පිස්සො කියන්නෙ හරිම අපූරු සත්තු ජාතියක්.බස්සො පිස්සොන්ට කැමති ඒකයි.අනික,
සමහර බස්සොන්ටත් ලාවට පිස්සු. දැං බලන්න බස්සොන්ට පියාඹන්න පුළුවන් නෙව? ඒ වගේම සමහර පිස්සොත් ඉන්නව පියාඹන්න පුළුවනි කියල හිතන. මේ ඒ වගේ පිස්සෙක්ගෙ කතාවක්:
දවසක් පිස්සො දෙන්නෙක් හොර කුරුම්බා බාන්න ප්ලෑනක් ගහනවලු. මේක වෙලා තියෙන්නෙ රෑක. එක පිස්සෙක් ගැහව්වලු ටෝච් එක පොල් ගහට. ගහල කිව්වලු " හා , දැන් උඹ මේ ටෝච් එලිය දිගේ ගිහිල්ලා කුරුම්බා ගෙඩි දෙකක් කඩපං" කියලා
අනිකා කිව්වලු" හහ්, උඹ හිතුවද මට පිස්සුයි කියල, ටෝච් එලිය දිගේ ගිහිල්ලා කුරුම්බා කඩන්න? අතර මඟදි උඹ ටෝච් එක නිව්වොත් හුටා නේද?" කියලා .
කිසිම පිස්සෙක් , තමන්ට පිස්සු බව දන්නෙ නෑ වගේම පිළිගන්නෙත් නෑ. පිස්සුව මනින මීටරයක් තාම නැති නිසා, අපිටත් කොච්චර පිස්සුද කියලා අපි දන්නෙත් නෑ. දැං බලාන්ට , කෙනෙකුට කියන්න පුළුවනි මම රහත් වෙලා ඉන්නෙ කියලා, ඇයි ඒකටත් මීටරයක් නෑ නෙව? මේ සමහර කතා ඇහෙන කොට , පිස්සු අපිටද , උන්ටද කියලත් හිතෙන්නෙ නැත්ද?
හරි මේ දෙවන කතාව:
මානසික ආරෝග්‍ය ශාලාවක තිබ්බලු ශ්‍රමදානයක්. දැං කස්ටිය ගජරාමෙට පස් කපලා , ඒ පස් වෙනතැනකට අදිනවාලු. මේ අවුවස්සෙ එක පිස්සෙක් විල්බැරෝවක් කනපිට හරෝගෙන , පස් කපන තැන ඉඳලා පස් ගෙනිහින් දාන්න ඕනෙ තැනට වෙනකම් එහාට, මෙහාට යනවලු. ඇටෙන්ඩන් කෙනෙක් මේක දැක්කලු. දැකලා කිව්වලු:
" ඈ බොල , මොකක්ද උඹ ඔය කරන පිස්සු වැඩේ තේරුම? ඇයි විබැරෝව කණපිට හරවගෙන යන්නෙ?" කියලා.
පිස්සා කියනවලු මෙහෙම " හහ්, උඹ හිතුවද මට පිස්සුයි කියල? විබැරෝව හරිපිට හරවගෙන ගියොත්, මුං මේකට පස් පුරවනවනෙ?" කියලා.
---------------------------------------------------------------
බ්ලොග් ලෝකෙත් ඉන්නව පිස්සො කීපදෙනෙක්. ඔය අතර හිටියා හරිම අපූරු පිස්සෙක්. අර,"මං පිස්සොත් දැක්කා , ඒවගෙ පිස්සො නොදැක්කා" ජාතියෙ එකෙක්.
http://img3.wikia.nocookie.net/__cb2007 1222164431/marveldatabase/images/2 /25/Persephone_(by_Marta_Dahlig).jpg |
මේකා උගත් පිස්සා. ඔය යුරෝපය පැත්තෙ රටක, ආචාර්ය උපාධියට ඉගෙන ගනිමින් හිටියෙ. බොලොගයක් කොටාගෙන, බත, බුලත සරි කරගෙන අපූරුවට හිටිය මූටත් වැදුනා මල් හී පාරක්. ඒක ආවෙ තැපෑලෙන්. එදා ඉඳන් මුගෙ පිස්සුව හොඳටම තද වුනා. අර කතා ලිවිල්ල එහෙමම නැවතුනා.ඊට පස්සෙ, වැඩි හරියක් ලිව්වෙ කවි. එව්වත් විරහ කවි. මේකා උල ලේනෙක් වගේ අඳෝනා තියන්න තිබා ගත්තාම
ඔව්, ඔව් සත්ය පෙරේමෙ තමා මූව නැති කලේ :). එයත් බ්ලොග් ලියපු කෙනෙක්ලු. අපි දන්නෙ නෑලු, ගෙස් කරන්න යන්න එපාලු, මොකද එයා ලිව්වෙ ඉංගිරිසි බ්ලොග්ලු. පිස්සා එයාට කිව්වෙ ඔය වයලට්, ජුලියට් වගේ නමක්.
