Saturday, June 11, 2022

සුසිනිඳු සුදු යටිබඩ

මේ ඉන්නෙ මාර්ක් ලෙයිටා - වෘතීය චායාරූප ශිල්පියෙක්. , එයාට හිතුනලු, මෙච්චර කල් එයා කරල තියෙන්නෙ, ඇති හැකි බලවත් කොම්පැණි තවත් පෝසත් කරන්න උදව් කරන එක කියලා. ඒ නිසා, මාර්ක් පටන් ගන්නවා යූ-ටියුබ් චැනල් එකක් "Soft White Underbelly". මේකෙ කතාකරන්නෙ "ටැබූ සබ්ජෙක්ට්" ගැන. අර අපි දැක්කා, නොදැක්කා ගානට ඉන්නෙ, ආන්න ඒවා ගැන. ආ, මාක් ඉන්නෙ ඔරුමත්තු නාඩුවෙ. මාර්ක්ගෙ කතාව, කැමති නං මෙතනින් බලන්න. Soft White Underbelly Intro Video

Portrait of Exotic

රැකියාව: වීදියේ ලඳ
වීදී නම   : Exotic 
වයස        :  23යි
බල ප්‍රදේශය( The Hood):South central Los Angeles

පොඩිකාලෙ ඇගේ පවුල අවුල්, පප්පා හිරේ. භාරකාර නිවෙස්, juvenile correctional facility වල ඉඳලා. වයස අවු 13 දී  අවු 40 ක, ලියාපදිංචි ලිංගික අපරාධකරුවෙක් එක්ක පැනලා ගිහින් ලමයි දෙන්නෙක් හදනවා. ලියාපදිංචි හාදයා වෙන, වෙන කරුමාන්තවලට හිරේ යනවා. 

ඇගේ ඇත්ත නම Asriah . මිලියන් 14 නරඹපු, 27 දාහක් කොමෙන්ට් කොටපු ඇගේ පලවෙනි වීඩියෝව, කැමති නං මෙතනින් බැලියෑකි. මාක් වගේම, එතන බහුතරය ඇයව උද්‍යෝගිමත් කරනවා, මේ ජීවිතයෙන් මිදෙන්න. 

දැන් මාර්ක් ඇයට ආර්ථිකව උදව් කරනවා. එපාර්ට්මන්ට් එකක් අරන් දීලා, නරඹන්නොත් සල්ලි දෙනවා (GoFundMe campaign). මේ ෆලෝඅප් වීඩියෝවෙ කියවෙන විදිහට, දැන් ඇය පරණ ජීවිතයෙන් මිදිලා, දරුවො දෙන්නත් එක්ක හොඳින් ජීවත් වෙනවා.

කතාව මෙතනින් ඉවර වෙන්නෙ නෑ. හිටපු ගමන්, ඇගෙන් එන ආර්ථික ඉල්ලීම් වැඩි වෙන්න ගන්නවා. දවසට ඩොලර් දාහ, දෙදහා දක්වා. මාර්ක් යනවා අරං දීපු එපාට්මන්ට් එකට බලන්න. එකේ තියෙන "සෙල්ලං බඩු" ලමයිංගෙ එව්වා නං නෙමෙයි. බිල්ඩිමේ සැකුරිටි කියනවා, ආ, කව්ද කල්ලෙක් එපාට්මන්ට් එකට රිංගනවා, ස්පෙයා කී එක උන්දෑ ගාව කියලා.

