Monday, October 9, 2023

යකෝ ජැකෝ

 


කැලේ ඉන්නෙ, අලි, Praසන්ன,  රුදුරු වලස්සූ
වැලන්ටිනෝ බලු කුක්කා ගියා කඩේ අපව හිනැස්සූ
මලාට මම ආයෙ ලියන්නෙ නෑ කියල කලින් හගිස්සූ
ඒත්, සුභ ගමන් ජැකා අපි හැමෝම මැරෙන මිනිස්සූ

කලකට පෙර මියැදුනාට
හතර රියනෙ වැලලුනාට
උඹෙ උත්තම රාජකීය
උණුහුම මට දැනෙයි තාම


කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි
උපත :1958 ජූලි 8
විපත : ???
වෙනත් නම්: ජැකා, ජැක්සන් ඇන්තනි , පනාපුත්‍ර කුහුඹු පැණියා



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

42 comments:

  1. මේකේ මේ විපත ??? දාල තියෙන්නේ ඇයි? ජැකා මරුනේ ඊයේ නේද?

    අපේ මිනිස්සුන්ගේ කාටවත් වැඩක් වෙන්නේ නැති ජරා ගෝත්‍රික ගතිය ජැකා ගේ අනතුර සහ රෝහල් ඉන්න කාලයේ හුඟක් අය ප්‍රදර්ශනය කරා. ජැකා ප්රසිද්ද උන සහ දේශපාලනය නොකරා නම් ඌ උනන්ද මලාද කියලා මිනිස්සු දන්නේ නැ.

    ප්‍රජාතන්ත්‍ර දේශපාලනය මිනිස්සුන්ගේ අයිතිය, එක කර ජැකාට බට ගලවන්න, මැරෙන්න දෙන්න, ඇඳ වෙන කෙනෙකුට දෙන්න කියල වැඳගෙන බුදූ බන අහන මිනිස්සු කිව්වා (මිනිස්කමටත් ලැජ්ජයි) මෙහෙව් මිනිස්සු ඉන්න රට ගරා වැටෙන්නේ දේශපාලුවන් නිසාම විතරක්ද?

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. හ්ම් මෙන්න මේකක් කියෙව්ව නං ඇයි කියල තේරෙයි:

      සොහොන්පල්ලාගේ මතක වස්තුව

      අදහස් පල කිරීම ඔබේ අයිතිය. ඒක අනිත් අයගේ අදහස් එක්ක සමපාත වෙන්නම අවශ්‍ය නැහැ. ස්තූතියි.

      Delete
    2. විජේ, ජැක්සන් ඇන්තනි හොඳ නළුවෙක්, ඉදිරිපත් කරන්නෙක්. ඒකෙ දෙකක් නෑ.
      හැබැයි ඔහු the නළුවා හෝ the ඉදිරිපත් කරන්නා නොවේ.
      ප්‍රශ්නේ ඔබ කියන අපේ මිනිස්සුන්ට පෙර ජැක්සන් ඔහුගේ ගෝත්‍රික ගතිය ප්‍රදර්ශනය කළා නේද?
      රජාව අන්දලා ලාභ සත්කාර ලබාගැනීම ශිෂ්ඨ සම්පන්න ක්‍රියාවක් කියා ඔබ සිතනවාද?

      ඇඳ වෙන කෙනෙක්ට දෙන්න බට ගලවන්න කියා මිනිස්සු කීවා තමා. ඔබ කියන පරිදි ඒකත් ඒ කියපු මිනිස්සුන්ගේ අයිතිය.
      නමුත් ජැක්සන් හැර වෙන 'සම්බන්ධකම්' නැති අයෙක්ට මෙය වුනානම්, අනිවා දෙකක් නෑ බට ගලවලා ඇඳ වෙන කෙනෙක්ට දෙනවාම තමා. නමුත් එක්වරම බට නොගලවා (බටේ ගැලවීම නිත්‍යානුකුල නැත!) රෝගියාගේ ලඟම නෑසියන්ට තත්වය පහදලා දෙනවා මේ තත්වයෙන් සිටියොත් කිසිම වගතුවක් නොවෙන බව. එසේම ඒ බව ජැක්සන්ගේ ලඟම නෑසියන්ටත් කියන්නට ඇති. ඔවුන්ගේ මොළයේ ඇති වෙනස්කම් නිසා හෝ වෙනත් කරුණු නිසා එය ඔවුන්ට නොතෙරෙන්නටත් ඇති. කුමාරිගේ මලයා, එංගලන්තයේ රැකියාව කරන දොස්තර මහතා මේ තත්වය ඔහුගේ අධ්‍යාපනය හා අත්දැකීම් අනුව හොඳටම දන්නවා ඇති. කියන්නටත් ඇති.

