ඇරියා. ආවෙ නැතෑ රිසාල්ට් එක අවුල් කියලා? අවුලා හොල්මන් වෙලා, අඤ්ඤකොරොස් වෙලා ගියා.ජනාධිපතිවරු, සිනමා තරු, ගායක-ගායිකාවො, රැජිණියොන්ට බැස්ටිය දීපු මේ කැන්සරයාට , සඤ්ඤක බස්සෙක් කියන්නෙ නතිං. එහෙන් පවුලේ ඩොකා කතාකරලා බැන්නා, ඇයි ෆෝන් එක ආන්සර් කරන්නෙ නැත්තෙ කියලත්. විෂය භාර වෙදා කතා කරයි, ආන්සර් කරපිය කියලත් කිව්වා. ඕං ඉතිං අසරණ සඤ්ඤක පක්සියා එදා හිටන් ෆෝන් එකේ වයිබ්‍රේශන් ඔෆ් කරලා, ෆුල් ඇලට් එකේ හිටියා. ආවා කෝල් එක සඳුදා පාන්දර. උදේට තාම කෑවෙ නෑ කිව්වම, කිව්වා හෙට 12.30pm එන්න කියලා.
හපෝයි විඳපු දුකක්! දවස් එකහාමාරක් කෑමක් නෑ. ඊට හපන් බඩ හෝදන්න දීපු බෙහෙත. යනවා යෑමක් වක්කඩ කැඩුව වගේ, තනිකරම යන්නෙ වතුර. අපාරාදෙ කියන්න බෑ, හෝතම්බුවා මාව එක්කන් ගියා ක්ලිනික් එකට. ප්‍රයිවෙට් කිලිනික් එකක්, ගෙවීම ආණ්ඩුවෙන්. මෙහෙ හන්දි ගානෙ චැනල්
මාපිල්ලු නෑ, ප්‍රයිවෙට් ලැබ් , ක්ලිනික් වලින් ලෙඩාගෙන් සල්ලි ගන්නෙ නෑ. එකම වෙනස් දේ දත් දොස්තරලා විතරයි, උන් නං කෙලින්ම ගලවන්නෙ "දත" ම තමා. මම ගිය තැන, බලාපොරොත්තු වුනාට වඩා ඉහල, සුහද වෘතීයමය සේවයක් ලැබුනා. ඇඳුම් ගලවල ලෝගුවක් ඇන්දුවා. කට්ටක් අතට ගහලා, අනික් අතට ප්‍රෙෂර් බලන එක දාලා. දැම්මා ඇඳකට.
දැන් පක්සියා ඉන්නවා, හුඹහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ. ලස්සන නේස් නෝන කෙනෙක් ඇවිත් ඔක්සිජන් බටයක් නහයට දාලා, ප්‍රෙෂර්, ලේ වල ඔක්සිජන් ලෙවල් දෙපාරක් බැලුවා. ඩොකෙක් ඇවිත් කිව්වා, බොට දැන් නින්ද යයි, ඇහැරෙන කොට ගේම ඉවරයි කියලා. තව ඩොකෙකුත් ඇවිත්, නේස් නෝනෙත් එක්ක බස්සව පැත්ත පෙරලුවා. කියන්න ලැජ්ජයි මහත්වරුනි, බකුසු පස්ස එලියෙ. පලවෙනි ඩොකා මොනවද විදිනව විතරයි මතක.
ලස්සන නේස් නෝනෙ, චට පට ගාලා කම්බුලට ගහලා බස්සව ඇහැරෙව්වා. ඔහෙලට කියන්න, ගෙදර බුදියෑව්වට වඩා සනීපෙට නින්ද ගිහින් තිබුනා කියහංකො. ඩොක්කු දෙන්නගෙන් එකෙක් ඇරියා කියල නං බුදු ෂුවර්. මම හිතාගෙන හිටියෙ, බලන එක විතරයි කරන්නෙ කියලා. උස ඩොකා ඇවිත් කිව්වා, කැන්සර් නෑ, ඒත් තිබිච්ච කුඩා ගැටිති දෙකක් අයින් කලා කියලා. ඒ ගැටිති පසු කාලෙක කැන්සර් වලට වර්ධනය වෙන්න ඉඩ තියෙනව කිව්වා. ආයෙ අවුරුදු පහකින් එන්න කියලත් කිව්වා.
