Monday, February 20, 2012

බලු මහත්තය - Pooch in Boots



අදත් උදේ වැඩ ඇරිලා එනකොට බලු මහත්තයව හම්බ වුනා. කච්චිය පිච්චියට ගියත් බල්ලා එළුවෙන් කියන්නෙ බොරු නෙව, ආයිබෝං, ඔය අපූරුවට කෝට්-බෝට් ඇඳලා කකුල් හතරටම සපත්තුත් දාලා හිටියෙ( මෙහෙ වින්ටර් එකේදි බල්ලොන්ට ඇඳුම්, සපත්තු අන්දවනවා.) බල්ලෙක්ගෙ උනත් අවසර ගන්නෙ නැතුව පිංතූර ගන්න එක, මෙහේ හැටියට වැරදි වැඩක් නිසා පින්තූරයක් ගත්තෙ නෑ. මේක ගත්තෙ නං ඉන්ටනෙට් එකෙන්:











ඒත් උගේ ඇති මහත්ත කමක් නං නෑ, මාව දැක්කා විතරයි , මූ සුපුරුදු පරිදි මට ගෙරවිල්ලක් දැම්මා. ඕකා මාත් එක්ක තරහයි. කොහෙද, පටිය අල්ලන් හිටිය අර බඩ තඩි සුද්දා හිටියෙ නැහ්නං මට උන්දැට හොඳවැයින් දෙකක් කියා දෙන්න තිබුනා. ඊට පස්සෙ මේකා අණ්ඩක් එහෙම උස්සලා ලඟ තිබුණු ලයිට් කණුවකට සුළුදිය පාරක් ඇදබෑව. ඔය වැඩේ කරද්දි අණ්ඩෙන් පොඩි සපොට් එකක් දෙන එක ගැන කතාවක් තියනවා. පරම්පරා ගාණකට ඉස්සෙල්ලා උන්ගෙ බලු මුත්තෙක් තාප්පයකය ඔය වැඩේ කරද්දි තාප්පෙ කඩා වැටිලා උන්දැ එතනම අභාවප්‍රාප්ත වෙලා තියනවා. ඒක ගැන හොයන්න පත්කරපු බලු කමි‍ටුවේ නිගමන තමයි මේ:



1. ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයෙකු සෑදූ එම තාප්පය බලු නොවටිනා බවත්

2. මින් ඉදිරියට සියලුම බල්ලන් සුළුදිය බෑමට පෙර අණ්ඩක් ඔසවා තාප්පය ජැක් ගැසිය යුතු බවත්ය.



 මේ කතාව මට කිව්වෙ අපේ ටොමියා. ඇත්ත වෙන්න ඇති, පරයා ඩෝග් වුනාට ඌ එහෙම බොරුවට බුරන බල්ලෙක් නෙමෙයි. හරි, ආයිත් එමුකො ප්‍රධාන මාත්තුරුකාවට. බලු නොවටින මේ බලු ඇඳුම් , අපේ ඇඳුම් වලටත් වැඩිය ගණන්. ඒත් මේ බලු මහත්තුරු සූට්-බූට් දාලා බොහොම උජාරුවට යනකොට මට නං මතක් වෙන්නෙ අර අහිකුණ්ටික ඇත්තො නටන්න ගෙනියන රිලවුන්ව.




"හා,  කඳමලු බැඳගෙන නැන්ද මාමලෑ අහ යන හැටි පෙන්නලා ගහපං පුතා බඩ පිනුමක්!"

10 comments:

  1. මීට පස්සෙ හම්බවුනාම ඔය බල්ලාගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලලා, පොඩ්ඩක් රවපං.. ඌ සරෙන්ඩර් වෙනවා, ෂුවර් & ෂොට්.. :)

    ReplyDelete
  2. අනේ පව් අහිංසක බව්වෝ...අපේ ගෙදරත් ඉන්නවා චූටි බව්වෙක්. එයා බුරන්නේ නපුරු මිනිස්සුන්ට විතරයි. :)

    ආ නරක සත්තුන්ටත් බුරනවා...:D

    ReplyDelete
  3. බස්සා බ්ලොග් ලියනවා කියලා දන්නෙ අදයි! මුල ඉදලා කියවන්නත්, අලුත් ඒවා කියවන්නත් ඹන්න මම මගේ රෝලේ දා ගත්තා....

    ReplyDelete
  4. අපොයි අම්මේ සුපර්මාකට් වල බලු සෙක්ෂන් එකේ තියෙන ජාති . කොට්ට මෙට්ට සෙල්ලම් බඩු..නානාප්‍රකාර කෑම ජාති . ..ඇඳුම් පැළදුම් . හැබැයි මොක ඇන්දත් වලිගෙ එළියේ .

    ReplyDelete
  5. @බුරා
    ඕකට රවන්න බෑ බං, අයිතිකාරය ඉන්නවනෙ පටියෙ අනිත් කෙලවරේ
    ඒක නිසා දවසක් මං හිනාවෙලා "බැල්ලිගෙ පුතා, දෙන්න හිතයි දත් සැට් එක බඩට යන්න" කිව්වා. එදා ඉඳන් තමයි ඌ මාත් එක්ක ජම්මන්තර :D

    @පොකු
    අනේ අහිංසක බච්චො පවූඌඌ.....:D

    @බුද්ධි
    ලියනව, ලියනව, ඕං ඔහේ හීනියම ලියාදානව , ආයිබෝං :D
    @කිරිපුතා
    බෑ නේන්නං, උන් ගොරෝනව නෙව :D
    @බින්දි
    අනේද කියන්නෙ? මොක ඇන්ඳත් එක පුලියෙ නෙව :D

    ReplyDelete
  6. එහෙනං බස්සට බල්ලන්ගෙනුත් අරියාදු, අනේ පව්!
    මට මේක කියෙව්වම මතක් උනේ මහාචාර්ය ජේ. බී. ගේ ලිපියක්. බලු කතා ගැන. බල්ලෝ සම්බන්ධ කරගෙන මිනිස්සු කියන කතා උන් දන්නවනං, උන් මිනිස්සු ඉන්න පලාතකවත් ඉන්නේ නෑ.

    ReplyDelete
  7. @පොගු
    කියල තියන හැටියට නං අපූරු ලිපියක් පාටයි. නැත්ද ඕක බලන්ට විදිහක්. නැත්නම් මතක තියෙන විදිහට පෝස්ට් එකක් ලිව්වොත් මොකද වෙන්නෙ.

    ReplyDelete
  8. ඔයවගේ බලුමහත්තුරු වඩාගෙනයන සුදුනෝනලා දැක්කාම මටනම් ඇඬේනවා..අපේගම්වල බල්ලෝ මතක්‌වෙලා...උන් කොච්චර නිදහස්ද,සැපනැතත්?

    ReplyDelete
  9. @ විමුක්ති
    ඇඬෙනව නේන්නං. ඇයි පොඩි ලමයින්ව පටි දාලා, බලු පැටව් වගේ ඇදගෙන යන එක?

    ReplyDelete