Sunday, November 5, 2023

මධ්‍යම සැකසුම් ඒකකය, නැවත අසුන් ගැන්වීම

තේරෙන සිංහලෙන් කිව්වොත්, මේ කියන්නෙ CPU re-seating කියන එකයි. සත්තයි, ඉත්තෑ අමාරුවට කල දෙයක් නෙමෙයි, නොකරම බැරි නිසයි කලේ. 

CPU එකේ පින් තියෙන AMD වගේ නෙමෙයි,  ඔය Intel socket එක අන්තිම නරක ඩිසයින් එකක්( ද? *). සොකට් එකේ තමයි පින් තියෙන්නෙ. ඒ පින් එසේ මෙසේ ඒව එහෙම නෙමෙයි. අල්ප දයන්න වගේ ඇලේට තියෙන ලෝහ පතුරක කෙලවර නැම්මක් තියනවා. ඒ නැම්ම ගිහින් CPU එකේ තියෙන, අදාල පැතලි කන්ටැක්ට් ප්ලේට් එකත් එක්ක ස්පර්ශ වෙනවා. 

සාමාන්‍ය Intel සොකට් එකක පින් දාස් ගාණක් තියනවා. ඊට අමතරව CPU වෝල්ටේජ් එක 1.0V වලට වඩා අඩු නිසා 165W වගේ  cpu එකක් උපරිම ධාරිතාවෙන් වැඩකරන කොට, සමහර  පින් හරහා සෑහෙන ඇම්පියර්  ගානක් ගමන් කරනවා. ඒ වගේම ඩේටා ස්පීඩ් එක 3.8 GHz විතර වෙනවා. හැම පින් එකක්ම, නියමාකාරයෙන් ස්පර්ශව තිබීම වැදගත් වෙන්නෙ ඒකයි.

Intel socket එක, කොහොමත් නැවෙන, තැලෙන, ඇදවෙන පින් වලට ලෝක ප්‍රසිද්ධයි. හරි, අපි හිතමුකො පින් වලට හානි වෙන එක, භාවිතා කරන්නගෙ වරද කියල. එක පින් එකක්වත් නමා නොගත්තත්, කතාව එතනින් ඉවර වෙන්නෙ නෑ. CPU එකෙන් එලියට, නියමාකාරයෙන් හීට් ට්‍රාන්ස්ෆර් වෙන්න, CPU cooler එකේ ඉස්කුරුප්පු ඇණ හතර, බැලන්ස් වෙන විදිහට, අඩුත් නැතුව, වැඩිත් නැතුව තද කරන්න ඕනෙ. මේක කරන්න කිසිම මාපකයක් නෑ, හිත් සෝදිසියට තමයි කරන්න වෙන්නෙ. එහෙම කලා කියමුකො. ඒත් කතාව තාම ඉවර නෑ.

මේ පින් සහ කන්ටැක්ට් වල රන් ආලේප කරලයි තියෙන්නෙ, වැඩි කල් පැවැත්මට. ඒත් යන එන අධික ධාරාව හෝ වේගය නිසා කල් යනකොට (වාතයෙ තියන දූවිලි අංශු, අධික ධාරාව නිසා කාබනිකකරණය වීම වෙන්න ඇති) මේ කන්ටැක්ට් පොයින්ට්වල කාර්‍යක්ෂමතාවය හීන වෙනවා. CPU රත්වීම-සීතලවීම(thermal cycle) නිසා ඇතිවන thermal stress එකත්, කන්ටැක්ට් පොයින්ට්වල වගේම තර්මල් පේස්ට් එකෙත් කාර්‍යක්ෂමතාවයන් හීන වෙන්න බල පානවා ඇති. 

මේ ගැන සමහර විස්තර මෙතන තියනවා. Intel socket එකේ ක්‍රියාකාරිත්වය සහ ගැටළු ගැන විස්තර ටිකක් මෙතන තියනවා.


