Tuesday, November 14, 2023

වායු සමීකරණය සඳහා විශ්ව පාලන මණ්ඩලයක්

යූ-ටියුබ් එකේ කරක් ගහන කොට දැක්කා නියම වීඩියෝවක්. ටිකක් පරණ මාදිලියේ, අර තඩි කරකවන නොබ් එකක් තියෙන රෙදි සෝදන යන්තරයක රෙපයාර් එකක්. ඒකෙ තිබුන කන්ට්‍රෝල් එක පිච්චිලාලු. මෙන්න මේකා කියපි, මේකට "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් හයි කලෑකි කියලා. කිව්වා විතරක් නෙමෙයි හයි කරලා. වැඩ කරලත් පෙන්නුවා. වැදගත්ම දේ  "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" තියෙන බව සහ ඒ සංකල්පයයි. මමත් ගියා Aliexpress, මෙන්න බොලේ තියනවා, වායු සමීකරණය වලටත් "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්".


මේ "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" සංකල්පය හරිම වැදගත්. ඔය බොහෝ "ගෙදර දොර උපකරණ" වල තියෙන්නේ එකම කොටස් ටික තමයි. ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, පිඟන් සෝදන යන්ත්‍ර ඔය කොයිවායෙත් මූලික ක්‍රියාකාරිත්ව පරිපාටිය, දශක ගාණකට තාම වෙනස් වෙලා නෑ. ඒ නිසා මෙහෙම, "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් සවි කිරීම, න්‍යායාත්මකව හරි යනවා. දැන් මේ හාදයා ඒක ප්‍රායෝගිකවත් කරල පෙන්නුව. මට හිතුනේ, රෙදි සෝදන මැෂිමක ක්‍රියාකාරිත්වය, වායු සමීකරණයකට වඩා සංකීර්ණයි කියලයි. 

මගේ කාමරේ තියනවා, රජකාලෙ වායු සමීකරණයක්.  යාලුවෙක් නිකං දුන්නෙ. ඕක පාවිච්චි වෙන්නෙ සමර් එකේ දරුණුම කාලෙ විතරමයි. ඒ හැටිම අවුලක් වුනේ නෑ. වංගියක් නියුට්‍රල් වයර් එක ආක් වෙලා ගැලවුනා රොටරි ස්විච් එකෙන්. මම ඉක්මනටම හොයා ගත්තා, වායු සමීකරණය හිටපු ගමන් නැවතුනහම, හොඳ පයින් පාරක් දුන්නාම වැඩ කරන බව( පස්සෙ ගලවලා පෑස්සුවා). පෝටබල් වායු සමීකරණයක ක්‍රියාකාරිත්වය මෙතනින් බලා ගත්තෑකි.



මගේ පෞරාණික පෝටබල් වායු සමීකරණයේ බ්‍රෑන්ඩ් එක Fedders. 1896 ආරම්භ කරපු කොම්පැණියක්ලු. මේ පිංතූරෙ ඉන්නෙ ඒක. ඉලෙක්ට්‍රොනික්ස්, ප්‍රොසෙසර්, LCD ඩිස්ප්ලේ, රිමෝට් මුකුත් නෑ, තනිකරම මැකෑනිකල් කන්ට්‍රෝල්. ඒ ගැන නං මගේ අකමැත්තක් නෑ, මොකද මැකෑනිකල් කන්ට්‍රෝල් කරදර අඩු නිසා. ඒත් එකම අවුල, උශ්ණත්ව පාලනය. ඒක නං සතුටුදායකයි කියල කියන්න බෑ. තිබ්බ ප්ලාස්ටික් exhaust හෝස් එක දිරලා ගිය නිසා, දැන් ඇලුමිනියම් එකක් දාලයි තියෙන්නෙ.

"කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට" කිව්වැහෙ, ඔය කොයි වායු සමීකරණයෙත් තියෙන්නෙ එකම දේවල් ටික. Aliexpress වායු සමීකරණ "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එක මේ පහල තියෙන්නෙ. උඩ වීඩියෝවට ඉහලින් තියෙන්නෙ, ඒකෙම සර්කිට් ඩයගෑම් එක. 


