Wednesday, December 13, 2023

මොබයිල් රෙප්‍යාර්කෙරේ

හෙඩිම ඉස්සුවෙ හැට්ටරේගෙන්. අපිට කොයින්දෑ පූසෝ IGBT? මගේ මොබයිල් එකට අවුරුදු 5 ලැබුවා. වර්ගය Xiaomi Redmi Note 7. දැන් ටික කාලෙක ඉඳන් ඕකෙ බැස්ටියෙන් ඉස්සර වගේ දවස් ගාණක් දුවන්න බැරි ගතියක් ආව. හැමදාම චාර්ජ් කරන්න වෙනවා. ඔය අවුල ඇරුනාම ෆෝන් එකට, ඉහෙන් බහින ලෙඩක් නෑ. අමතර බැස්ටියක් සුපියල් 15කට ගෙන්න ගෙන දැන් අවුරුද්දකටත් වැඩියි.

ඔහෙලා දන්නව නෙව දැන් මොබයිල් වල ඉස්සර වගේ ලේසියෙන් බැස්ටි මාරු කරන්න බැරි බව. ඒත් ගෙන්න ගත්ත බැස්ටිය දකිනකොට වරදකාරී හැඟීමකුත් එනවා. නෑ මං අහන්නෙ, බැස්ටියක් මාරු කරගන්න බැරි බස්සෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද, නේද?

ඒත් බැස්ටිය මාරු කරන්න හිතෙනකොටම "දැන් මොකටෑ ඔහේ ඕක ගැලෙව්වෙ, ඇයි ඉත්තෑ අමාරුවටද" කියල කව්දෝ අහනව මැවිල පේනවා.


තව දුරටත් මේ මානසික ආතතිය දරන්න බැරිම තැන, යූ-ටියුබ් වීඩියෝ කීපයක්ම බලල කාරිය, පහුගිය දොහක මම වැඩේට බැස්සා. ඉස්සෙල්ලාම මොබයිලාගෙ පශ්චාත් භාගය ලාවට රත් කලා. ඊට පස්සෙ තුනී ප්ලාස්ටික් කාඩ් එකක් දාරෙ අතරින් රිංගෙව්වා. සිරිංජරේක දාලා, වටේටම අයිසොපොර්ෆයිල් ඉන්ජෙක්ට් කලා. 

ලොකු අවුලක් නැතුව බැක් කවර් එක ගලෝගත්තා. ෆින්ගර් සෙන්සර් කේබල් එකත් පරිස්සම ගැලෙව්වා. පරණ බැස්ටිය, කෝටුවෙ ගිය ඉබ්බා වගේ, දත කාගෙන අයින හපාගෙනම ඉන්නවා. හෙලවෙන්නෙවත් නෑ.

මම නිතර දකින මේ වගේ නිවුස් නිසා, පරන වුනත් ලිතියම් බැටරි වලට ගවුරවයෙන් සලකන්න ඕනෙ බව දැන ගෙන හිටියා. නවන්න, අනින්න බෑ. අඞු-පඞු වලින් අදින්න බෑ. රත් කරන්න බෑ.

ඒ වංගියෙ, ප්ලාස්ටි ප්‍රයින් ටූල් එකක් ආධරයෙන් යාන්නත්  බැටරියෙ පැත්තක් උස්ස ගත්තා. ඊට පස්සෙ යහමින් අයිසොපොර්ෆයිල් වඩියක්  පොවලා කාරිය, වදෙන් පොරෙන් පරණ බැටරිය ගලව ගත්තා.

අලුත් බැටරිය දැම්මා. ආයෙ ඒකත් එක්ක ආව, ගම් ස්ටිකර් ඕන වුනේ නෑ. පරණ එකෙන් ඉතිරි වෙච්ච ටික වැඩියත් එක්ක සෑහුනා. එහෙන් මෙහෙන් සර්කිට් බෝඩ් වලට විසිවෙලා තිබ්බ අයිසොපොර්ෆයිල් බිංදු වලට "පුහ්" ගාලා කටින් පිඹලා, දෙයියන්ට පිං දීලා මොබයිල්  එක ඔන් කලා.