මේ වීඩියෝවෙ තියන හැම දෙයක්ම, මගේ රජකාලෙ CPU එකට අදාල නූනත් මූලික දේවල් හැම Intel CPU එකකටම පොදුයි. මට වුනේ, හිටපු ගමන් සම්පූර්ණ ස්ක්‍රීන් එකම තත්පර ගාණකට ෆ්‍රීස් වෙන එකයි. යම් උපාංගයක් සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙනකොට වගේ නෙමෙයි, මේ වගේ ලෙඩ සංකීර්ණයි. ඒ එකම ලෙඩේට හේතු ගණනාවක් තියෙන්නෙ පුළුවන් නිසයි. 

වැරදි මාර්ග ගණනාවක් පස්සෙ දුවල, දුවල හති අරින කොට,  OCCT එකෙන් දැක්කා සමහර ප්‍රොසෙසර් core වල උශ්ණත්ව වෙනසක්. ඒක රෙඩ් ප්ලෑග් එකක්. සාමාන්‍යයෙන් ඒවා ලඟින් යන අගයන්වල තියෙන්නෙ ඕනෙ.

Intel CPU සොකට් එක, වැඩිය නෙමෙයි කොහොමත් සෙල්ලං කරන්න හොඳ තැනක් නෙමෙයි. කල එකම දේ නැවත අසුන් ගැන්වීම(re-seating) විතරමයි.( හා දැන් සිටිං, ඉඳින්). එහෙම සිටින්-ඉඳින් කෙරුවාම, ඔක්කොම පින් ටික කලින් හිටි තැන් වලට වඩා, සේසයක් එහා මෙහා වෙලා වාඩි වෙනවා. ඒ හොඳට ඇති සැහෙන කාලෙකට.

වාසනාවට මගේ ලාබ vetroo v5 cooler එකේ ස්ප්‍රින් ලෝඩඩ් මවුන්ටින් සිස්ටම් එකක් තියනවා. ඒකෙන් සෑහෙන දුරකට බැලන්ස් ප්‍රෙෂර් එකක් CPU ඩයි කවර් ප්ලේට් එකට ලබා දෙනවා. ඒ නිසා තට්ට සෑර්ලා, හැට්ටරේලා ඇන්ජින් සීරු-මාරු කරන නිවැරදිතාවයට වැඩේ කරන්න ඕන වුනේ නෑ. දැනට වරුවක ටෙස්ට් රන් එකක් යනවා. තාම නං අවුලක් නෑ. 


මේ තියෙන්නෙ දැන් core temp තියෙන හැටි. 100% සහතික වෙන්න බැරි වුනත්, තාම හිරවෙන, කහින ලෙඩේ ආවෙ නං නෑ. උන්න හැටියට මලා මඳැයි, නේද?

වටිනා  කියන ආවුද:
 
OCCT - https://www.ocbase.com/download
Fan Control - https://getfancontrol.com/
Furmark GPU stress test - https://geeks3d.com/furmark/
Intel CPU burn test- https://www.techpowerup.com/download/intelburntest/

Furmark සහ Intel burn test වලට වඩා හොඳ benchmark tools ඇති මුත්, ඉක්මන් සහ පහසු පරීක්ෂාවකට මේවා හොඳටම සෑහෙනවා.

Foot Note:
Intel socket එක(LGA) එච්චරම නරක නොවෙන්නත් ඇහැකි. අලුත්ම AMD CPU එන්නෙත් LGA විදිහට. CPU එකේ පින්ස් නැති නිසා, ඒ පැත්තෙන් බැලුවාම පහසුයි.

(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

35 comments:

  1. දැං ඔය මොකක්ද කලා කියන එක කලේ කොහොමද කියල අපි දැනගන්න ඕන නැද්ද හිටගෙන.