රුපියල් 22යි. "ආවොත් ආව, ගියොත් ගියා" කියල ඔන්න ඔහේ කෙටුව. රිමොට් එකේ බටන් ඔක්කොම චයිනීස් වගෙයි පෙන්නෙ. ඒක ඒ හැටි අවුලක් නෑ, මට ගූගල් ලෙන්ස් හරහා ඒව කියවන්න ඇහැකි. මා ගාව ක්‍රිම්පින් ටූල්ස්, මල්ටිමීටර් ඔක්කොම තියනවා. ඊයම් පාස්සන බවුත් එකෙත් ප්‍රොසෙසර්, ඩිස්ප්ලේ තියෙන මේ කාලෙ, මේ පෞරාණික මැකෑනිකල් කන්ට්‍රෝල් ටිකාක් විතර අවනම්බුවක් වගේ කියල හිතෙනවා.

මේක මට අටවගන්න පුළුවන් වෙයි නේද? හිත හැදෙන්නත් එක්ක, ඔබේ වටිනා ටැක්නිකල් උපදෙස් පහතින් කොටා ගෙනම යන්න. වැඩේ ජෝන් බාස්ට ගියත්, අඩුම ගනනේ මේ නිසා, AC එක ගලවලා, සුද්ද කරලා, අඩු-පාඩු බලන්න උනන්දුවක්වත් ඇති වෙන්නෙ නැතෑ.

Electrical Safety: මේව තියනවා කියලා, මේන් ඉලෙක්ට්‍රිසිටි එකත් එක්ක, මන්කි බිස්නස් කරන්න කියන එකක් මෙයින් අදහස් වෙන්නෙ නෑ. තමන්ගෙ රටේ ඉලෙක්ට්‍රිකල් කෝඩ් එක, වයර් කලරින් කෝඩ් සහ අනෙකුත් ඉලෙක්ට්‍රිකල් ආරක්ෂක රෙගුලාසි පිළිපදින්න ඕනෙ. මේ සඳහා මූලික දැණුමක් තිබීමත් අවශ්‍ය වෙනවා.

ලාබෙට ලැබිච්ච නිසා මෙන්න මේකත් ගත්තා.


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

63 comments:

  1. ලියා තියේ post එකක් වගෙයි බණ
    අයෙකුට තේරෙන අයෙකුට නොතේරෙන
    මාව වැටෙන්නේ ගොඩටයි නොතේරෙන
    තේරෙන අය ගනියි වැඩ- නිසැකයි ඔන්න!

    ReplyDelete
    Replies
    1. නිදි මෙහෙම වැඩ වලට අත ගහන්නෙ නැති විත්තිය දන්නවා. ඒත් පොස්ට් එකේ තියෙන දේ තේරුනේ නැති එක නං ප්‍රශ්ණයක්. හැමදාම ඇවිත් උනන්දු කරනවට ස්තූතියි.

      Delete
  2. යුනිවසල් බක අප්පුගේ ලෝන්ඩරිය
    පිච්චි ඇත ඒසී මෙන්ම මීය
    රු 22 න් කුණු ලෝබයි මේ මිනිහ
    අජිත් ධර්ම ලත් හිනහත් වෙච්ච

    ReplyDelete
    Replies
    1. අර පරිස්සම, ලෝබකම, නාස්තිය, ණයට ගිතෙල් වැළදීම ඔය ඔක්කොම සාපේක්ෂ වචන ඇනෝ.
      අම්මා ඉගැන්වූ පාඩම්. අරපරිස්සම

      Delete
    2. ණය වෙලා හරි බෝතලයක් ගහමු

      Delete
  3. ඕවගේ ඒව මෙහේ උං කාලෙක ඉඳල ඔය පරණ CRT ටීවී වල බෝඩ් පිච්චුනාම හයි කරනව. මම හිතන්නෙ ඕක එච්චර අවුලක් වෙන සීන් එකක් නෙමෙයි.
    හැබැයි ඉතිං බොලා පඬි වැඩ කරන්න ගිහිල්ල ඕක පුච්චගත්තොත් ඉතිං සොරි තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි අවයවය( කොපි රයිට්ස් වවුලෙක් සතුය). උපදේසෙ රටක් වටිනවා. 🙏👌

      පිච්චුනොත් රී-සයිකල් යවන්න කිසිම දුකක් නෑ, මේකෙ වයස බැලුවාම. සාර්ථක වුනොත්, අටවන බාස් ආතල් එක ලැබෙනවා.