      ඔබේ බිරිඳ ගෙන් හෝ දන්නා වෙනෙත් කෙනෙක් ගෙන් අසා බලන්න, වෙන්ටිලේටරේට සම්බන්ධ කරලා දවස් සිය ගණන් තිබීමෙන් වන සංකුලතා. ඒ ඇර ඉන් පස්සේ සිහිය ආවත් බොහොම විට ඔහුට පෙරමෙන් සියයට එකක වත් දෙයක් කරන්නට නොහැකිව මළාක් මෙන්ම සිටින්නට වේවි.

      මහින්ද මහත්තය අන්දලා කඩා ගත්තේ මහින්දගේ සල්ලි නෙවේනේ, ඒ වගේ අනුන්ට හෙන ගැහිලා ගියත් අපිට මොකෝ තකෙන් තමා පවුලේ උදවියත් වැඩ කළේ.

      අප අතරින් වෙන්වූ ඔහුට මොක්සුව පතනවා!

      මේ ඒක නෙවේ වාහනේ වැදුනයි කිව්වා අර අලියට මොකෝ උනේ?. ඔච්චර ඩැමෙජ් එකක් උන එකේ අලියාගේ නැට්ටේ වැදුන වෙන්නේ බෑ නේ. අඩුම ගානේ අලියා කිලෝමීටර් කීපයක දුරින් හමුවෙන්න ඕනේ නේද. මේ අලි කේස් එකත් මෙයාල ගහපු ලොකු වංගුවක් වගේ! ඉන්ෂුවරන්ස් ක්ලෙම් හෝ වෙන මොකකට හරි.
      පැත්තක හිටපු අලියෙකුත් පව්!

      Delete
    3. අදහස් දැක්වුවාට ස්තූතියි ඇනෝ. විජේබාහු සමහර විට පිළිතුරු දෙයි.

      Delete
    4. සම්බන්දකම් නිසා ICU එකේ ජැකාට ඉන්න පුළුවන්, අනිත් අයට බෑ කියන එක මට පිළිගන්න බෑ.

      මිනිස්සුන්ගේ කියන්න ඇති අයිතිය මම නැ කිව්වේ නෑ, මිනිහෙකුගේ මරණය ගැන පව්ලෙන් පිට අය කතා කරන එක සදාචාර නෑ කියලා මම කිව්වේ

      Delete
    5. ඔතැන මෙන්න මෙහෙම කෙස් එකක් තියෙනව. සමාවෙන්න දීප්ති කුමාර ගුන්රත්නවා මෙතෙන්ට ඇඳ ගත්තට. දීප්ති ඊයේ පෙරේද කිව්වා නේද මම ව හොයන්න කියල. ඒක තමා මටත් කියන්න තියෙන්නේ. ඔය විවේචනය කරන අය ඇතුළුව, විශේෂයෙන් සජබ, ජවිපෙ , ආධාරකරුවන් ඇතුළු පොහොට්ටුවේ අයත් නෑදෑයෙක් ට මොකක් හරි වුනහම , පවුලේ කෙනෙකුට වුනහම contact හොයනවා. මටත් කියල තියනවා. මමත් හොයල තියනවා. අර දොස්තර මේ දොස්තර , අර නර්ස් මේ නර්ස්, ලංකාවේම හැටි ඔහොම තමා. ජැක්සන් ගේ පවුලට විතරක් බනිනවා. 😀 අර පව් කරපු නැති එකෙක් පලවෙනි ගල ගහන්න වගේ තමා

      Delete
    6. ඒක ඇත්ත. ලංකාවෙ දොස්තරලගෙ මාෆියාවත් එක්කම තියෙන්නෙ "ස්ථර දෙකක" සෞඛ්‍ය සේවයක්. ඇති, හැකි එකා ගොඩ. නැති එකා ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ හරහා වැලිගම.

