Tuesday, October 5, 2021

වින්ඩෝස් 11- අවසාන අදියර

වින්ඩෝස් 11 නිකුත් වෙන්න තිබ්බ අද වුනාට ඊයෙම එලියට දැම්මා. අදියර කීපෙකින් කොටස් වශයෙන් දීගෙන යනවා, පෝලිමෙ ඉන්න ඕනෙ කියල තමයි කියන්නෙ. අප්ඩේස් බලන කොට "සුභ පැතුම්. උඹ පාස්" කියල මැසේජ් එකක් ආවට, අප්ඩේට් එක තාම නෑ. ඉතිං මම නං ලෙසටම පෝලිම පැන්නා. මෙතැනට ගියාම ඔහෙලටත් ඕනෙම නම් ගත්තෑකි.

කොහොමද, හොඳද?

අනේ මන්දා? ලොකුම අවුල, මම ඇඩ්ඩිං විදිහට ලොග් වුනාම, ස්ටාර්ට් මෙනු සහ සර්ච් දෙකම වැඩ නොකරන එකයි. ඒත් ලෝකල් එකවුන්ට් එකෙන් ගියාම නං වැඩ කරනවා. ඒත් ඒකෙ තියෙන්නෙ බේසික් සෙටප් එකක්. ලොකුම අවුලකුත් නෑ, ඔක්කොම ප්‍රෝග්‍රෑම් ටික තියෙනවා, ඒත් එක, එක වෙනම ඇඩ් කරගන්න වෙනවා. හැබැයි එහෙම කලාම එව්වා වැඩ කරනවා. ප්‍රෝග්‍රෑම් ඇක්ටිවේෂන්/ රෙජිස්ට්‍රේෂන් නැති වෙලා නෑ.

ඔන්න මම ඉතිං  වින්ඩෝස් 11 ඉඳන් මේ පෝස්ට් එක කොටන්න ගත්තා. චේද දෙකයි ගියේ, දුන්නෙ නැතෑ BSOD. ඒ කිව්වෙ අර කුප්‍රකට blue screen of death, හැබැයි මෙදා සැරේ උන්දෑ

කලු පාටයි. ඊළඟට රී-ස්ටාර්ට් කලාම කිව්වා, ඩිස්ක් එරර් තියෙන කියල චෙක් කරන්න පටන් ගත්තා. කලින් බීටා කොපි කීපයක් එක්ක සෙල්ලං කරපු නිසා මට දන්නවා ඕකෙ විනාසකාරී ප්‍රතිඵලය. මම ඒක ස්කිප් කරලා දැම්මා. 

මට කියන්න පුළුවන් මගේ අත්දැකීම් විතරයි. මේකෙන් ඔහෙල හැමෝටම මෙහෙමම වෙයි කියල ඒකෙන් අදහස් වෙන්නෙත් නෑ. ඒත් මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නම් එච්චර සුභදායක නෑ. එයිට අමතරව වින්ඩෝස් 10 තිබ්බ, මම දිනපතා සතුටින් පාවිච්චි කරපු සමහර පහසුකම්, වින්ඩෝස් 11 දී කප්පාදු කරල තියෙන එකටත්, මගේ වැඩි සතුටක් නෑ.

නිගමනය

කැමති වුනත් නැතත්, අකමැත්තෙන් හරි දවසක, අපි ඔහෙල හැමෝටම මේ වින්ඩෝස් 11 මහගෙත් එක්ක දීග කන්න වෙනවා. ඒක බුදු ශුවර්, ඒත් මම නං දැම්ම කසාද කොලේ කණ අත්සන ගහන්න සූජානං නෑ. එහෙම කලොත් මුන්දෑ මාව අනුභව කරයි කියල, හිත් දෙගිඩියාවක් මට තියෙනවා. වින්ඩෝස් 11 තාම, මගෙ අනිත් ඩ්‍රයිව් එකේ ඉන්නවා, ටෙස්ටිං වලට ඇරුනාම, දිනපතා පාවිච්චියට දැම්ම ( තව ප්‍රධාන අප්ඩේට්ස් කීපයක් එනතෙක්) යන්න අදහසක් තාම නම් නෑ.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

43 comments:

  1. මටත් හිතෙන්නෙ තව අවුරුද්දක් දෙකක් බලන් ඉඳලා දාගන්නෙක ඇඟට ගුණයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් වින්ඩෝස් 7 එක්ක තාමත් සතුටින් ඉන්න අයත් ඉන්න එකේ, මේ හනිමූන් කාලෙ ඉවර වුනාම, කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ කියල හිතෙන්නත් බැරි කමක් නෑ.