      Delete
    2. ඔය අවයව කතාව මට මතක හැටියට රවියගෙ මාමණ්ඩි කියපු එකක්.

      Delete
    3. මලා! එහෙමත් එකක්ද? එහෙනං ඒක හැන්සාඩ් එකෙන් මකෝලා, වව්ලව ඇට්ටේරියෙ ගහේ එල්ලමු.😁

      Delete
    4. මලා! එහෙමත් එකක්ද? එහෙනං ඒක හැන්සාඩ් එකෙන් මකෝලා, වව්ලව ඇට්ටේරියෙ ගහේ එල්ලමු.😁

      වැඩේ ජොන් බාස්ට යන ලකුණු තමා තියෙන්නෙ. තියෙන මලදානෙ, බ්ලෝවර් මෝටර් එක 2 ස්පීඩ්. යුනිවර්සල් හුචක්කුවෙ තියෙන්නෙ සින්ගල් ෆේස් අවුට් පුට් එකක්. වයර් තුනෙන් දෙකක් පාවිච්චි කරලා ලෝ-ස්පීඩ් වලට වයර් කරලා, අනිත් වයර් එක ටර්මිනේට් කරන්න ඇහැකි, මහිතේ. ඒත් වැරදිලාවත් තියෙන්නෙ, සින්ක්‍රනස් මෝටර් එකක් නං ආතල් ඩබල් වෙනවා.

      Delete
    5. අවයවය රවි අයියගෙ මාමගෙ තමයි මටත් මතක

      Delete
    6. රවිත් සෑහෙන වචන ගොඩක් සිංහල බ්ලොග් වලට දීලා තියනව නේද? පඳුරු තැලීම, මාගල් කමෙන්ට් සහ අවයවය එයින් කීපයක් විතරයි.

      Delete
    7. අහා! ඔය තියෙන්නෙ, අල වගේද ගෝවා?
      ඔන්න මම බොට බලන්න, පූශ් වීඩියෝවක් ඇමිණුව අගට.

      Delete
  4. විශ්වයම වායුසමීකරණ මහා පිංකම නිසා බැස්ටියං සිටුතුමා සකුන්තලාගාමී මාර්ගපලයට පත් වෙයිද?

    ReplyDelete
    Replies
    1. අපට නං, කාලගුනේ අවුරුද්දෙ වැඩි දවසක් සට-සට ගාලා වෙව්ලන්නම සීතල වායුව සපයනවා. තාම එහෙම වුනේ නැත්තෙ, වැල් පොලියත් එක්කම බ්ලිසර්ඩ්, අයිස් වැසි දෙන්නද මන්දා? ආන්න එදාට සකුන්තලාගාමී නොවීම අනාතගාමී වෙතෑකි.😁

      Delete
  5. හැබෑට ඔහේටත් ඒසී ඔ්නෙ ද? ඒ මොන කාලෙ ද? එතකොට උෂ්ණත්වය කොච්චර වැඩි වෙනව ද?

    ReplyDelete
    Replies
    1. අවුරුද්දෙ වැඩි කාලයක් සීත වුනාට, පීක් සමර් එකේ 38-40 සැන්ට්‍රිග්‍රේඩ් වලට යනවා දවස් කීපයක්. ඒකටම හියුමිඩිටිත් නහුතෙට ගියාම, ඉහින් කනින් දාඩිය ගලනවා. ඉන්න අයගෙ ඇඟවල් උණුසම් පරිසරයකට අනුගත් වෙලා නැති නිසා, සමහරුන්ට "හීට් ස්ට්‍රෝක්" පවා එනවා.

      Delete
  6. ඔය සර්වලෝක කියන්නෙත් යුනිවර්සල් වලටම යාන්ත්‍රික අන්සෙ දීපු නමක් නේද?