මම එන ගමන්, ලස්සන නේස් නෝනෙට කිව්වා " මම ආයෙ අවුරුදු පහකින් ඔයාව බලන්න එඤ්ඤං " කියලා. එතකොට අනිත් නේස් හයියෙන් හිනාවෙලා කිව්වා " Then, it's a date" කියලා. ඩොකා මට කන්න එපා කියල කිව්වෙත් නෑ, මම ඇහැව්වෙත් නෑ. ගෙදර ඇවිත් ඇදලා ඇරියා ඉඳි ආප්ප, පූරි, වඩේ පාරක්. පස්සෙ තමා ඉන්ටනෙට් එකෙන් බැලුවෙ. එතකොට මේං කියනවා, සර්ජරි එකට පස්සෙ සැහැල්ලු ආහාර ගන්නලු. අපේ බඩවල් වලට "කමාන්ඩෝ ට්‍රේනින්" දීලා තියෙන නිසාද, කොහෙද බඩ යාන්තං ඤුරු, ඤුරු ගෑවා විතරමයි. බත් කෑවෙ පස්සෙන්දා.
බොලා දැන් කියනව නෙව " ඇහුනම නං කියන්නෙ පස්සා පැත්තෙ අමාරුවක් නෑ කියලයි" වගේ කතන්දර. ඕං , රාළෙ මෙදා පොටේ නං ඒ අමාරුවත් සුවයි, ඈ? බොරුවක්, මුසාවක් කියනව නෙමෙයි, මැඩිකල් රිපෝට් එකකුත් තියෙනවා.
පිදුම: ආයෙ ලියන්න මතක් කරපු "වම්හ"ට
|
ඇත්තමයි, සාලාමි මං කීබෝඩ් එකට විතරමයි කෙටුවෙ!
|
|
ඩ්‍රැකියා වම්හ රියලා |
|
නින්ද තරම් සොමියක් කවියෙකුට වෙන නැතේ
|
|
ගැහුවොත් ගැහැව්වමයි.....
|
|
පුස්තකාලෙමයි කාලය ගත වෙන්නේ.,ඒකයි.. |
|
බෙල්ල බේරා ගන්ට ඇඳපු, නාහෙ වෙනස් ඩ්‍රැකී |
// ඕං රාළෙ මෙදා පොටේ නං ඒ අමාරුවත් සුවයි, ඈ //
ReplyDeleteඔය කිවුවට නිට්ටාවටම සුව වුනාද කියලා කවුද්දන්නෙ? ඩොකාත් කිවුවෙ අවුරුදු පහකින් ආයෙ ටැස්ට් කොල්ලා බලන්ටෝන කියලා නෙව.
බස්සගෙ පස්සට අවුරුදු පහක වොරන්ටි එකක් ලැබිච්ච එකම මඳැ? ඒකෙ එක්ස්ෆයරි ඩේට් කාලෙට, කලින් බ්ලොග් ලියවිල්ල එක්ස්ෆයර් වෙයි නේද?
Deleteඒක ඇරිච්චවෙකො, කොහොමද මගේ කලා හැකියාව. උඹැහෙ, "නාඩාර්" ගොබිලගෙ තට්ටෙ පලන්න යන එකත් අඳින්න අදහසක් තියනවා.🤔
Deleteකලා හැකියාව පංකාදු පහයි තව චුට්ටයි. මල් හතයි පහන් දාහතරයි හඳුන්කූරු විසිඅටයි.
Deleteබොලා මොකෙන්ය මෙවුවා ඇන්දෙ? ග්‍රැෆික් ටැබක් ගත්තය?
අර යටම එකේ ඇණ ගහන්නෙ බුරා ය?
//ග්‍රැෆික් ටැබක් ගත්තය?//
Deleteහ්ම්...සුපියල් තිහක් අඩු කරලා, ටැක්ස් නැතුව ෆ්‍රී ෂිපින් දුන්නාම, නොගෙන බැරිවුනා. තාම හෑන්ඩ්-අයි කෝඩිනේෂන් අවුල්. ඒ ඇණ ගහන්නෙ, අර වැටවල් ගහන උන්නාන්සෙ.😊
ඕං ඇන්දා බොගේ කටු සටහනක්. කොහොමද?😜
Deleteආන්න ජන්සන්! මං ඒකෙ පාට පොඩ්ඩක් උලලා මයෙ ප්‍රොෆයිල් එක විදියට දාගත්තට අවුලක් නැද්ද?
Deleteහෑ? උඹ ඔය විහිලුවට නේද අහන්නෙ? මේක මේ හදිස්සියෙ ඇන්දෙ. පාට උලන්න මගෙන් අවුලක් මොකෑ? මේක උඹටම නෙව ඇන්දෙ?