      Delete
  2. ගන්න වෙනවා නේ. ඒත් පොඩ්ඩක් ඉමු කසකාර ටෙක් ගයිස් ලා ඉවර වෙනකං. කොහොමත් කාලිංග ඇතුලත්මුදලි දෙයි ටෙක් කථා වල අප්ඩේට් එකක්. ඒක බලමු. අර අතුල අයියගේ ෆීඩ් බර්නර් කෙස් එක. ගූගල් කාරයා වැඩේ අත ඇරලා. පරණ තියෙන එවුන්ට විතරක් මෙන්ටෙනන්ස් මෝඩ් එකේ දුවනවලු. අලුතෙන් දෙන්න බැලූ.

    ReplyDelete
    Replies
    1. මලා! එහෙමත් එකක්ද? ආං, දැන් අයිස්මෝල උඩින්ම ඉන්නවා "සිංහල වියුණු" සින්ඩියෙ. උගුලෙන් හරි, හබකෙන් හරි වැඩේ හදාගත්ත එකයි වටින්නෙ.😊

      ගූගලයා ඔහොම මරිසි වැඩ කරනවා තමා. මට අවු 10 වඩා පරණ ගූගල් වොයිස් ගිණුමක් තියනවා. නොම්මරයක් ඉල්ලුවාන කියනවා, යැංකි රටේ මොබයිල් නොම්මරයක් දෙන්නලු, මගේ දුක-සැප අහල බලන්න.🤬🥵😡🤣

      වින්ඩෝස් 11 බාගදා, අටව ගත්තොත් දුවාවි කියලත් හිතෙනවා, ඒත් මොකටෑ? මට පෙන්නන්න බෑ "ඉස්කෝල පොත" ෆොන්ට් එක, වින්ඩෝස් 11 දුන්නෙම නෑ වෙනස් කරන්න. යසට තිබ්බ ස්ටාර්ට් මෙනු ගෲප්ස් ටිකට කෙලියා. ඔය ගේට්ටු-ගෙදර වාස්තු දෝසයක් තමා, එයාලගෙ ඇජෙන්ඩා එක අපට පොවන්න හදන එක.

      හොඳක් නැත්තෙමත් නෑ, GPU --> direct memory access වගේ එව්වා තියන නිසා ටිකාක් ස්මූත් දුවන ගතියක් තියනවා. ඒත් කලින් පරම්පරාවෙ හාඩ්වෙයා වලින් සිල්ලර, එදාවේල ටුවර්ස් දුවන මට නං, ඔය කියන තරම් ලකයක් නෑ.🤔

      Delete
    2. ඒම සිංඩියක් තියේය 🙈🙈

      Delete
    3. වින්ඩෝස් 10 ෆුල් බැකප්, අලුත්ම හාඩ්වෙයා, ඩුවල් බූට්, අමතර SSD තියේ නං කමක් නෑ. අපි වගේ ජීවන චක්කරේ පහලම තට්ටුවෙ ඉන්න ගොබිලොන්ට ඒ හැටි සෙතක් වෙයි කියල හිතෙන්නෙ නෑ.

      ඒත් වෙන්නෙ කාලයක් යනකොට අපේ කැමතිම ඇප්ස් වින්ඩෝස් 11 ෆීචර්ස් පාවිච්චි කරන්න අරන් කියාවි, මේක ඕනෙ දුවන්නෙ අහවල් එකේය කියලා. පොටොශොප් එහෙම කිව්වොත් මොකෑ කොරන්නෙ?

      Delete
    4. බ්ලොග් දෙකක් මේන් ටේන් කරන එක වාතයක් නෙවීද. 😃😃😃😃
      බලුුවන්ටනං මස් කටු ගැනයි පූසාවො ගැනයි ඕන තරං කතා ඇති 😂😂😂

      Delete
  3. බස්සත් ඔහොම කියනවනං, ටිකක් විතර ස්ටේබල් වර්ෂන් එකක් එනකං ජනෙල් දහයම හොඳයි කියල හිත හදාගන්නං. එතකොට අපි දාපු අර මොකද්ද එකට මොකද වෙලා තියෙන්නෙ? ඒක රොල්බැක් කරන්ඩද?

    ReplyDelete
    Replies
    1. එක ජනේලයක් වැහිලා යන්න ඔය පත්තර පිටු ටිකක් වත් අලෝලා දාහං.