මේ ඉන්නෙ ඒ රිංගන හාදයා. වීදි නම මැස්සා(Fly). Asriahගෙ ආර්ථික කළමනාකරු( aka පිම්පියා). මැස්සා, ඇගේ පාර්ට්-ටයිම් බෝයි-ෆ්‍රෙන්ඩ්.ඇයට ලැබෙන සමාජ සත්කාරය,  ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න අවශ්‍ය උපදෙස්,  ආර්ථික කළමනාකරුගෙන් ලැබුනා වෙන්ටෑ? මාර්ක් නං ඉන්නෙ, හොඳටම කළකිරිලා. ඔහු මේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙන බව කියනවා. තුන්වෙනි වීඩියෝව මෙතනින්

ඇයව උද්‍යෝගමත් කරපු, මුදල් පරිත්‍යාග කරපු, පාඨකයොත් ඉන්නෙ කළකිරිලා. එකෙක් කියනවා, මැසි ඩබල විතරක් නෙමෙයි, මාර්ක් වුනත් කරන්නෙ "සූරා කෑමක්" කියලා. හ්ම්, එහෙම කිව්වෙ ඇමරිකාවට පැනපු "සහෝදරයෙක්" වත්දෑ?🤔

එතකොට දැන් මම මොකක්ද කියන්නෙ? අනේ රාළේ මම මං මුකුත්ම කියන්නෙ නෑ. මම මේ නිකම්ම නිකං මූකලං බස්සෙක් මිසක්, සමාජ විද්‍යාඥයෙක් නෙමෙයි නෙව?. කොටින්ම ඊලොන් මස්ක් රංඩිංග පෙන්නුවෙ, ෆ්ලයිට් ඇටෙන්ඩොන්ගෙ යටිබඩ බලන්නද, බිල් ගේට්ස්, කුප්‍රකට Jeffrey Epsteinව නිතරම හම්බු වෙන්න ගියේ, කාගෙ යටිබඩ බලන්නද, ඕව්වා මොනවත්, මේ අහිංසක පක්සියා දන්නෙ නෑ, ආයිබෝං!

හහ්, අපි නොදන්න තණමල්විල යටිබඩ?


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

46 comments:

  1. අනේ ඉතිං අපි නොදන්න බස්ස බබා.

    ReplyDelete
    Replies
    1. ඔය පූෂෙක්ගෙ, බලු නකුටෙක්ගෙ යටිබඩ නං කසලා තියනවා.😂

      Delete
  2. මටනං මේකේ කියලා තියෙන කිසිම දෙයක් තේරුනේ නෑ... ඔව්ව ගැන මං දන්නෙ නැති හන්දා වෙන්ටෑති😄

    ReplyDelete
    Replies
    1. හුහ්, උඹ බබා.😂

      Delete
    2. aka පිම්පි ගැන කියද්දී මතක්ක උනේ Robert De Niro හිටි Taxi Driver (1976) එකෙත් ඔය ගැන හොඳට තිවන. බැලුහද?

      Delete
    3. ඒහෙන් මෙහෙන් බැලුවා. ඒක හොඳ කොලිටි කැලැසික් එකක් බව අසා තියනවා.

      Delete
    4. ඒක වැදගත් වෙන්නෙ එදා ලිබරල් වෙච්ච modern සමාජේ ගැන මනොවිධ්යාත්මක, සමාජවිධ්යාත්මක පැතිකඩකිං බලලා තියෙන නිසා... තියේ නං ආයේ බලන්ට බෂ්

      Delete
    5. දැන් ඔය කිව්වාම, ආයෙ පිලිවෙලකට බලන්න හිතුනා. ස්තූතියි.🙏👌

      Delete
  3. අරෙහෙ ජොනි බෝයි නඩුවෙන් දිනලා හිට ඇම්බර් ගෑනි විලෝපට්ටං ගහන් ඉන්නකොට... ඔහේ මේ යටිබටක් ගැන කතාකරනවා

    ReplyDelete
    Replies
    1. ජොනීගෙත් වැරදි ඇති. ඒත් ඇම්බ තමයි, ජොනීව නැති කරලම දාන්න හැදුවෙ. දැන්, ජොනී වන්දියත් නොගන්න පාටයි. මට ඔය හොලිවුඩ් විච්චූරණ කසාද ගැන උනන්දුවක් නෑ, හාංදුරුවනේ. මයික්‍රොසොෆ්ට් නිවුස්, හොම්බට ඇන, ඇන පෙන්නන නිසාම ටිකක් බලනවා.