    ReplyDelete
  7. හ්ම්. මේක වටිනව 👌. ටැංක්ස්. යුනිවර්ල් කන්ට්‍රෝලය ගැන පොඩිත්තක් ඇහැ යොමන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තං. එකෙක්ට හරි ප්‍රයෝජනවත් වෙන බව කිව්වට ස්තූතියි.
      මම කල්පනා කලේ අනිත් තියෙන ඒවා එහෙම්ම තියෙන්නෙ ඇරලා, මැකෑනිකල් තර්මොස්ටැට් එක බයිපාස් කරලා මේකෙන් කම්ප්‍රෙෂර් එක දුවවන්නයි.

      Delete
  8. හැම ඉංගිහි ලම්බටම හිංගල වචන දාන එකනං සාපයං. අයිටි අච්චුපොත්වල මේ හිංගල වචන ඉගෙනගන්න ලමයින්ට කොහොම ඇද්ද 😂

    ReplyDelete
  9. සමහර වචන නං තේරෙන, සරල පැහැදිලි ඒවා. ඒත් මහ අප්‍රබ්‍රංස ඒවත් තියනවා.

    ReplyDelete
  10. Replies
    1. ඇවිත් ගිය එකට ස්තූතියි.🙏

      Delete
  11. වැදගත් සටහනක්. බසු මහත්තයා යූ ටියුබ් එකේ කරක් ගහනවා වගේම අපට වැදගත් හොද හොද දේ බෙදාගන්න එක හරිම වැදගත් . සමහර වෙලාවට යූ ටියුබ් පිහිටෙන් අපට බොහෝ දේ කරගන්න තරමට අද ක්‍රමවේද සකස් වෙලා. ළගදි අපේ ගෙදර Central Vaccum එක වැඩ කරන්නෙ නැතුව ගියා. ඒක අවුරුදු 20 ක් විතර පරණ ගෙදර හදපු කාලෙ මොඩල් එකක්. මෙහේ විදිහට නම් අළුතින් එකක් ගන්න වෙනවා. ඒක සෑහෙන මුදලක් යන වැඩක්. පරණ එකේ උපාංග Steel වුණාට අළුත් ඒවායේ ගොඩක් දේ .
    Plastic. හදන තැනක් ගැන යාළුවෙක් ඔත්තුවක් දුන්නා. එතන මනුස්සයා කියපි ඒක ගලවන් එන්න කියල. ඔය වගේ වැඩ නුහුරු මම තනිකර ඒක ගැලෙව්වේ යූ ටියුබ් වීඩියෝ එකක් බලල.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි පාරේ යනවා කියලා හිතෙනවා. යන්තං පරණ වෙනකොට ගාබේජ් දාන, මේ කන්සියුමර් සොසයිටි රැල්ලෙම නොයා, හැකි සෑම විටම නැවත පාවිච්චිය පොකට් එකටත් පරිසරයටත් උදව්වක්.🙏👌😊

      Delete
    2. මම මේ දැන් සති දෙක තුනකට කලින් you බටෙන් බලල කාර් එකේ AC එක හදා ගත්තා .. සුපියල් 10යි ගියේ .. හෙහ් හෙහ්

      Delete
    3. ඔව්, යූටියුබ් එකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තෑකි. එකම අවශ්‍ය දේ තමන්ගෙ සීමාව දැනගෙන කටයුතු කිරීම විතරයි.