      Delete
  2. ඉහත ලිපිය බැලුවා, මම සදාචාරය/මනුස්සකම ගැන කියපු දේ කොමෙන්ට් වලින් පැහදිලිව පේනවා,

    සරලව කියනවනම් සමහර මිනිස්සු ජැකාගේ දේශපාලන අදහස් නිසාම ජැකා සහ පව්ලේ අයත් මිනිස්සු කියන එක අමතක කරා. තමන්ගේ කෙනෙකුට මේ වගේ අනතුරක් උනා නම්, පිට මිනිස්සු ඌ මැරිලා, බට ගලවන්න, ඇඳ වෙන කෙනෙකුට දෙන්න කිව්වා නම්?

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඔබ ඔබේ අදහස කිව්වා, මම මට කියන්න තියන දේ කිව්වා, අනෙත් අය ඒ අයට කියන්න තියෙන දේ කිව්වා. මේවා කිසිවක් ගලේකෙටූ අකුරු නෙමෙයි. ඒ ලිපියෙවත් මෙතනවත් කවුරුවත් අමනුස්ස කතාවක් කිව්වා කියල මට හිතෙන්නෙ නෑ. අපි හැමෝගෙම අදහස් වලට ගරු කරන ගමන්, මේ ගැන ආවේගශීලි නොවී කතා කරමු. මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්ණයක් (යාපනේ යුද්ධය වගේ). සදාචාරය/ මනුස්සකම මේව ඔක්කොම සාපේක්ෂ වචන කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. විජේබාහු,

      පහුගිය කාලෙ ලංකාවේ තෙල් පෝලිම් තිබ්බනේ. ඕස්ට්‍රේලියාවේ හිටියට එව්වා අහල දැකල ඇතිනේ.

      මං මේ නිකමට කියන්නේ V8 එකක් පෝලිමේ මුලින් හිටිය කියල ඒකට ලීටර් 80-90 ෆුල් ටෑන්ක් ගැහුවේ නෑ නේද?.
      ප්‍රොග්නොසිස් එක හොඳ නැත්තං සාමාන්‍ය මිනිසෙක්ගේ බටේ ගලවනවා බං.ඒ වෙන මොකකටවත් නෙවේ තව ජිවත් වෙන්න ඌට වඩා වැඩි චාන්ස් එකක් තියෙන එකෙක් ජිවත් කරන්න. ඒක අසාධාරණද?

      Delete
    3. තෙල් පෝලිම මමත් හිටියා, හැබැයි v8 නම් නෑ.

      ඔව් වැඩක් වෙන්නේ නැත්නම් බට ගලවන එක හරි, එකට උපදෙස් සහ කැමැත්ත දෙන්නේ උඹලා අපිද?

      බකමුණු උපදෙස් අනුව, මගේ අදහස් කියලා ඉවර නිසා මෙතනින් නවතිමු

      Delete
  3. කිරි කළේට ගොම බිංදුවක් දාගන්නව කියන එකට හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔහු මගේත් ප්‍රියතම කලා කාරයෙක්. ඒත් ඔහුගේ දේශපාලන භූමිකාව ප්‍රශ්ණාත්මකයි. මිනිස්සු තමන් ආදරේ කරන කලාකාරයොන්ව තමන්ගෙ එවුන් ලෙස සලකනවා. එහෙම එකෙක් ලයින් එක ක්‍රොස් කලාම අපට වැඩිය රිදෙනවා.

      Delete
  4. ඔහු මං දැකල තියන හොඳම නළුවා/ඉතිහාසඥයා/ ඉදිරිපත්කරන්නාවත්,
    නරකම මිනිහා/ දේශපාලන තක්කඩියාවත් නෙමෙයි.

    ඒ නිසා මට මේ ගැන එහෙමට ලොකු හැඟීමක් නෑ. කොහොමත් නළුවෝ, ක්‍රීඩකයෝ වගේ අයගේ ඒ පර්ෆෝමන්ස් අගය කරනවා හැර උන් පෞද්ගලිකව වීරයෝ නෙමෙයි, වැඩේ හොඳට කලොත් හොඳට රස්සාවකරන සාර්ථක මිනිස්සු විතරයි.

    පෝල් වෝකර්, හීත් ලෙජර් මැරුණාමත් සාමාන්‍ය කණගාටුවක් ආව. ශෝන් කොනරි වයසට ගිහින් මැරුනාම එහෙම ආවෙ නෑ. ජෙරල්ඩ් ඩරල් මැරුණාම ලොස් එකක් හිතුනා තව පොත් කීපයක් ලියන්න තිබුන නිසා.