Delete//ඒකෙ එක්ස්ෆයරි ඩේට් කාලෙට, කලින් බ්ලොග් ලියවිල්ල එක්ස්ෆයර් වෙයි නේද?//
Deleteඅඩෙඃ!!! එයිට කලිං අර මගේ අවසානයක් නැති කතාව ලියල ඉවර කරන්ඩ ඔ්නෙ
එහෙනං, නැතුව , නැතුව? ඕං ආයෙත් තව කතාවක් මතක් වුනා. අර ආච්චි කිව්වෙ "නැතුව, නැතුව" කියලා.😂
Deleteඒ කතාවත් කියහං ලොකා... මං දන්න වර්ෂන් එකද කියල බලන්න... අනික් අතට, හුදී ජන ලාම්පු සංවේගයට ත් එක්ක.
Deleteතව ටිකයි කමෙන්ට් සීයට... කතා ලියල වත් සීය දාමු ද?
Deleteඉතිහාසයේ පළමු වතාවට මේ බ්ලොග් එකේ කමෙන්ට්ස් 100 පැනලා වැටිලා තියෙනෝ දැක්කෙ
Deleteඑව්ව මේ අලිංගෙ අපේ වැඩ... හැක්!
Deleteආයෙ අහල? 😊
Delete33.333333333333+++++++++++++++
Deleteඔහෙ පලයං, දැන් ඩිසයින් වෙනස් කරල නෙව වැට ගහන්නෙ?🤣
Delete1/3
Deleteඔය කතන්දරෙන් මම කාපු පරිප්පුව නම් කියලා වැඩක් නැහැ.
ReplyDeleteඅවුරුදූ පනහේ උපන් දිනේට ආණ්ඩුවෙන් එවන තෑග්ගක් හැටියට ඔය කියන ටෙස්ට් කිට් එක එවලා තිබුනා. මම ඒක නිකම්ම පැත්තකට දාලා තිබුනත්, ගෘහ මූලික තුමියගේ බලපෑම මත, සර් ජෝන් කොතලාවල මේස් එකකට කරපු දේ කරලා, තැපැල් කළා. කොහොම දැනගෙනද මං දන්නෑ , මම ඉඳගන්න ඉස්ටූල් එකේ ලේ ගෑවිලා ( traces of blood present in stool) කියලා රිපෝට් එකේ තිබුනානේ.
මේක මගේ ඩොකාට ගියාම, (එයා මගේ අපාය සහාය බේබදු පාට්නර් වන ලංකාවේ ඩොකෙක්) මේකා කියාපි, උඹට මුකුත් ප්‍රශ්නයක් නැති බව සහතික කර ගත්තේ නැත්තම් මගේ හිතට හරි නැහැ කියලා. ඉතින් මාව කොලොනොස්කොපි එකකට ඇරියා. ඔය කියන ආකාරයටම, දවස දෙක තුනක්ම හරි හමන් කෑමක් බීමක් නැතුව ඉඳලා ඒක කළා. ඒකේ රිපෝට් එක ඉතාම හොඳයි. ටයිප් කරලා තියන විදිය, අක්ෂර විඥාසය, ව්‍යාකරණ පවා පර්ෆෙක්ට්. අපරාදේ දෙතුන්දොහක් බත් ඇටයක් නොදැක, සති දෙකක් විතර සැනිටයිසර් පොඩ්ඩක් පාවිච්චි කරන්නේ නැතුව විඳපු දුක.
දැන් වැඩේ ඉවරද? නැහැ, දැන් තමයි නියම කතාව.
"නිදි" ට බෝනස් එක හැටියට multiple myeloma හම්බ උනා වාගේ, මටත් බෝනස් තෑග්ගක් හම්බ උනා. colonoscopy කරන උදවිය 1500 දෙනෙක් අතරින් දිනුම් ඇදලා, වාසනාවන්තයා තෝරලා, එයාට Fistula එකක් තෑගී දෙනවා. ඉතින් ඒ වාසනාව මට උදා උනා.
Fistula ඔපරේෂන් කරන එක මහා දෙයක් නොවුනට, පස්සා පැත්තට කට් එකක් දාලා, මැහුම් නොදා සති දෙකක් විතර ඉන්න එක දෙවෙනි වෙන්නේ මීට කලකට පෙර "අටමා" ලියලා තිබුන "පුක මහලා බඩ යන්න බෙහෙත් දෙන" එකට විතරයි. මිරිස් සැර නැති කෑම සුමාන දෙකක් විතර බොහොම අකමැත්තෙන් කාලා තමයි ඒ සුමාන දෙක පණ බේරා ගත්තේ!