      Delete
  12. මට පොඩි උදව්වක් අවශ්‍යෙවලා තියෙනවා.
    මගේ පරිගනකයේ ඉදිරිපසින් FM,AM,SW1-2-3-4 අහන්න පුලුවන් රේඩියෝ පරිපථයක් සවිකරගත යුතුයි. එහි අවුට්පුට් එක සහ පරිගනකයේ සවුන්ඩ් අවුට්පුට් එක එකට සම්බන්ධකර ස්පීකරයට ලබාදිය යුතුයි.
    ප්‍රශ්නයක් ඇති නොවන විදියට අවුට්පුට් එකට සම්බන්ධ කරන්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඔහොම එකක් කරලම නැති නිසා, එච්චරම දෙයක් දන්නෙ නෑ.
      කම්පූටරේ "Line in" එකට සාමාන්‍යයෙන් 150mv සහ 10Kohm impedance, stereo සිග්නල් එකක් ගැලපෙනවාලු. Mic-in එක mono. ඒකට 5 mv සහ 600-1Kohm impedance ඕනෙලු. මේ ඉම්පීඩන්ස් මිස්-මැච් වුනොත්, සද්දෙ ඇහුනත් සවුන්ඩ් කොලිටිය නං යකාට යාවි. impedance( not resistance) මැන ගැනීම ගැන දන්නෙ නෑ. ඒත්, ඔය කියන රේඩියෝ පරිපථයේ pre-Amp අවුට්-පුට් එක මේ සඳහා හරි යන්න පුළුවනි. ඒක බොහොම දුර්වල සංඥාවක් නිසා, shielded audio cable එකකින් සම් බන්ධ කරගන්න වේවි.ඇනලොග් ඕඩියෝ ට්‍රාන්ස්මිෂන් කියන්නෙ, ඇණයක්. ඒක අභාවයට යන තාක්ෂණයක්. ඒ නිසා තමයි, බ්ලූ-ටූත් ඕඩියෝ වගේ පහසු, කොලිටියෙන් උසස් ක්‍රමවේද භාවිතා වෙන්නෙ.

      කම්පූටර් සවුන්ඩ් අවුට්-පුට් එකකින් හෙඩ්ෆෝන් එකක් වැඩ කලෑකි, ඒත් ස්පීකර් එකක් කෙලින්ම වැඩ කරවන්න තරම් බලයක් නෑ.මේ ටිකත් හොයා ගත්තෙ ගූගල් සර්ච් එකකින්.ඔබ මෙහෙම රේඩියෝ පරිපථයක් හදන්න යන නිසා, මට වඩා මේ ගැන දන්නව ඇති. ගූගල් සහ යූටියුබ් සරණං ගච්චාමි!

      Delete
    2. ඔව් එහෙම එකක් නං කනෙක්ට් කීරීමේ ගැටලුව විසඳෙනවා. ඒත් පේන විදිහට එයාට ඕනෙ කම්පූටරේ මුහුණතේ කන්ට්‍රෝල්ස් තියන රේඩියෝ එකක්.

      Delete
    3. හෙඩ් ෆෝන් එකකට ගැලපෙන සවුන්ඩ් අවුට්පුට් එකක් මදර්බෝඩ් එකේ CD Audio in කියන තැනට දුන්නොත් ප්‍රශ්නයක් වෙයිද?

      Delete
    4. Headphone outpuy = impedence150 to 1k ohms, and upto 3 volts RMS
      ඒක line-In උපරිම voltage 150mV වගේ විසි ගුණයක්. ඩිස්ට්‍රෝට් වෙයි නේද? ඔය දෙන්න හදන සිග්නල් එක ඇටනුවේට් කරන්න ඕනෙ, ඕඩියෝ කොලිටි(frequency responce) අඩු නොවෙන්නෙ. සර්කිට් තියනවා, ඒත් ඒවා මගේ පරාසයෙන් පිටයි.

      Delete
    5. https://www.aliexpress.com/item/1005004358483024.html?spm=a2g0o.productlist.main.11.66d3175dqq1YdE&algo_pvid=642293b8-62f2-4c58-bf0c-813c0827e25f&algo_exp_id=642293b8-62f2-4c58-bf0c-813c0827e25f-5&pdp_npi=4%40dis%21LKR%212944.38%212649.61%21%21%218.99%21%21%402103011717001754421935896e02c6%2112000028893783451%21sea%21LK%210%21AB&curPageLogUid=v47ATppYrYeA

      මේක කොහාමද?

      Delete
    6. ගානෙ හැටියට වටින්නෙ නෑ වගේ නේද?
      ඒ ගානෙන් බාගෙටක මේක ගත්තෑකි
      SDR- Software Define Radio
      හැබැයි SDR කියන්නෙ, ටිකක් ඉගෙන ගන්න වෙන සබ්ජෙක්ට් එකක්

      Delete
  13. ඔව් හැමැ එකකටම සිංහල වචන දාන එක විහිලුවක්..ක්‍රිකට් වල සිලී පොයින්ට් එක ට මෝඩ හිල වගේ එකක් දැම්ම නම් කොහොමද? - Mayya

    ReplyDelete
  14. මතක විදිහට, කාලෙකට ඉහත එහෙම වෑයමක් "හෙල හවුලෙන්" ඉදිරිපත් වුනා. ඒත් ඒක ජනප්‍රිය වුනේ නෑ. ඒත් ඒ නිසාම අපේ භාෂාවෙ යම් දියුණුවකුත් ඇති වුනා. ඕනම දෙයක්, ප්‍රමාණය නොඉක්මවා කරන තාක් කල් යහපත් ප්‍රතිඵල දෙනවා කියල තමයි හිතෙන්නෙ.