    මගෙ වැරැද්දක්ද මන්ද මම පෞද්ගලිකව දැන හඳුනා ගත් කෙනෙක් හැර වෙනත් ප්‍රසිද්ධ කෙනෙක් ගැන මට ලොකුවට දැනෙන්නේ නෑ. වඳින පුදන වීරයොත් නෑ. ඉතින් උන්ගේ පෞද්ගලික ජීවිතේ වැරදි හෝ දේශපාලන කපටිකම් මට අදාල නෑ මොකද මං උන්ව උන්ගේ ක්ෂේත්‍රයට පිටින් අගය නොකරන නිසා.


    ඇඳ ගැන නම් පවුලේ අය සාමාන්‍යයෙන් පුලුවන් තරම් කල් තියාගන්න හදනව බ්‍රේන් ඩෙඩ් වුනත්. වැදගත් වෙන්නේ ඒක ගැන රජයේ රෝහලක ක්‍රියා පටිපාටියට වෙනස්ව බලධාරීන් ක්‍රියාකරලා තියනවද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රාජේ අජිත්ගෙ පෝස්ට් එකට දීලා තිබුන පිළිතුරට වගේම මේ පිළිතුරටත් මම එකඟයි.

      Delete
  5. අජිත් ඩී කීර්ති-මොස්කව්October 9, 2023 at 11:48 PM

    ටිප්ටොනික් වසන්තලා
    සමග දෙමටගොඩ සචින්තලා
    එකතුව ඩීජී බකඅප්පුලා
    හාන්සි වෙයි බෝතලේ ගසා

    ජැක්සන් ඇන්තනි
    නිවනට ලංඋනි
    බකුසු හිත සතුටු උනි
    ජේවීපී හැටි

    බකුසු මල්ලි මේ අහන්න
    එපා එපා සතුටු වෙන්න
    අනුර කුමාර වගේ නොවෙන්න
    ගුණයහපත් අයකු වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ මට ජැකා එක්ක ඇරියස් එකක් නෑ, ඒත් ICU කේස් එක ගැන මගේ මනාපයකුත් නෑ. ඒත් අපි ආදරේ කරපු ජැකා නැති වීම ගැන ඇත්තටම කණගාටුයි.

      Delete
  6. ඔය හැපුණු හැපිල්ලට අලියටත් හොඳටම ඩැමෙජ් ඇතිනේ. ජැක්සන් ගැන පමණක් නොවේ අපි අලිය ගැනත් හොයන්න ඕනේ. දන්නා කෙනෙක් කියන්නකො ලංකාවේ කොතැනක හෝ ICU එකක දවස් 500 ට වැඩියෙන් ඇඩ්මිට් වෙලා ඉන්න අලියෙක් ඉන්නවද කියලා.

    ReplyDelete
    Replies
    1. අලියා ගැන නං නොයෙක් කටකතා ඇහුනා. අලියෙක් නෙමෙයි අලි පිල්ලියක්ය කිව්වා. අලිය වැටි වැටි ගියාය කිව්වා, අනේ මන්දා?

      Delete
  7. ආපු හැමෝම යන්න එපැයි. ඒක මයිකල් ජක්සන්ටත්, ඣක්සන් ඇන්තනීටත්, මටත් පොදුයි. බලෙන් තියාගන්න හැදුවට බැරි බව තමා මේ කියලා දෙන්නෙ.

    ReplyDelete
  8. රූපය දිරයි - නම නොදිරයි දහම එයයි
    හොඳ කෙරුවොතින් නම බැබළෙනවා නියතයි
    කළයක කිරි නරක් වෙන්නේ ගොම හින්දයි
    ඒ ටික මතක නැති කළොතින් මළා තමයි!