      Delete
    2. ඔව් ඔව්..... ඔය කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තියේ නෙව. අපේ fb උන්නං ඇම්බරීගේ මව්ට හිට බනිනවා.
      ඔය සිද්දියෙන් උන හොඳ දෙයක් තමා පිරිමි පවා ගෘහස්ත හිංසනයට ලක්වෙනවා කියන කාරණය බරපතලව දැනිච්ච එක

      Delete
    3. ඔව්, හරියටම හරි. ගෑණු හැමෝම අපි හිතන තරම් අහිංසක නෑ. පෝස්ට් එකේ කතාවෙත්, වින්දිතයො වුනේ හිත හොඳ මිනිස්සු- මාර්ක් සහ පාඨකයො කියලයි, මට හිතුනෙ.

      Delete
    4. ඇයි අහිංසකකමට ගෑනු- පිරිමි භේදයක්? සේරම මිනිස්සු නේද?

      Delete
    5. ගෘහස්ථ හිංසනයකදී, පැමිණිල්ල ආවෙ ගෑණිගෙන් නං, ඉස්සෙල්ලම පිරිමියාව කූඩුවට දාලා තමයි නඩු අහන්නෙ. බොහෝවිට සමාජයෙ අනුකම්පාව වැඩිය ලැබෙන්නෙ ගැහැණියට. වඩා දුර්වල ගැහැණිය කියන නිසා, මගේ ඒකට අකමැත්තක් නෑ. ඒත්, ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා.

      Delete
  4. ලෝකය පොඩියි ඉස්සර වගෙ පුළුල් නැත
    කොතන වුණත් වෙන දේවල් හෙළි කෙරෙත
    ඒවා දකිද්දී හිතුණත් 'අනේ කැත'
    සුසර හදක තෙත හොඳටම සිඳෙන්නැත!

    ReplyDelete
    Replies
    1. මේක මතුපිටින් පේනවට වඩා සංකීර්ණයි කියලයි මට හිතෙන්නෙ. සමහර විට, මේ සමාජ ස්ථරයෙ අයට, අපි හිතන විදිහෙ "ගැලවීමක්/ බේරාගැනීමක්" අවශ්‍ය නැතුවත් ඇති.🤔

      කෙලීගෙ වීඩියෝ තුනේ පිංතූර සයිස් කලාම, මට හිතුනෙ මෙහෙම:
      1 වෙනි පිංතූරය: අනේ පව්
      2 වෙනි පිංතූරය: හා, ඔහොම යං ( ආඩම්බරයි, ඈ?)
      3 වෙනි පිංතූරය: මොකද ඩෝ බලන්නෙ, ඇයි අවුල්ද?

      ඒකත් මාර ලප්රි එකක් තමා, නේද?

      Delete
    2. බකුසුතුමෝ, කරවිල ගෙඩිය කාගෙන ඉන්න පණුවාට තිත්ත රහ දැනෙනවා ඇද්ද?

      Delete
    3. මේ එක සිදුවීමක් අරගෙන, හැමෝම විවේචනය කරන එක සාධාරණ නූනත්, මට කියන්න ඕනෙ වුනේ මෙහෙම ඒවත් තියනවා කියලයි.

      Delete
  5. තණමල්විල යටිබඩ කියන කෑල්ල විතරයි තේරුණේ.. :)))

    ReplyDelete
    Replies
    1. ඒ ටික තේරුණා කියන එකම මඳැයි. 😂

      Delete
  6. බ්ලොග්වවලටඅලුත්...නියම ලෝකයක් ගේනවා ලියමන්වලින්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා. ප්‍රතිචාරයට ස්තූතියි.

      Delete
  7. A Piece Of Cake: by , cupcake brown මතක් වුනා. කියවල බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොත ගැන ඔත්තුවට. ඒත් මේ කතාවෙ ප්‍රධාන චරිතය, cupcake brown වගේ ගොඩ ගියේ නෑ කියලයි හිතෙන්නෙ.