    ReplyDelete
  15. ඔය යුනිවර්සල් අටමග්ලෙ හිරමනේට හයි කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්. එක අතකට මේවා හදලා ලාබෙට දෙනවට චීන්නුන්ට පිං දෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට මගේ ක්‍රිම්පින් ටූල්ස්, මල්ටි මීටර්, ඊයම් පාස්සන බවුත් ඔක්කොම චීන බඩු. හැබැයි නොදැන ගියොත් අතරමඟ තමයි.

      Delete
  16. ආතල් වැඩ ඕවා ... මම මේ පාර අයිනේ විසික් කරලා දාල තිබ්බ කොම්පුටර් කට්ටක් උස්සන් ආවා ... හොඳ පවර් සප්ලයි එකක් තිබිලා ගලෝ ගත්ත .. දැන් මේ එකෙන් කරන්ඩ වැඩක් කල්පනා කරනවා .. හොඳ මල්ටිමිටර් එකක් කියන්න පුළුවන් ද ? Fluke 101 එකක් ගන්න අදහසක් තියෙනවා .. පොඩි පොඩි දේවල් වලට හරියන වැඩිය ගණන් නැති එකක් ..
    ආයේ මුල ඉඳල ආයුධ එකතු කරනවා .. හෙහ්

    ReplyDelete
    Replies
    1. Fluke එක ගන්න වෙලේ ඒකට මැග්නටික් ස්ට්‍රැප් එකකුත් ගනිං මලේ.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    2. ඔව් Fluke 101 හොඳයි.
      multimeter for a hobbyist
      මෙන්න මේ LCR මීටර් එකත් ගන්න කැපෑසිටර් වල ESR චෙක් කරන්න.
      LCR TC1

      Delete
    3. මේ AC/DC කරන්ට් ක්ලෑම්ප් මීටරෙත් ප්‍රයෝජනවත් භාණ්ඩයක්
      Digital Clamp Meter 600V 400A DC AC Current

      ඒකෙ HT212D මොඩල් එකේ විතරයි DC කරන්ට් තියෙන්නෙ.

      Delete
  17. ඔය වොසින් මැසින් කියන ජාතියෙ අත්දුටුයි හැමේකෙම (වගේ) තියෙන්නේ එකම කොන්ට්‍රෝලෙ, එක එක කොම්පැනිය විකුනන්නෙ එක එක ගානට.
    හැබැයි ඔව්ව ගලවල කොරල 'වල් ඉංජිනේරු' වැඩ කරලා හිටං ලාබෙට ගොඩ දාගන්ඩ ඇහැක් සමහර වෙලාවට.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  18. ඔඅක ඔපමනම ලොකු වැඩක් වෙන් බැහැ ලොක්කා. මම ගෙදර ඩිෂ් වොෂර් එකේ සහ වොෂින් මැෂින් එකේ සර්කිට් හයි කරලා තියනවා . බොයිලර් එකේ තමා බැරි. නීතියෙන් තහනම් නිසා ඒක කරන්න. අර ෆින්ගර්ප්රින්ට් ගැජට් නම් විකාරයක්. මම දබර ඇඟිල්ලට සෙට් ක‍රල තිබ්බ එකක් දැන් වැඩ කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //අර ෆින්ගර්ප්රින්ට් ගැජට් නම් විකාරයක්//
      හුටා! එහෙමත් එකක්ද? ඉතිං මොකේදෑ දං වළඳන්නෙ? 🤣😁

      Delete
    2. he he ඇඟිල්ල තවම තියනව.