    ReplyDelete
    Replies
    1. අක්බර් කියා බර, බර ගා බෙල්ල කපයි
      දෙයියා ලොකුයි කියලා උන් මිනී මරයි
      පසුව, මෙන්න ගහනව මුන් කියල අඞයි
      උනුත් එකයි, මුනුත් එකයි රංජා කියයි

      Delete
  9. ශ්‍රී ලංකාවේ කුමන රෝහලක හෝ ICU එකක මෙතෙක් වැඩිම දින ගනනක් තබා ප්‍රතිකාර ලැබූ අය ගැන කිසිවෙකු සමීක්ෂණයක් කර තිබෙනවාද? එසේ කිසිවෙකු සිටියා නම් එම රෝගීන්ගේ තරාතිරම හෝ 'සම්බන්ධතා' පිලිබඳ වාර් තා තිබෙනවාද යන කරුණු ගැන සොයාබලා, මේ දවස් 500 සිද්ධිය ගැන විවේචන කිරීම සාධාරනීකරණය කළ හැකි නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම සමීක්ෂණයක් ගැන දන්නෙ නෑ. දීර්ඝ කාලීනව මෙහෙම මැෂින් වලින් ජීවත් කලාම, සුව වුනත් සංකූලතා එනවා. කොහොමත් "ලොස්ට් කෝස්" එකක් කියල තමයි කියවෙන්නෙ. අනෙක් රටවල සාමාන්‍යයෙන් අවුරුද්දකට විතර පස්සෙ, රෝගියාව තවදුරටත් තියාගන්න ඕනෙ නම් වියදම දරන්න/ ප්‍රයිවේට් කෙයා යන්න කියනවා.

      Delete
  10. යකෝ මං මේක කියෙව්වට කොමෙන්ට් කරල නෑ නෙ හිටං

    ReplyDelete
    Replies
    1. මේක හරිහමන් පෝස්ට් එකක් නෙමෙයි නෙව? ඒ නිසා වෙන්ටෑ?

      Delete
    2. නෑ නෑ බොල
      පියෝ මිස්කේට් 😁

      Delete
  11. වෙච්ච වැඩේට හිතට දුකයි. කළාවෙන් දැක්ක ඔහුව... සාමාන්‍යය ජීවිතයෙන් අහිමි වීම වාගෙම, ඔහුගෙ ජීවිත සමුගැනීමත් 💔!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ ගැන විවාදයක් නෑ,

      Delete
  12. සියළුම දේ කියෙව්වා.. අම්මේ.... මගේ නම් ඔළුව ටිකක් මෙව්වා උනා වගේ උනා අප්පා.

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් ආපු එකම මඳෑ? ස්තූතියි!

      Delete
  13. මම කොහොමත් ජැකෝ ගැන කවියක් ලිව්වා රෝහලේ ඉන්න කොට. ඒ කලාකරුවාට අර දේශපාලකයෝ පස්සේ ගිය එකා ගැන මනාපයක් නැහැ. ඒ කොටස් මම හිතෙන අමතක කරලා දැම්ම. මොකද ඕව සාපේක්ෂ දේවල්. රාජපක්ෂලාට කඩේ ගිය අය ගොඩක් හිටිය. මගේ පවුලේම අයත්. එහෙම වුනා කියල මම උන් අත අරින්නද බැහැනේ බැහැනේ

    ReplyDelete
  14. අජිත් කීර්තිධර්මNovember 1, 2023 at 3:29 AM

    මිනිසුන්ට අපහාස කරන්න එපා බකුසු මලේ. කණගාටුයි ඔබගේ මෙම සටහන දැක්කමත්. මිනිස්සු මෙහෙම වෛරී සහගතව හිතන එක ගැන.

    ReplyDelete
    Replies
    1. හ්ම්.....මටත් පස්සෙ මේක නොලිව්ව නං හොඳයි කියලා හිතුනා.

      Delete
    2. අර ද්‍රකිට වෙන වැඩේ මටත් වෙනවා වගේ. ඕක මම නෙමේ ලීවේ. - මිට The real McCoy

      Delete
    3. මම දන්නවා. ස්තූතියි ප්‍රතිචාරයට.
      ඒත් මම කිව්වෙ ඇත්තට. මට ජැකා එක්ක අවුලක් නෑ, පොඩි කළකිරීමක් නං තියනවා, ඒත් ඒක වෛරයක් නං නෙමෙයි. මේ පෝස්ට් එකෙන් වැරදි අදහසක් එනවා කියලා හිතුන නිසයි එහෙම කිව්වෙ.

      Delete
  15. ජැක්සන් මැරිච්ච එක අපරාදයක් ...දක්ෂයෙක් ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හිටියා නං තව කාළයක් කලාත්මක නිර්මාණ කරනවා.

      Delete