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමේ? CPU කූලර් එකේ ඇණ බුරුල් කරලා, ගලවලා. අර චොකලට් පෙත්ත වගේ තියන CPU පොඩ්ඩක් හොලවලා, ආයෙ තිබුණ විදිහටම හයි කරන එකයි කරන්න තියෙන්නෙ. හිටගෙන නැතුව, ඉඳගෙන කලෑකි.😁

      Delete
    2. ඉතිං ඕක ආයෙ හයි කරනකොට තර්මල් පේස්ට් එහෙම දාන්නැද්ද

      Delete
    3. දැම්මා. දාලා ආයෙ ගලවලා හරියට සෙට් වෙනවද බලලා, ආයෙත් හයි කලා.
      CPU හීට් ස්ප්‍රෙඩ් කියන්නෙ, සංකීර්ණ බිසිනොස් එකක්. CPU තර්මල් ඩයෝඩ් එකට අහු නොවෙන, හොට් ස්පොට් තියෙන්නෙ පුලුවන්. එහෙම වුනොත්, CPU ඕවර් හීට් නොවීත් වෙන ලෙඩ එන්න පුළුවන්.

      Delete
    4. ඔය CPU හීට් කේෂ් එක ඇපල්ලගෙ පහු කාලවල ඉදල එන ඒවයෙ විසදුම් දාල තියෙනව කියනවා නෙ?. (මටත් ඇහිච්ච කතා. හරියට දන්නෙ නැ 🙈😁)

      Delete
    5. ඔව්, මුල් කාලෙ ඇපල් ලැප්ටොප් අධික රත්වීමට කුප්‍රකටයි. විසඳුම තමයි. තර්මල් ෂට්-ඩවුන් සහ CPU ත්‍රොටලින් කියන දෙක. ඒ දෙක නිසා CPU එක පිච්චෙන එක නවතිනවා වුනාට, ඔක්කොම ප්‍රශ්ණ විසඳෙන්නෙ නෑ.

      Delete
  2. මගෙත් තියෙන්නෙ ඉන්ටෙල් කොර් එකක්. අවුරුදු එකමාරක් විතර පරණ එකක්. ඒකෙත් ඔය කියන විදිහට ස්ක්‍රීන් එක බ්ලින්ක් වෙන ගතියක් තිබිලා, ස්ක්‍රීන් එක එක පාරට නැතුව ගියා. වොරන්ටි තියෙන්නෙ සිංගප්පුරූවෙ හින්දා මුකුත් කර ගන්න බෑ. යූ ටියුබ් බලලා එලියෙන් කරන්න ඕන සෙල්ලම් ටික ඔක්කොම කලා. ස්ක්‍රින් එක ඔන් උනේම නෑ. මාසයක් විතර ගියාම ඔන්න එයාටම හිතිලා හරි ගියා. අනේ මන් දැන් නෑ.

    ReplyDelete
    Replies
    1. කම්පෝනන්ට් එකක් පිච්චිලාම යනව නං ඒක ලේසියි. ඔහොම intermittant faults තමයි හිසරදේ වෙන්නෙ. එකම ක්‍රමය process of elimination තමයි. ඒකෙදි වුනත් බොරු වලවල් අනන්තයි.

      මෙමරි, CPU, GPU ක්ලීන්, රී-සීට් සහ තර්මල් පේස්ට් රී-ඇප්ලයි කිරීම හොඳ ආරම්භයක්. ඩ්‍රැකියා කිව්ව ක්‍රමයක් මකන කෑල්ලකින් PCI-e කන්ටැක්ට් ක්ලීන් කරන. තව ඉතින්, PSU එක නිසාත් නොහිතන ලෙඩ එන්න පුළුවනි.

      Delete
  3. ටයිටල් එක බ්ලොග් රෝලේ දැක්කම හිතුනේ බස්සා පරිපාලන සේවය ගැන මොකක් හරි ලියල කියල. ඉන්ටෙල් කෝර් i 7 -9700k , 8කොර් ගේමින් පීසී එක්ක තියෙන්නේ. තවම අවුලක් නැහැ

    ReplyDelete
    Replies
    1. Rule No. 1 - If it ain't broke, don't fix it 😊

      Delete
    2. අපේ කොල්ලටත් ඔය ගේමින් මගුලක් අරන් දුන්න i5 එකක්. හැබැයි ඒකෙ VGA එකනං ටිකක් පරණ එකක්. ඒකෙ අවුල තියෙන්නෙ ඔන් කල ගමංම ඩිස්ප්ලේ එන්නෙ නෑ. VGA එක ගලෝල සුද්ද කරල තර්මල් පේස්ට් ගාල හයිකරලත් අවුල එසේමයි.