මුලදී ඒ හැටි අවුලක් තිබ්බෙ නෑ. ඒත් ස්ක්‍රීන් එක යටින් සිතියමක් වගේ පැල්ලමක් මතු වෙන්න ගත්තා. ඊට පස්සෙ  ස්ක්‍රීන් එක

ගැහිලා........ගැහිලා..................ගැහිලා.............................................මලා. ආ, මැරෙන්න කලින් එයාම හතර වටේටම කෝල් කීපයක්ම ගත්තා. පොලෝසියට මන්දා?

මාගේ නිගමන සහ නූගත් උගත් පාඩම්:

1. 50%  අයිසොපොර්ෆයිල්වල බාගෙට, බාගයක් තියෙන්නේ වතුරය.

2. දෛයන් මොබයිල් රෙප්‍යාර් කරන්නේ නැත.

3. "ඩොලර් ඉස්ටෝරුව" මොබයිල් රෙපයාර් බඩු ගැනීමට හොඳ තැනක් නොවේ.( වටේ පිටේ කිසිම තැනක් 99.99% අයිසොපොර්ෆයිල් නැත. ගිණිගන්නා සුළු නිසා විය හැක.

4. මොබයිල් වතුරට අකමැතිය. නාන්න නං කොහොමවත් කැමති නැත.

5. මලකඩ කෑම ( corrosion ) යනු රසායනික ප්‍රතිකිරියාවකි. බැටරි විදුලිය එයට උත්ප්‍රේරකයකි. ෆෝන් එක "ඕෆ්" කිරීම යනු සම්පූර්ණ බැටරි විදුලිය විසන්ධි කිරීමක් නොවේ.

6. අවුරුදු 5ක් වයස වුවද, ඇන්ඩ්‍රොයිඩ් 10 දිව්වද, WiFi 5GHz, LTE, biometric, fast charging ඇති 4Gb/64Gb  Redmi Note 7 තාමත් අපූරු මොබයිලයකි.

7. මොබයිල් රෙප්‍යාර් යනු වෘතීයමය රැකියාවකි. සුපියල් 20-30 මොබයිල් කඩේ චීනාට දුන්නා නං , අද මේ දුක විඳින්නේ නැත. ඒත් එහෙම වුනා නං මට ලියන්නට පෝස්ට් එකකුත් නැත..

 නඩු භාණ්ඩ - Exhibit A

අද ඕඩර් කරපු බඩු ආවා. රුපියල් 12 කට, Touch screen සහිත සම්පූර්ණ  LCD  මුහුණතක් දෙන්නේ කෙසේද කියා මා දන්නේ නැත. ඒකටම ඇල්කොහොල් වයිප් සහ ප්‍රොටෙක්ෂන් ග්ලාස් එකක්ද ඇතුලත් වී තිබුනි. මේ දිනවල චීනයේ මොබයිල් දන්සැලක් පවතිනවා විය හැක.

ඊලඟ පිංතූරයේ ඇත්තේ. බැක්-ලයිට් කොන්ට්‍රෝල් IC වැලකි. සංසංදනයට තබා ඇති, පොල් උලක් මෙන් පෙනෙන්නේ ඉඳිකටුවකි. වාසනාවට ඒ IC එකට හානියක් වී තිබුනේ නැත.

රෙප්‍යාර් කල මොබයිලයා ගිණිකසයා සේ වැඩය. ඒත් තාම ගම් දමා අලවා නැත. පවර් ඔන් ලෝගො එක දැක්කාම, බාප්පව දැක්ක වගේ සතුටක් ආවා. 

මොබයිල් එක නැති කාලෙ මට දැණුන දෙයක් තමයි, අපි තාක්ෂණය මත කොතරම් යැපෙනවද කියන එක. තාක්ෂණය මඟින් මිනිසෙක්ගේ පැවැත්ම මකවලා දාන්න හැකි දිනය වැඩි ඈතක නෑ කියලත් හිතෙනවා.