      Delete
  8. මට තියෙන ගැටළුව ඒ කාලේම ආපු වෛද්‍ය උපකරණ තොගය ගැන... ඒවා පෙන්නමින් හැම මාධ්‍ය කිව්වෙ, අර සැත්කම් කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ කියලයි.

    ReplyDelete
  9. නොදන්න දේවල් ගැන සැටිපිකට් දෙන්න බෑ, ඒත් සාෆි ලැබුන වන්දියත්, හිඟ බේත් ගේන්න පරිත්‍යාග කලා නේද? ඒ අනුව බැලුවාම, සාෆිගෙ කේස් එක කාගෙ හරි ගේමක් වෙන්න සෑහෙන්න ඉඩ තියනවා.

    ReplyDelete
  10. ගියා. ගිහින් තේරුනා වගේ වැටක් ගහල ආවා.😉

    ReplyDelete
  11. ඉඳල ඉඳල ඇවිදිං මං මේ මොන අටංපහුරක්ද කියෙව්වෙ?

    ReplyDelete
    Replies
    1. ආන්න උඹට තේරුනා. ඇත්තටම, මටත් ඕකම හිතිල තමයි ලියන එක නැවැත්තුවෙ. ඔව්වා ඔහොම තමයි, අපේ හාංදුරුනේ. දැන් ඒ ඉස්සර සෙල්ලං දාන්න බෑ.

      Delete
  12. අනේ මංදා...තණමල්විල යටිබඩ ..ඒකනම් මරු කවියකට උනත් ගන්න 😅

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් බලපු ටෙලියක්. ස්තූතියි.

      Delete
  13. හෙහ්, හෙහ් මම ඒත් බැලුවා මොකද පරක්කු කියලත්. ගියා.😊😂

    ReplyDelete
  14. මොක්ක්ද යකූ අර බාබරයා කරන වැඩේ... ශුද්ඩවත් මඤන් කරනවා ඌ 😂😂

    ReplyDelete
  15. ඒම තමා ඔරිමජිනල් ඉන්දියන් බාබර් මසාජ්. එයා කොස්මික් බාබර්. අර කොස්මික් ශක්තිය තමයි ඇදලා අරන් ඔබන්නෙ. රිලෑ.....ක්ස්.🤣😂

    ඔච්චරම තොයිලයක් නැටුවෙ නැති වුනත් එකෙක් මගේ බෙල්ල දෙපාරක් කැඩුවා වමට, දකුණට.🤣

    ReplyDelete
  16. හුම්... මං දැක්ක සුද්දගෙ නාහේ අස්සෙත් කොස්මික් සත්තිය ඇතුළු කොරනවා හිට කතුරක් ගෙන😂😂😂

    ReplyDelete
  17. මං ආසම දෙයක් මනෝ විද්‍යාව.

    මෙතන ඉතින් ඕකමයි නෙහ් තියෙන්නෙ අර ගෑනු කෙනා ගෙ කොටසෙ.

    වැදගත්ම දේ ඉතින් අපේ ලමයිගෙ පොඩි කාලෙ ලැබෙන අත්දැකීම් ජීවිත කාලෙටම බලපානව. ඒකයි මෙතනත් වෙලා තියෙන්නෙ. වැරදුනොත් ගොඩ දාන්න බොහොම අමාරුයි.
    මටත් එහෙම අය හම්බෙලා තියෙනවා ඕනි තරම්.

    attachment theory ගැන හොයල බලන්න කැමති අය

    අනිත් ඒවා නම් ඉතින් තේරුනෙ නෑ😂

    ReplyDelete
    Replies
    1. ඔය තේරිච්ච ටික තමයි ඉතිං. වෙන මොනවද?🤔

      Delete
  18. යටිබඩ කේස් එක නම් තේරුනේ නෑ😂

    ReplyDelete
    Replies
    1. ඒක නිකම්ම "ක්ලික් බේට්" වචනයක් වෙන්නත් ඇහැකි, නැත්නම් සැඟවුනු අරුතක් තියෙන්නත් ඇහැකි( එලියට නොපන්වන, අඳුරු පැත්තක් වගේ තේරුමක්)

      Delete