      Delete
    3. VGA පරණ එක ඒ හැටි අවුලක් නෙමෙයි. ගේමින් එකක් නිසා, පවර් සප්ලයි එක අන්ඩපවර්ද දන්නෙ නෑ. VGA කාඩ් එක පරණ නිසා, කැපෑසිටර් ලීක් එකක් වෙන්නත් ඇහැකි. ඒත් ඒක ටිකක් රිස්කි වැඩක්.

      Check Capacitors in Circuit with ESR Meter

      ESR සහිත ලාබ මල්ටිමීටරයක්

      තවත් ලාබ ESR මීටරක් - මම දන්න වර්ගයේ එකක්.

      Delete
  4. පිං දාස් ගාණක් තියනවනම් ඉතිං කැඩෙන බිඳෙන එක ගැන බයවෙන්න දෙයක් නෑනෙ, අප්ග්‍රේඩ් වෙලානෙ පුනුරුප්පත්තිය.

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ටින් බිස්ටේක් එකක් සෑර්. දහස් කියල නිවැරදි වෙන්න ඕනෙ පිං ගන්න, අපේ නඩුකාර හාංදුන්නේ.😁

      Delete
    2. සුවපත් වේවා

      Delete
  5. ඩී ජී බක අප්පුගේ තියෙන මුසල කමට
    පින් එක ඇදවිය උදේම පාන්දර
    මීයාත් මල එකේ නිවනින් සැනසෙන්න
    ග්‍රැපයිට් ලපයා අපායේ සැතපෙන්නන

    ReplyDelete
    Replies
    1. කැවුනද අන්ද කයිප්පු
      ඇයි මේ හැටි ඔරොප්පු

      Delete
  6. මෙව්ව මට වැඩක් නෑ සත්තලන්ට තමා පෙන්නනවා 🥴

    ReplyDelete
    Replies
    1. මාත් ඉතිං යූ-ටියුබ් එකෙන් තමයි, වැඩි හරියක් දේ දැණගන්නෙ. මේ දැණගත්ත දෙයක් බෙදා ගැනීමක් විතරයි.

      Delete
  7. ඔය කීවට... ප්‍රොසෙසරේ දත කාන් හිමිට හයි කරන එකෙත් හිටං අමුතු මෙව්ව එකක් තියෙනො 😁😁

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙම තමයි. ඉස්කුරුප්පු නියන ලිස්සලා ගිහින් pcb එකේ නොවදිනා තාක් කල්.😁

      Delete
  8. මේක තේරුණා වගේ පෙන්නන්න වත් කමෙන්ට් එකක් දැමීමේ හැකියාවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. @ ඉයන් සහ Thattayagekolama

      ඔබතුමාලගෙ සමහර බරපතල ලිපි වලදි මමත් එහෙමම තමයි.😉

      Delete
  9. කියවන්නේ නැතිව දිගටම පහළට විත්
    බැලුවම ඉන්නවා තව මම වගේ අයත්
    ඔව්වා කරන එක හීනෙකි වෙවුලයි අත්
    ලිපිය නොකියවා එවනෙමි ප්‍රතිචාරත්

    ReplyDelete
    Replies
    1. නොකරන දෙයක් වුනත්, මෙහි ඇවිත්, හොඳ හිතින් දෙන සහයෝගයට ස්තූතියි, නිදි.🙏

      Delete
  10. පින් සහ කන්ටැක්ට් වල රන් ආලේප කරන්නෙ, වැඩි කල් පැවැත්මට??
    කවුද කියන්නෙ ?
    එහෙම කරන්නෙ එව්වා පහසුවෙන් කුසල් බවට පරිවර්තනය කරන්ඩ හිටං.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ආන්න බලන්නකො ඉතින් ඒකෙත් හැටි. එතකොට සොකට් උපාසකද කලින් නිවන් දකින්නෙ?😉

      Delete
  11. මටම කියල PC පෙට්ටියක් අටවා ගන්න තිබ්බ ආසාව ඉස්ට කරගන්න පුළුවන් දැන් ... හැබැයි උඹ මේ කියල තියෙන ඒවා දැක්කම අතගහන්න බයයි වගේ .. කවුරු හරි වැඩ දන්න බුවෙකුට කීයක් හරි දීල කරගන්නවද කියලත් හිතෙනවා ... තාම අස්ප ගණන් නේද ඔය චිප් ...