      Delete
    2. ඩ්‍රැක්.. රෝල්ඩ් කරල 🙈🙈🙈🙈🙈 😃😃

      Delete
    3. ඩ්‍රැකියො, පුදුමෙකට වගේ වින්ඩෝස් 11හෙ හොඳටම වැඩ කරන්නෙ රිකවරි ඔප්ෂන් එක. 11 ගහන්න වරුවක් ගියාට, රිවස් යනවා විනාඩි 10 ට.

      බුරා සහ මහේෂ්

      ගහෙන් වැටිච්ච වැම්පරයට අනින්න එපා බොලව්.🤣🤡

      Delete
    4. මුං යකෝ, පත්තර අලවන්ඩ දෙයක් නෑ, මෙහෙ වැස්සට ජනෙල් පියං කඩං වැටෙනව.

      Delete
  4. ජනෙල් 10ට 11ක් දෙනවැයි. නැත්තං සල්ලි දීල ගන්න වෙනවැයි. 10 නං සිරා ජෙනුයින්. 11 නං මං ගනී කියල හිතන්නෑ 😃😃😃

    ReplyDelete
    Replies
    1. දෙන්නෙ නිකං. ඒත්, සූජානං සරීරෙ කියලා, වින්ඩෝස් 10 ලයිසොම, මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකට ලින්ක් කරගන්න එක වැදගත් වේවි.

      https://www.youtube.com/watch?v=ZtgckdyLoV4

      Delete
    2. ටැන්කෝ මෙයා 😃😃😃🍻

      Delete
  5. Replies
    1. හදිස්සි වෙන්න අත්‍යාවශ්‍යම නෑ, තව ටික දොහක් ඉඳලම බලන්න කියලයි, මම මං කියන්නෙ.

      Delete
    2. හොඳා හොඳා.. බස්සා කීන දෙයක් තමා

      Delete
  6. මම ගියා, කමෙන්ට් එකකුත් කෙටුවා, ඒත් මොඩරේෂන් ඔන් කරල නිසා තාම පේන්නෙ නෑ. ඩීමන් ආනන්ද මගෙත් ප්‍රියතම චරිතයක්. පොඩි කාලෙ "කඩුව"නැති අපට බටහිර සිත්තරපටි රසය හුරු කලේ එතුමා තමයි.

    ReplyDelete
  7. ගියා. කලින් ලියපු රසවත් ලිපියටත් එක්කම, දෙකටම කොටල ආවා.😊

    ReplyDelete
  8. හෙහ්, හෙහ් #6 තමා මම කැමතිම එක.🤣😂🦊👌

    ReplyDelete
  9. උනන්දුවෙන් කියවාගෙන ගියා.... අතිසාර්ථකයි! කියවලා ඉවර වුණාම මං වහන්සේ ; අමු ගොනා හිටියේ පටන් ගත්තු තැනමයි!

    ReplyDelete
    Replies
    1. එච්චරම දෙයක් නෑ නිදි. දැන් තියෙන "අමාරුවෙන් අටවගත්ත අටංපහුර" වැඩ කරනව නම්, කියන්න තරම් අවුලකුත් නැත්නම්, වෙනස් කරන්න හදිස්සි වෙන්න එපා කියන දේ තමා කිව්වෙ.

      ලස්සන කවියකුත් කොටල තිබුනෙ, අටමගෙ පෝස්ට් එකේ.👌😊

      Delete
    2. ස්තුතියි මකුසුතුමෝ.
      මයෙ ඔළුවට තුවක්කුවක් අල්ලලා කිව්වත් වෙනස් කරන්න යන්නෙත් නෑ මට ඔව්වා නුහුරු නිසා. පණ බයයි, හිටි ගමන් එක යතුරක් එබිච්චි ගමන් වෙන විපිරියාස නිසා. වැඩි වැඩ නොදන්නවා වුණාට මේ ටිකත් මදැයි... හෙමි-හෙමිං ඉගෙන ගනිමු. ඒත් මෙව්වා හරි වටිනවා තරුණ ඇයට..... දිගටම ඒවා ලියලා තියමු- මතු වැඩ තකා.