මෙන්න මේකත් ලාභ වුනත් මයික්‍රො-සොල්ඩරින් වලට සුපිරි භාණ්ඩයකි. සේල් වෙලාවෙ ෆ්‍රී ෂිපින් එක්ක රුපියල් 40 කට තිබ්බා.


චීනා බුදු වේවා!



(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

65 comments:

  1. චීන මොබයිල් එකක් නම් ඉතින් අනිත් බඩුත් ලාබනේ . මේක කියෙව්වහම මතක් වුනේ මගේ ළඟ ලිතියම් බැටරි කිහිපයක් ඔහේ දාල තියනව පෙට්ටියක. විසි කළා නම් හරි නේද

    ReplyDelete
    Replies
    1. එහෙම නිකංම විසි කරන්න බෑ නේද? විශේෂ තැන් වලට ගිහින් දෙන්න ඕනෙ මහිතේ. මම නං මෙටල් බිස්කට් පෙට්ටියක දාලා තියනවා. ගරාජ් එහෙම ගිණි අරගෙන තියනවා, ඒත් ඒ නිකං බැටරි නිසා නෙමෙයි, චාර්ජ් වෙන්න ගහපු ඒව නිසා.
      https://www.youtube.com/watch?v=PrwQSYwxoaU

      ඒත් මොබයිල්වල ඇති බැටරිය LiPo - Lithium polymer ගිණි ගැනීම අඩුයි කිව්වට අනේ මන්දා? චාර්ජ් කරන්න දාලා යන්න නං බෑ.
      https://www.youtube.com/watch?v=IAAxeXhmQuE
      https://www.youtube.com/watch?v=IAAxeXhmQuE

      Delete
    2. විසි කරනව කියන්නේ මේ කුණු බින් එකට දාන එක නෙමේ. මම අනිත් සාමාන්‍ය බැටරිත් එකතු කරනවා. ගොඩක් එකතු වුනහම සේන්ස්බරි එකේ තියනවා පරණ බැටරි එකතු කරන මල්ලක්. ඒකට ගිහින් දානවා . මගේ ප්‍රස්න්හේ මේ ලිතියම් ඒවා ඒ ගොන්නටම දාන්න පුලුවන්ද කියන එක

      Delete
    3. වැඩක් ගන්නෙ නැත්නම් ඒක තමයි හොඳ. ලිතියම් බැටරි කියන්නෙ නැතුවම බැරි ඒත්, "ටිකින් ටයිම් බෝම්බ" . ඒවා සම්ප්ධානුකූය බැටරි වලට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මගේ කලෙක්ෂන් එක මේන්ටේන් කරන එක මට දැන් වදයක් වෙලා තියෙන්නෙ. ඔවර් ඩිස්චාජ් වෙච්ච බැස්ටි චාර්ජ් කරන්න ඕනෙ කරන්ට් ලිමිට් කරලා, ඉතා පරිස්ස්මින්, රත් වෙනවද බල,බල.

      බැස්ටි කලෙක්ෂන් සෙන්ටර්(සේන්ස්බරි ) එකේ ගහල ඇති උපදෙස්. නැත්නම් එතනින් අහන්න.

      Delete
  2. මෞකක්ද මේ වැඩේ තේරැම. දානකොට එකපිට... නැතිකොට මොකක්කක්ම ඤැ 😁

    ReplyDelete
    Replies
    1. ඉතිං මොනවා හරි වෙන්න එපෑ දාන්න? අදයි බඩු ආවෙ, මොබයිලයාව ගොඩ ගත්තෙ.🤭

      Delete
  3. මදැ ඔයිං ගියා. මොනා උනත් අත්දැකීම වටිනව 👌.
    ලිතියම් බැටරි නං ඩේන්ජර් තමා. ඒත් අංගජාතෙත් බේරල තාම කයිසං අස්සෙ මේ වසල ඉන්නෙ.