      Delete
    3. ආයෙ දෙකක් නෑ සුවර් එකටම ඇඟිල්ල ගෙවිල ඇති.
      නැත්තං ඔය ඇති සූක්සම දේ වලට වරදින්නෙ නෑ

      ජයවේවා!
      Myself Hattor

      Delete
    4. අහා! එහෙනං ඒක තමයි වැඩ නොකලෙ. ඒත් අල්ලෙ රේඛා ගෙවෙන කං මොකක්ද කලේ? 🤣😁

      Delete
  19. මම කරන වැඩ දෙකක් තියනවා. . ඕනේ රෙපයාර් එකකදී පවර් එක අයින් කරන එක. කලින් ගහල තිබ්බනම් earth කරපු මොකක් හරි අල්ලන එක ස්ථිති විද්යුතයක් ගබඩා වෙලානම් එක නැති වෙන්නේ. ලිපිය කියෙව්වට පස්සේ හිතුනේ යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ් කෝකටත් අරන් තියන් ඉන්න එක හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. //ඕනේ රෙපයාර් එකකදී පවර් එක අයින් කරන එක. කලින් ගහල තිබ්බනම් earth කරපු මොකක් හරි අල්ලන එක ස්ථිති විද්යුතයක් ගබඩා වෙලානම් එක නැති වෙන්න//

      හරියටම හරි. ඉතාමත් වැදගත් වගේම ජීවිතාරක්ෂක රූල් එකක්. අපේ 2 පින් ප්ලුග්, පෝලරයිස් වුනත්. මම දැකලා තියනවා උපකරණ වල, සිංගල් පෝල් ස්විච්, නියුට්‍රල් එක විතරක් විසන්ධි කරන. ඒ වගේම තඩි AC රෙසර්වයර්/බල්ක් කැපෑසිටර් තියේ නං, ඒව ඩිස්චාජ් කරන එකත් වැදගත්.

      Delete
  20. ඔය යුනිවර්සල් කියන එකට අපේ සිංහල බාසාවේ ලස්සන වචනයක් තියෙනවා සර්වලෝක, උදා: සර්වලෝක පූට්ටුව. වහල හදන බාල්ක පුරුද්දන්න වඩු බාසුන්නැහේලා පාවිච්චි කරන්නේ.
    USB හඳුන්වා දුන් මුල් කාලේ යුනිවර්සල් වචනේ ටිකක් අමුතුයි, ඒ කාලේ අද තරම් හයිකරන ගලවන ගැජට් තිබුනේ නැහැ නෙහ්. අන්න ඒකට අද කාලේ සර්වලෝකේ උපරිමව පාවිච්චි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. USB - Universal Serial Bus -
      අහා! සර්වලෝක ශ්‍රේණිගත පරිපථය. ඒක එච්චර නරකමත් නෑ, අදහස ගම්‍ය වෙනවා.🤔

      Delete
  21. අජිත් ධර්මකීර්තිපාල-මුල්ලේරියාවNovember 21, 2023 at 1:41 AM

    ඩී ජේ බක කොලු මෙහෙ එන්න
    වායුව සීතල කරලන්න
    පරිපථ විසිකර දාලන්න
    බෝතලේ ගහලා නිදියන්න

    ReplyDelete
    Replies
    1. හහ්, අපි නං අහුවෙයි ඕවට.😁😏

      Delete
  22. අම්මපා උඹ නං බ්ලොග් තානාපතිම තමයි. 😁
    ගිහින් කමෙන්ට් එකක් කෙටුවා.

    ReplyDelete
  23. අපිටත් දැන් ඇහුව හැකි, කෝ උඹ ලියන්නේ නැද්ද කියලා හෙහ්

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං බොලාට වගේ ලියන කලාව පිහිටලා නෑ නෙව? මේ ටික ලියන්නත් සෑහෙන කට්ටක් කනවා.😏

      Delete
  24. මරැ කතාවක්!
    https://m7vidu.blogspot.com/2023/12/blog-post_9.html?m=1

    ReplyDelete
    Replies
    1. නියමයි. මෙහෙම ඒවා බෙදාගන්න එක හරිම වටිනවා, නමියො. ස්තූතියි. 👌🍷❄️

      Delete