යංතං සංචං අභිසමෙච්ච! බුදු අම්මේ, ඒ වාසනාව නං එපෝ.
Deleteමට එච්චරම අවුලක් වුනේ නෑ. අද උදේ පාන්දර කෝල් එක ආව නං හෙට දවල් දොලහමාරට ගියා. බඩ හේදිල්ලයි, දවස් එකහාමාරෙ බඩගෛන්නයි තමා අවුල.
//පස්සා පැත්තට කට් එකක් දාලා, මැහුම් නොදා සති දෙකක්....//
Deleteමේක මේ "දෙහි මංගල්ලය" වගේ එතන ලොකු කරන එකක් වෙන්ටෑ? ලොරි ඩ්‍රැයිවර් ගෙයි, ගේ කුරුල්ලො දෙන්නගෙයි කතාව මතක් වුනා.😂
//මේක මේ "දෙහි මංගල්ලය" වගේ එතන ලොකු කරන එකක් වෙන්ටෑ? ලොරි ඩ්‍රැයිවර් ගෙයි, ගේ කුරුල්ලො දෙන්නගෙයි කතාව මතක් වුනා.//
Deleteදියව් දියව්!!
ලිංක් දියව්!!
දෙන මගුලක්
දැම්ම දියව්!!
රවි අයිය කියල තිබ්බ...
Deleteනෑ එක්කො ඔ්න් නෑ
මම හෙව්වා කතාව, හොයා ගන්න බෑ
Deleteඅඩුගානෙ මෙතන ලියල දාහං කුතුහලේ නිවෙන්ඩ
Deleteබොලා නං කියයි, මගෙ සායමට තමා කෙල වෙන්නෙ. ඔච්චර කියන එකේ හොඳටම තනුක කරලා කියන්නම්, හැබැයි ඔරිජිනල් එක වගේ රස නෑ.
Deleteදුර ගමනක් යන, හයෛ-හතරෙ ලොරි ඩ්‍රැයිවර් කෙනෙක්ට නැවැත්තුවලු පාර අයිනෙ හිටිය ගේ කුරුල්ලො දෙන්නෙක්. " මේ....අයියාආආආආ...අපිවත් දාආඅ..ගෙන යනවද?" කියල දෙන්නම නැග්ගලු කැබින් එකට.
දැන් තුන්දෙනා එක්කම යනවලු. එක ගේ කුරුල්ලෙක් මෙහෙම ඇහැව්වාලු" මේඒඒඑ...අයියාආආඅ.. මම "පුං" එකක් අරින්නද?" කියලා. ඩ්‍රැයිවර් කිව්වලු "හා, හා ඇරපං" කියලා. ගේ කුරුල්ලා, පස්ස ටිකක් උස්සලා, "චූස්" කියලා හීනියට එකක් ඇරියලු. ඩ්‍රැයිවර්යා කිව්වලු"නොදෝකින්..හිටපියව් තොපිට නියම පිරිමියෙක් යවන හැටි පෙන්නන්න" කියලා, ඇරියලු දාර එකක්" බර, බර" ගාලා. එක ගේ කුරුල්ලෙක්, අනිකට ඇනලා කිව්වලු" හ්ම්...තාමත් කන්‍යාවියක්" කියලා.
මට බෑ "දෙහි මංගල්ලෙ" ගැන කියන්න, හොයා ගනිල්ලා.😂
ඉදකිංවත් කියන වල් කතා...!
Deleteතව එකක් කියහංකො
හහ්, කතා ඉස්ටෝරුව තියෙන්නෙ බෝ ගාව නෙව? අපෝයි, පොඩි කාලෙ ඉඳං ආරක්සා කොර ගත්ත මගේ "චරිතෙට",අර අවලං මීහරක් කූඩැල්ලා කෙලෙව්වට පස්සෙ, මම නං නෙමෙයි ආයෙ දැලි ගා ගන්නෙ.🤔
Deleteඇර සොයිසා! ඔය තියෙන්නෙ කතා.😂
Deleteහපෝ...! හතුරෙක්ටවත් හැදෙන්ඩ එපා කොලොන් කැන්සර්...! දොස්තරෙකුට පෙන්නන්ඩැහැකි තැනකෑ හැදෙන්නෙ?