    ටෙස්ල ඇත්තට සෙනසුරැ දසාවද මන්ද. කාලෙකට කලිං බිඳෙන්නැය කියු කාර් විදුරැවත් බිදුන. උඩ යවන ඒව බිමට පතබැවෙනව.

    ReplyDelete
    Replies
    1. උඹැහෙට කියන්න නමියො, සුමාන දෙකක් Praසන්ன මැරිව්ව අහිකුණ්ඨිකයා වගේ උන්නෙ.

      ටෙස්ලාවල වැඩියක්ම තියෙන්නෙ පුරාජේරුව විතරයි. මුල් කාලෙ කාර්වල, මැනුවල් ඩෝ-ඕවරයිඩ්වත් නෑ. ඕං බැස්ටිය ගිණිගන්නවා, පවර් නෑ, ඔක්කොම ෂට්-ඩවුන්. අපායෙ ගින්න වගේ දරුණුයි, ක්ෂණිකයි.

      Delete
    2. හඃ උඩ යන එව්ව බිම නොවැටි තියෙන තාක්සනේ තියෙන්නේ මේ ලෝකෙ එකම එක්කෙනෙක්ට පමණයි.
      වන ඇන් ඔන්ලි චිචී බේබි!
      ඇරිය රොකට් එකක් ආසෙට දැන් තියෙන තැන හොයාගන්ඩ නාස එකටත් බෑලු.

      Delete
    3. මට මතකයි ඒ දවස්වල නිවුස් ගියා" සී ලංකාව අභ්‍යවකාෂ තාක්ෂණයට පිවිසෙයි කියලත්. ලංකාවෙ පඳුරකට ගැහැව්වොත් විද්‍යාඥයො, ශල්‍ය වෛද්‍යවරු, මහාචාර්‍යවරු දහ දෙනෙක් විතර විසි වෙනවා.

      Delete
    4. හ්ම්ම් නිකම්ම නිකං විද්‍යාඥයො, ශල්‍ය වෛද්‍යවරු, මහාචාර්‍යවරු නෙවේ දැන් ඉන්නෙ ජ්‍යේශ්ඨ විද්‍යාඥයො, ජ්‍යේශ්ඨ ශල්‍ය වෛද්‍යවරු , ජ්‍යේශ්ඨ මහාචාර්‍යවරු.. හැබැයි කොහෙවත් එහෙම 'ජ්‍යේශ්ඨ' ඔෆිෂල් ටයිටල් එකක් තියෙන්නේ ජ්‍යේශ්ඨ කථිකාචාර්යට පමණයි මං හිතන්නෙ.

      Delete
    5. අර ඉන්දියාව කලා වගේ, හොලිවුඩ් මූවි එකක වියදමටත් අඩුවෙන් හඳට රොකට් එකක්වත් යවා ගන්න බැරි වෙයිද අපේ ඇත්තන්ට කියලා.🤔

      Delete
  4. බස්සෝ හිතාපං මං වගෙ එවුන් ගැන
    හණ මිටි කර තියං ඉන්නා එවුන් ගැන
    කියෙව්වට ලිපිය, මොකවත් නොතේරුණ
    එන්නෑ ආයෙ මේ වගෙ දේ කියවන්න!

    ReplyDelete
    Replies
    1. නිදි මොබයිල් එකක් පාවිච්චි නොකරන නිසා, නොතේරුණත් පුදුම වෙන්න දෙයක් නෑ. පහල ලිට්සීකර් කියල තියනවා වගේ, "නොදන්න දෙමළට ගිහින් වරිගේ නහගන්න" වැඩක් තමයි වුනේ. නෑවිත් ඉන්න එපා. ඔබලාගෙන් ලැබෙන මේ තල්ලුව නිසා තමයි, මෙහෙමවත් ලියන්නෙ. නැහ්නං, ඉස්සර ලිව්ව දැන් වාෂ්ප වෙච්ච රැලට මාත් එකතු වෙලා ගොඩක් කල්.