උගේ ලෝකෙයි, බ්ලොග් ලෝකෙයි දෙකම එපා වෙච්චි පිස්සා, හිටපු ගමන් බ්ලොග් ලෝකෙන් අතුරුදහන් වුනා. ඊට ඉස්සෙල්ලා උන්දෑ උපාධිය ගත්තා.ඒ නිසා කොහේ නමුත් හොඳින් ඉන්නව ඇති.
අද ඒ බ්ලොග් එක නෑ. ඒකෙ නම " පිස්සාගේ ලෝකය".පිස්සා කතා ලිව්වෙ , අපූරු ශෛලියකට. මේ යන්න ඉස්සෙල්ලා එයා ලියපු අමතක නොවෙන කතාවක්.මට එයා තරම් ලස්සනට කතාව ලියන්න බෑ, පුළුවන් විදිහට ලියන්නම්:
පිස්සට කතා නායකයා හම්බවෙන්නෙ ආපන ශාලාවකදි. යුරෝපීය හැඩහුරුකම් තියෙන ලස්සන පොඩි කෙලි පොඩ්ඩියක් සමඟ ආ මේ තරුණයා , පිස්සගෙ අවධාණයට යොමුවෙන්නෙ, ඔහුගෙ තිබුණ "අපේ" පෙනුම නිසා. කෙලි පොඩ්ඩි , එතන තිබ්බ වැඩි වියදමක් නැති කෑම තමයි තෝරගන්නෙ.
සුහද සිනහවකින් පස්සෙ දෙන්නා දැණ හඳුනගෙන කතාවට වැටෙනවා.පොඩි කෙල්ල ඔහුගෙ දුව. මේ ඒ ආගන්තුකයාගෙ ජීවිත කතාව:
ඔහු සරණාගතයෙක් ලෙස යුරෝපයට පැමිණි, තවත් එක් ද්‍රවිඩ ශ්‍රි ලාංකිකයෙක්.යන-එන මං නැතිව, කන්න-බොන්න, ඉන්න-හිටින්න තැන් නැතිව ඉබාගාතේ ගිය කාලය ගැන ඔහු ලස්සනට කියල තිබුණා. බොහෝ අය හිතන්නෙ බටහිර රටකට පැන්නාම , එහෙ සුර ලෝකෙ වගේ තමයි කියලා. ඒත් යථාර්තය එච්චර ලස්සන නෑ.සෙට්ල් වුනාට පස්සෙ ජීවිතේ හොඳ වුනත්, පටන් ගැන්ම බොහෝවිට කටුකයි.
රෑට බෝට්‍ටු නවතා තිබුණු ජැටියක නිදා ගත්ත හැටිත්, උදේට එන සුදු ජාතික බෝට්‍ටු හිමියො, ඔවුන්ව පයින් ඇනලා අවදි කරපු හැටිත් , ඔහු කියලා තිබුණ. මට හිතෙන්නෙ , ඔහු මුල අමතක නොවෙච්ච ශ්‍රි ලාංකිකයෙක් කියලයි.
මෙහෙම සිල්ලර වැඩකරමින්, පාවි, පාවි ඉන්න ඔහුට හමු වෙනවා සුදු ජාතික තරුණියක්. ඒ ගතකරපු ජීවිතේ එපා වෙච්ච මේ තරුණයා , එවකටත් යුධ පිටියක් වෙලා තිබ්බත්, ආපහු ගමරට බලා එන්නෙ බටහිර පන්නයේ ආදර කතා තාවකාලික බව දන්නා නිසයි.
අපේ පිස්සාට කෙලෙව්වෙත් සත්ය පෙරේමෙ වුනාට, අපේ ද්‍රවිඩ මිත්‍රයගෙ ආදර කතාව මෙතනදි වෙනස් නැඹුරුවක් ගන්නවා. කෙල්ල එනවා මේකව හොයාගෙන ලංකාවට.