ReplyDeleteනෑ, නෑ පෙන්නන්න තියා දැනෙන්නෙවත් නෑ. අපි බුදි! අපේ "නිදි" ගෙ වගේ හයි-ක්ලාස් එව්වා කොහෙද අපට?
Deleteමේකෙ අදහස, තිබුනත් නොදැනෙන, කල් ගියොත් බඩු පැකට් වෙන, සුලභ අසනීපයකට ඇති සම්බාවිතාවය අවම කරගෙන හිත නිදහස් කර ගැනීමයි.
දානෙට වීසා ඇප්ලයි කරන්න හිටියෙ
Deleteබකස් මලොත් බ්ලොග් ලෝකෙ ඉවරයි
Deleteහහ්, තොපි බලාගෙන ඉන්න ඇති වට්ටක්කයි, කට්ටා කරවල හොද්දයි එක්ක බත් ගිලින්න? ඒක මහිතේ දකුණෙ චාලිත්තරයක්.
Deleteඑව්වා කොහෙද? පු*ට අවුරුදු පහක ගැරන්ටි, සීල් එක විතරයි නැත්තෙ🤣
මුංව දීයාම කාපිය! ඒ වංගියෙ අපිව පු* පිහින්න ගන්නද හදන්නෙ?
Deleteමේක නියමයි අප්පා. ලංකාවෙ ත්‍රී වීල් බැනර් වලින් දෙන ආතල් එක දෙන්නෙ මෙහෙ මෙව්වා.
මේ තව ඒ වගේ එකක්:
Canadian Fast Foods
ප්‍රා ජේ අයිය දාල තියෙන ටී ෂර්ට් ඒක කි දාහක් ගියත් ගෙන්නගන්ඩ තරං වටිනව!
Deleteමගෙ අත ඔබට හැර හිතවතියකට වෙන
Deleteදුන්නොත් මගේ ජීවිතයකි කඳුළු බොන
මිණි වලක මා යට කොට තබන දින
කන්නේ කරවලයි රට හාලේ බතට
බකමූනේ
Deleteමුක පූනේ
ඩ්‍රැකියානේ
කටු කානේ
ඔරිජිනලා
Deleteකට ඇරිලා
මැසි මදුරුවො
එහි පිරිලා
කී අයුරු
Deleteකට පවුරු
මැසි මදුරු
නැත අහුරු
මැස්සෙක්ටවත්
Deleteඉන්ඩැහැකි
තැනක් යෑ...
අප්පට සිරි ගජ! රියලත් ගොඩ බැහැල.😊
Delete// පු*ට අවුරුදු පහක ගැරන්ටි, සීල් එක විතරයි නැත්තෙ //
Deleteසීල් එක අවශ්‍ය නං ඉත්තිං මෙතනින් ගහගන්ට පුළුහං
අඩෙඃ... මූත්‍ර විසර්ජන් කරේගා...!
Deleteහෙහ්, හෙහ් සීල් එකට වඩා කරන්ට් ඇල්ලිල්ල තමා නැගල ගියේ
Deleteඅර වැටවල් ගහන පින්තූරෙ ඉන්න හාදෙය හත්තවුරුද්දක් බඩගින්නෙ තිබ්බනං ප්‍රා ජේ අයිය වගේමයි.
ReplyDeleteහෑ? චෑ දන්නව නං අඳින්න තිබ්බා ලබ්බට කෝටු ගහන්නා සේ.
Delete
DeleteO-<--<
දෙඤ්ඤං ඊළඟ එක නියමෙට😜
Deleteඔය හාදයාට බඩ යන්ට දෙන්න හොද නෑ ඉතිරි ටිකත් දියවෙලා යාවි.
Deleteයන්ඩ නෙමෙයි, බෙබෙතක් හදල දෙන්ඩ තියෙන්නෙ බඩ එන්ඩ
Deleteකොහොමද එතන නිකං...? අනන්තයෙන් ආ තරු කුමරා වගේ නේ?
Deleteබෙල්ලෙ මස් කට්ටක් තියෙන මාලයක් දාගෙන, කාර් සීට් එක උඩ ඉන්න කෙනා නේද? වංසෙ පොමනේරියන්ද?
Deleteකව්ද අර ටයි පොල්ලක් දාගෙන ඉන්නෙ?
Fake
Deleteආන්න එහෙම, මැස්සො බිව්ව ගොයං ගහ වගේ තමා ඉන්ට ඕනෙ. එතකොට ලෙඩ අඩුයි.