    ReplyDelete
    Replies
    1. එහෙමටම බය වෙන්න දේකුත් නෙමෙයි. මේ දවස්වල හොඳ ඩීල් එනවා. බ්ලැක් ෆ්‍රයිඩේ, සයිබර් මන්ඩේ දෙකේ ෆ්ලයර් බලල, ඇහැ ගහගෙන ඉන්න. මදර්බෝඩ්, ප්‍රොසෙසර්, රැම් කොම්බෝ ඩීල් එකක් බා ගත්තොත් ගොඩ. Nvme SSD දැන් පට්ට ලාබයි. AMD 5 එහෙම දැන් සාධාරණ ගානකට ගතෑකි.කෑල්ලෙන්, කෑල්ල එක්කසු කරලා තමන්ම අටව ගන්න එකත්, වෙනමම ආතල් එකක්. හෙමිහිට, පරිස්සමට හයි කර ගන්න තමයි තියෙන්නෙ. ඉස්කුරුප්පු නියන ලිස්සලා බෝඩ් එකේ නොවදින්න තමයි පරිස්සම් වෙන්න ඕනෙ. කිසිම විස්වාසයක් නැත්නම්, දන්න කෙනෙක්ගෙ උදව් ගන්න එකත් නරකම අදහසක් නෙමෙයි.

      Delete
    2. වැඩේට බහින්න ඕනේ .. මම සිලිකන් මැක් බුක් ප්‍රෝ එකක් පුද්ගලික පාවිච්චියට කියල ගත්ත දැන් අවුරුදු 3 කට කලින් හැබැයි සමහර වෙලාවට මල වදයක් වෙනවා ඇපල් සොෆ්ට්වෙයා පාවිච්චි කරන එක .. ඇපල් හාඩ් වෙයා කොච්චර සිරා උනත් මට හිතෙන්නේ වින්ඩෝස් සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න ලේසියි කියල .. ඒ දවස් වල දිගටම ඇපල් ගන්න හිතුවත් දැන් මට ඕනේ සිරා වින්ඩෝස් මැසිමක් ..

      Delete
    3. MacOS ගැන කියල තියන දේ හරි. කොච්චර සිරා හාඩ්වෙයා, සොෆ්ට් වෙයා වුනත්, යූසර්ට ඕනෙ විදිහට අත දිග හැරලා තර්ඩ් පාටි හාඩ්-වෙයා පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. මම කැටලීනා වලට ගත්ත වයි-ෆයි ඩොන්ගල් එක, ඊට පස්සෙ OS එකේ වැඩ නෑ. අනික, වින්ඩෝස් දැන් ඉස්සරට වඩා සෑහෙන්න දියුණුයි. සෙකියුරිටි වගේම අනෙකුත් පහසුකම් වුනත් නරකම නෑ.

      Delete
    4. මටත් මැක් අල්ලන්නේ නැහැ. අයි පෑඩ් එකයි ෆෝන් එකයි අවුලක් නැහැ.

      Delete
    5. ඔව්, තාමත් හුදී ජනයාගේ OS එක විදිහට තියෙන්නෙ වින්ඩෝස්. ඒත්, හොඳම නව නිපැයුම් එන්නෙ ඇපල් හරහායි. එකම අවුල, ඒ සඳහා ගෙවන්න වෙන මිල සහ ඔවුන්ගේ අසාධාරණ ඒකාධිකාරය තමයි.

      Delete
  12. ගිහින් කොමෙන්ටුවක් කෙටුවා.😁

    ReplyDelete