කව්ද අර කිව්වෙ " කෙල්ලො පාරෙ යන බස් වගෙයි. එකක් මිස් වුනොත් අනිකෙ නැගපං, ඒත් ඔය අතර එනවා උඹව "ගෙදර" අරගෙන යන බස් එකක්. ආන්න ඒක නං මිස් කරගන්න එපා පුතෝ" කියලා.
අපේ කතා නායකයට තේරෙනවා මේ අර කිව්ව " ගෙදර" අරං යන බස් එක කියලා. දෙන්නා බැඳලා ආපහු යුරෝපයට යනවා.
අද ඔහු ශ්‍රි ලාංකික සම්භවයක් තිබෙන, තවත් එක් සාර්ථක අනේවාසිකයක්. අද ඔහුට ගේදොර, යාන වාහන හැම දෙයක්ම තියනවා. ඔහුගේ වෘතීය සඟයන් පුදුම වෙන, ඉතා හොද ආර්ථක පදනමක් ඔහුට තියනවා. ඒ ඔහු අරපිරිමැස්ම දන්න නිසයි. ඒක ඔහුගේ දරුවන්ටත් පිහිටලා තියනවා කියල තමා පිස්සා ලියල තිබ්බෙ.
පිස්සා අන්තිමට කියල තිබ්බෙ" මට ඔබ ගැන ආඩම්බරයි, සහෝදරයා" කියලයි. සාර්ථක, ශ්‍රි ලාංකික සම්භවයක් තිබෙන අය ගැන හිටු කියලා ආඩම්බර වෙන මේ දවස්වල , මටත් කියන්න තියෙන්නෙ " මටත් ඔබ ගැන ආඩම්බරයි, සහෝදරයා" කියලම තමා. අවුලක් නෑ නේද?
එක පෝස්ට් එකක් ඇතුලේ කතා ගොඩක් කියවලා පිස්සු වගේ හි..හි...
ReplyDeleteඅර අත්තෙන් වැටිච්ච වෙලාවෙ මොලේ හෙල්ලුනා නෙව? :)
Deleteපිස්සු හැදෙයි...
ReplyDeleteඅර පිස්සගෙ ලෝකය මාත් කාලෙකට කලින් කියෙව්වා. පොර හොඳටම ලියන්න හැකියාවක් තිබ්බ එකෙක්. මං හිතුවා මැරිලයි කියලා.
ඒක නෙවෙන්නං යසට හිටිය හාදය. ඔය උලව් ලව් තමා උන්දැව නැති කලේ
Deleteසැබෑ ලංකික පිස්සෙක්.:D
ReplyDeleteමානසික ආරෝග්‍ය ශාලාවේ ශ්‍රමදානය නම් මරු ඈ.
//සැබෑ ලංකික පිස්සෙක්//
Deleteඒක නෙව අපිටත් ආඩම්බර
කතාවෙන් ගත හැකි ආදර්ශය: බස්සෝ පිස්සෝය.:P
ReplyDeleteකතාවෙන් ගත හැකි ආදර්ශය:
Deleteයෙම්ටි ලයිෆ , girlල කම්-ම
ලයිෆ රිවස ගියර
මම නං නෙමෙයි කිව්වෙ :)
මම මේ කල්පනා කලේ මොන පිස්සා ගැනද මේ කියලා තියෙන්නේ කියලා.. මේකේ පිස්සො සෑහෙන්න හිටියනේ..
ReplyDeleteමං හිතන්නෙ නෑ දිනේශ් එයාව දන්නව කියලා. ඩ්‍රැකී නං දන්නවා. එයා වැඩිය සමාජ භජනෙට ආවෙ නෑ. දන්න අය විතරයි එහේ ගියේ
Delete//සමහර බස්සොන්ටත් ලාවට පිස්සු. //
ReplyDeleteලාවට ??
ලාවට තමා. ඇයි අවුල්ද? :)
Deleteපිස්සා ගේ පලාමල්ල - මා ද ප්‍රිය කළ බ්ලොගයක් විය!
ReplyDeleteහුටා පිස්සා ගේ පලාමල්ලත් දැං නැත්ද? හැබැයි, මම කිව්වෙ " පිස්සාගෙ ලෝකය" කියල බ්ලොග් එකක් ගැනයි.
Deleteආඩම්බරයි... කිසිම අවුලක් නෑ... ලස්සනට පෙළ ගැහිලා තියෙනවා..
ReplyDeleteතෑන්ක්ස් කවිඳු
Delete