Deleteඇත්ත කියන්න එපෑ, මොනව වුනත් කැපිලා පේන හාදයා.😊
ප්‍රසිද්දියේ උල තිබ්බ එක නං නරකයි තමා. ඒත් මේ යක්කු(වැම්පයර්) නාහෙට නාහන ජාතියක් නෙව?
Deleteප්‍රාජේ උල තිබ්බද, උල ප්‍රාජේ තිබ්බද කියල කල්පනා කරන ගමං
Deleteකැපිල
Deleteමොකද්ද කැපුණෙ කියල කල්පනා කරන ගමං
Deleteඔන්න තව කතාවක් මතක් වුනා. විචිකිච්චාව බලපු පොඩි එවුන් දෙන්නගෙ කතාව:
Deleteහානේ! තැපිලා නේ?
නෑ, ඒ හැටි. ඔයාගෙ මොකක්ද ඒ එල්ලෙන්නෙ?
ඒ ඉට්ටැයිල් කෑල්ල.
අඩො... ඔයිට සමානයි “උලපෙනේ - වලපෙනේ“ කතාව
Deleteකැපිලපෙනේ නයාගෙ
Deleteඒක නං අහල නෑ. අහල තියෙන්නෙ මෙන්න මේක:
Deleteදැක්කද මගෙ ජම්ප් එක?
අනේ මන්දා බේබි, අපේ අහ නං ඕකට කියන්නෙ වෙන නමක්.
මේව ලියල, මගේ පොඩිකාලෙ හිටං රැක ගත්ත චරිතෙ සායම යයිද, මන්දා?
අර මගෙයි අනික් ගොබිලො දෙන්නගෙයි මොනවද හොටවල් වගේ තියෙන්නෙ?
ReplyDeleteඒ හොට නෙමෙයි නහය. වව්ලා වුනාම නං හොට තමා. හදිස්සියෙ ඇන්දෙ, දැන් ටික ටික අත හුරු වේගන එනවා. අනිත් සැරේ පිලිවලකට අඳින්නම්.
Deleteදෙවියන් වහන්සේ ගෙ ස්වරූපයට මිනිසා මැව්වා වගේ බස්සගෙ ස්වරූපයට අපිව ඇඳලා
Deleteඒ තියෙන්නෙ ඩ්‍රැකියා වව්ලා වෙන්න ඔන්න මෙන්න කියලා ගත්ත පිංතූරයක්. ඊළඟ එක ප්‍රතාපවත් විදිහට, වෙලා අරගෙන අඳින්නම්
Deleteඔන්න ආදිපාදතුමනි නාහෙ අවුල හදලා ආයෙ ඇන්දා. දැං කොහොමද?🤔
Deleteඅඩේඃ! ඒක මරු. වෙරි නයිස්! හෙණ ප්‍රතාපවත්!
Deleteමොන නයිස් ද? බම්බුව! චොක්ලට් ක්‍රීම්...
Deleteචොකලට් ක්‍රිම් කාලා සිනි වැඩිවුනාම තොපිලාට ප්‍රාණවත් වෙන්ට කල් යාවි.
Deleteසීනි වැඩි වෙලා තමා. ඊයෙ මං ගත්තෙ කිලෝව 140/- ට
Deleteඈස්චර්මවත් ඇඳීමක්නෙ.
ReplyDeleteඈස්-චර්‍යයක්ම තමා, මඳෑ ඔයින් ගියා.
DeleteAs usual, I have/had the opposite from Your Hootness's good fortune.
ReplyDeleteDiverticula
Diverticulas 3 හැක්!
Deleteමදෑ කොලා! අරූ ඉල්ලගෙන නාල වගේ
Deleteලෙඩානෙ
Delete@ ප්‍රා ජේ
Deleteහෑ? එහෙමත් එව්වා තියෙනවද? ඒ කියන්නෙ පිටතින් එන දෙයක්?
@ ඩ්‍රැකී, වම්හ
ඉල්ලුවෙ නෑ, අඩගහලා දුන්නා. එක අතකට කාරි නෑ, හිත සුද්දයි නෙව?
ගැටිතිවල විරුද්ධ එක. ග්‍රෝත් නෙමෙයි පොකට්.
Deleteහරි දැන් තේරුනා. ගැටිති තරම් නරක නැතුව ඇති. ගැටිති, දිගටම ඇතිල්ලෙන කොට ඒවා කැන්සර් සෙල් වලට පරිවර්තනය වෙන්න ඉඩ තියනවා කියලා තමා කියන්නෙ.