      Delete
    3. අනිත් අය ලියන විදිහ දැක්කාම, මොනව හරි ලියන්න ඕනෙ නිසා ලියනවා.😊

      Delete
  10. කොමෙන්ට් දැම්මට පෙන්නනැත්තෙ අවුලක් හින්ද කියල හිතුවෙ. අල්ලල දාල ආව. කියෙව්ව එකම මදෑ කියල හිතල

    ReplyDelete
  11. මතක විදිහට ඩ්‍රැකිය කියල තිබ්බා, එයා කමෙන්ට් ගැන උනන්දුවක් නෑ කියල. අවුලක් නෑ, ලියනව නං ඒ ඇති.😊👌

    ReplyDelete
  12. පොස්ට් එකට අදාල නොවන එකක්: මගේ පොඩි මෙව්වා එකක් තියනවා, හිත් ඇදගන්නා යෙදුම් ගැන. මහේෂ් එක්කත් පෝස්ට් වල මාතෘකා ගැන කතාකලා. මේක දැක්කා, කලිං පෝස්ට් එකකත් මේ ගැන සාකච්චාවක් ගිය නිසා දාන්න හිතුනා.

    Fancy a UK visa?
    But bear in mind: you might be thrown out again at Christmas 🤣😂👌🦉

    https://www.youtube.com/watch?v=aQaRQW_7Mhg

    ReplyDelete
  13. හ්ම් තාම 21වෙනි සියවසේ මුල ඉන්න මට අලුත් 'කවුළු'. අප්පෝ update නොවීමත් update වීමක් වෙන්න බැරිද බැස්සෝ

    ReplyDelete
    Replies
    1. මම ප්‍රශ්ණෙ තේරුම්ගත්ත විදිහ හරිද මන්දා? වින්ඩෝස් 10 ස්ථාවර OS එකක්. පොඩි, පොඩි ප්‍රශ්ණ තිබ්බත්,ඒවත් එක්ක ජීවත් වෙන්න ඇහැකි,තාමත්. වින්ඩෝස් 11 අලුත්, ඒ නිසාම ඇති වෙච්ච අලුත් ප්‍රශ්ණ සෙට් එකක් තියෙන පාටයි. ඒත් නව පහසුකම්, අවධානය ඉදිරියට ලැබෙන්නෙ වින්ඩෝස් 11 වලටයි. වින්ඩෝස් 10 ට ඉතින් කුඩම්මගෙ සැලකිලි තමයි. ඔන්න ඔහොමයි මට හිතෙන්නෙ.

      වින්ඩෝස් 11 දාගන්න අවශ්‍යම නම් ඒක පෞද්ගලික තෝරාගැනීමක්. වින්ඩෝස් 10 රැඳිලා හිටියා කියලා කිසි අඩුවක් වෙයි කියල මට හිතෙන්නෙ නෑ. මගේ කැමැත්ත මැදුම් පිලිවෙතට - රබර් ඇහැ දාගෙන බලන් ඉන්නවා, ඒ ඉඳලා කාළය හරියි කියල හිතුනට පස්සෙ යනවා.

      Delete
    2. ඔව්ව ඔච්චර කල්පනා කරන්ඩ යන්ඩ එපා ෂර්.

      තම්බි මුදලාලි කිව්වා වගේ 'ඕක ගන්ඩ එපා පුතා ගන්ඩ වගේ ඉන්ඩ'
      එතකොට ඔක්කොම ෂරි.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    3. හෑ, එතකොට පස්සට හානියක් වෙන එකක් එහෙම නෑ නේද? අමාරුවෙන් හොඳ කොරාගත්ත පස්සෙ අමාරුව බොලේ.😂🤣

      Delete
    4. ෂර්,
      ඔන්න ඔන්න ඒකටත් ඉත්තැ අමාරුව ගාවගත්ත.


      ජයවේවා!
      Myself Hattor

      Delete
    5. මතක් වුනා විතරමයි, මේ දවස්වල අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නෙ.😊

      Delete
  14. පොස්ට් එකට අදාල නොවන එකක් - 2:

    කවුරුහරි දන්න කෙනෙක් කියනවද, මෙන්න මේ ස්ටැයිල් එකේ සිංහල පොඩ්කාස්ට් තියනවද කියලා?
    https://www.youtube.com/watch?v=QzlxvMYdqrw

    ReplyDelete
  15. Replies
    1. ඔය ඉන්නෙ හැපී කස්ටමර් කෙනෙක්.😂
      ඔහේවත් මතක් වුනා බුරාට උත්තර ලියද්දි.😊

      Delete
    2. මට මෙච්චර කාලෙකට හම්බුනු සිරාම OS එක Windows 2000. ඒක තියන් ඉන්න තිවුනානං දිගටම. :-)

      Delete
    3. XP වලත් කිසිම අවුලක් තිබ්බෙ නෑ.

      Delete
  16. තව ටිකක් බලලම බා ගන්නවා , තව ලිපි එයි නොව

    ReplyDelete
    Replies
    1. ඔව්. එහෙම තමයි හොඳ කියලයි මටත් හිතෙන්නෙ.🤔

      Delete