Deleteබස්සගෙ පින්තූර සමහරක් හරියට රුසියන් ළමා පොත්වල පින්තූර වගේ. විශේෂයෙන්ම බුරා
ReplyDeleteතාම බලාගෙන තමා අඳින්නෙ. දැන් ටික ටික අත හුරු වෙනවා.
Deleteමේ වැඩිය ඔව්වා නොබලපු කාලය තුල, ඩිජිටල් නැචුරල් මීඩියා බ්‍රෂ් සෑහෙන දියුණු වෙලා. තාම පාට උලන එක බලාගෙන යනවා. ඉස්සරහට උත්සහ කරලා බලමු.
අඩේ මේක නියමයි. ආයෙ ඒක බලන්න හිතුනා.😊
ReplyDeleteදුන්නට පබ්ලිසිටි නොමිලේ ඉස්තුතියි
ReplyDeleteලෙඩ දුක් වීම ගැන නං හරි කනගාටුයි
කලියෙන් ඒව හොඳ කරගත්තම ලේසියි
ඔහෙලට තියෙන සැප මෙහෙ නෑ අබ සරණයි
සිත්තර කලාවට හිත ගොස් තියෙන එකේ
බුරටිනො, ඩ්රැකීලගෙ චිත්තර ඇඳපු එකේ
කන්නාඩියක් ඉස්සරහට ගිහින් ලකේ-
ඇතිව අඳිමු චිත්තරයක් බකුසු මුකේ!
දොරකඩ ගහේ ඉඳගෙන හ්ම්, හ්ම් ගානා
Deleteපලවෙනි කොටුවෙ වැඩ ඉන්නේ බකමූනා
ලෙඩක් කියා කීවට, ඇති-නැති ගානා
බස්සා නෙමෙයි ඌ උඩ-යන ගස් ගෝනා
හුම් ගානා
Deleteමූක බානා
පුක පානා
ගස්ගෝනා
ගස් ගෝනෙක්ව නං දැකලා නෑ. මෙහෙ ඉන්නව ගස් නගින බල්ලෙක්. ලේන්නු පස්සෙ එලෝගෙන යනවා. ඇලේට අත්තක් තියෙන ගහකට ලේනා නැග්ගාම, බල්ලත් ආපු වේගෙන්ම අත්ත උඩ. මයෙ හිතේ ඌ ගස් බල්ලෙක් වෙන්ටෑ?
Deleteසිරි ලංකාව දැන් දියුණුය බලවත්ය
Deleteගොඩ-මඩ දෙකම සරුසාරය පල බරය
ගස් බල්ලන් දකින්නටවත් නැති හැඩය
පර බල්ලන් සැවොම උස්-උස් තැන්වලය
ගස් බල්ල කියන්නෙ දීප ව්‍යාප්ත වචනයක් නේ? මං හිතං උන්නෙ අපේ තාත්තට සීමාවුනු වචනයක් කියල. ඒ් වගේ අපේ ගදෙරට සීමාවුණු සිංහල වචන තිබුනා. "පලප්පය / ඔලු කටු කුඩු වෙන්ඩ දෙන්නෙ" වගේ
Deleteඅඩෙඃ! නිදිත් ඇහැරල තියෙන්නෙ මේ හිමිදිරි පාන්දර!
Deleteඇත්තටම, දවසේ ලස්සනම වෙලාව තමා හිමිදිරි පාන්දර. ඇටි කුකුලා "බුග්" ගහන වෙලාව කියලත් කියනවා. මේ, බොලා රජතුන් කට්ටුවට කියන්නෙ, මං කිව්වෙ "බුග් ගානව" කියලයි.
Deleteහෝටන් තැන්න පැත්තෙ හිමිදිරි පාන්දර නැගිට්ටොත්, මීදුම් තට්ටු ගලන අපූරු දර්ශණය බලා ගන්න පුළුවනි.
මීදුම ගැන නෙමෙයි, අර ලොරි ඩ්‍රයිව් ගෙ කතාව කියහං!
Deleteඅන්න උඩින් ලිව්වා
Deleteහ්ම්... දැක්කා. සැක් ඉතරක් ඒ කතා නං...
Deleteහිමිදිරි පාන්දර ය කිව්වට පස්සෙ වෙලාව දැක්කෙ. පාන්දර නමයයි දැං. මෙහෙ එක දිගට නිරිත දිග මෝසං වැස්ස. වහලෙ දැං දහ සරැයක් විතර මාරු වෙලා හුළඟට.
බොගෙ "අල බංගලාවෙ" විත්තියත් කියෙව්ව මේ පාඩං කරන අවු අස්සෙ.
මට පේන්නෙ පාඩං කරන එක පැත්තකට දාලා කතාව ලිව්වනං ඒකත් එකක් කියල...
ආං නිදිය තව කතා ටිකක් ලියල. මාත් යනව ඒක කියවන්ඩ තකහණියක්. බකුසු මොටෝ මෙහෙට වරෝ!
Deleteහා, යං😊
Deleteඑතකොට පේන්ඩ නං මොලේ අමාරුවක් නෑ කියල දොස්තර මහත්තය ඉංග්‍රීසියෙන්ම ලියුම ටයිප් කල්ල දුන්න ඈ .
ReplyDeleteඅඩුම ගානේ තැලිල වත්...
ජයවේවා!
Myself Hattor
ඒක නෙව කියන්නෙ? තැලිලා නෑ කිව්වා. මේ රට්ටු එක්ක තමා බැරි. කයි-කතන්දර හදන්න දෙයියො.😊
Deleteතැලිලා තියෙන්නේ පරම්පරා කුට්ටම් ගජමුතු දෙක
Deleteනැගිටින්න කම්මැලි කමට රඹුටං උඩ වාඩිවෙලා පැය දෙකක් උන්න කිව්වෙ බකුසු මොටා වෙන්ඩැති!
Deleteඔය දන්නෙ කතා? එහෙනං ලොරි ඩැයිවර්ගෙ කතාවත් නොදන්නව වෙන්න බෑ.😂
Deleteදන්නෑ...
Deleteකියහං!
අන්න උඩින් ලිව්වා
Deleteරියලා වවුල් වේසෙන් මිදෙන කොටම රියල් එකටම ඇදලා. ඔය අනිත් ලොබිලො දෙන්නාට වවුල් තියා අවුල් වේසෙටවත් යන්න බෑ.
ReplyDeleteඋබ ඔලුවෙං හිටගෙන ඉන්න එක හොඳා. එතකොටවත් මොලේ ටිකක් ඉහළ තැනක තියෙනවනෙ...!
Deleteබම්බුව තමා... ඔය කට වහගෙන ඉඳිං නැත්තං මැස්සො පිරෙයි කටේ!
Deleteරියලා මහ පාන්දර ඇහැරගෙන ප්‍රොෆයිල් මාරු කරනව... බොට නින්ද යන්නැද්ද!
Deleteඒකෙත් කට ඇරගෙන
Deleteකට වහන්න තොපිලා දත් ගලවලා තිබුනාට මයේ එහෙම නෑ.
Deleteකට ඇරගෙන ඉන්ඩ ම ඔ්නෙ නං, දත් මැදගෙන ඉඳහං... අඩුගානෙ ඔ්සෝන් වියනෙ සිදුර ලොකු වන එකවත් නතර වෙයි!
Deleteඔසෝන් සිදුර ලොකුඋනේ උඹ පැඩලා
Deleteදූරියං කෑවම එහෙම වෙනවලු
Deleteදූරියන් වලට මොකවත් කියන්ඩ එන්ඩෙපා තොපි!
Deleteවම්බොටු ඩ්‍රැකියාත් පින්තුර කෑලිත් බලනවා
ReplyDeleteවම්බොටු අපට! බොට වැටකොළු!
ReplyDeleteඅඩෙඃ...! සීයට ජය වේවා!
ReplyDeleteඑසේම වේවා!😊
Deleteපලයං, ගිහින් පාඩම් කරල වරෙන්
This comment has been removed by the author.
Deleteඅරූ ගෙ හොට පැටළිලා හූ!
Deleteකොමෙන්ට් කියවන්න පස්සෙ එන්නං.
ReplyDeleteඕක කඩාල්ලනකොට ඇතුලෙ හිටපු ඉත්තෑව හම්බඋනේ නැද්ද?
අඩේ, ඒක තමයි මාත් ඇහැරුනාම හොඳට බැලුව,ඩොකාගෙ අතේ කටු ඇනිච්ච පාරක්වත් තියනවද කියලා? ම්හු...
Deleteකනගාටුදායක කතාවක් කියවන්න ලැබුනා, මෙතන.
ReplyDeleteදොස්තරගේ තැනට ගියෙමි😒😢
මහත්තයා සමලිංගිකද
ReplyDelete