      Delete
  5. දැන් වගේ තාක්ෂණය නොතිබුනාට ඉස්සරත් දැන් වගේම බස්සො ඉඳලා තියනවා. ඒකනේ "නොදන්න දෙමළට ගිහින් වරිගේ නහගත්තා වගේ" කියලා කියමනක් බිහි උනේ!

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. ඒකම තමයි මට දෙන්නෙ ඕනෙ වුන පණිවිඩය. පිටින් පෙනුමට ලේසියි වගේ පේන දේ වල ඇත්තටම ඊට වඩා ගැඹුරක් තියනවා. මේකෙන් පස්සෙ මොබයිල් රෙපයාර් කරන අය ගැන සෑහෙන පැහැදීමක් ඇති වුනා.

      අපේ අය අතර පුරුද්දක් තියනව නේද, හදන්න යමක් දෙනකොට "ඔය මොකක් හරි පොඩි වයර් එකක් ගැලවිලා ඇති" කියන්න වැඩේ කරන්නත් කලින් හෑල්ලු කරන. හැදුවට පස්සෙ කියනවා" මේකෙන් කෑලි ගලෝගෙන" කියලා. යු-ටියුබ් වලින් බලලා හැමදේම කරන්න බෑ. අපේ හැකියාවේ සීමාව කොතනද, එහෙම කරන එකේ වටිනකම කොච්චරද කියලා නිගමනය කරන එක, හිතනවට වඩා සංකීර්ණ වෙන්න පුළුවනි.

      Delete
  6. 😮😮😮😮🥳🥳🥳
    මේක මට කියවන්න පුලුවන්නෙ. මාත් ටැක්නිකල් !!!!!!
    🍻🍻🍻🍻👍👍👍🐩🐩🐩🐩🐩

    බැස්ටියංතුමා, ටැබ් එකක ටච් ස්ක්‍රීන් වරින් වර වැඩ නොකරන්නෙ මොකද?
    එතකොට කීබෝර්ඩ් එකට කනෙක්ට් කරල ඒකෙන් තමයි. කලාතුරකින් ඒකෙ කර්සර් එකත් හිරවෙනවා. ටික වෙලාවකින් ආයිත් ටච් ස්ක්‍රීන් වැඩකරනවා. very inconvenient. හාර්ඩ්වෙයාර් ප්‍රශ්නයක් වෙන්න ඇතිලු. ඇයි ඒ?
    (මේ ටැබ් එක පාචිච්චි වෙනවා හුගක්. හැබැයි සේව් කරන් ඉන්න පොත් කියවන්න ඊ රීඩර් එකක් විදිහට පමණයි)

    ReplyDelete
    Replies
    1. හාර්ඩ්වෙයාර් ප්‍රශ්නයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකක් හරි කම්පෝනන්ට් එකක් මැරෙන්න කිට්ටුයි. ඇතුලට ජල වාෂ්ප රිංගීම නිසා වෙන්නත් ඇහැකි. ටැබ් එකට කෝපි පෙව්වෙ නැතුව වුනත්, හියුමිඩිටි වැඩි රසනෙ පරිසරක ඉඳලා සීත පැත්තකට ගියත් වෙන්න ඇහැකි. අලුත් මොබයිල් වලින් යූසර් රිප්ලේසබල් බැටරි අයින් කලෙත් ඔවැනි හේතු නිසා වෙන්ටෑ?

      සරලයි වගේ පෙනුනට මේව, අපට පිටින් පේනවට වඩා සංකීණ වෙන්න ඇහැකි, නොවෙන්නත් ඇහැකි. Your mileage may vary.😏. මට ටැබ් ගැන අත්දැකීම් ඇත්තෙම නෑ. ටැබ් එකේ ඇති පොත් ටිකේ බැකප් නැත්නම් , ඉස්සෙල්ලම එකෙ බැකප් එකක් ගන්න. බොහෝවිට ස්ක්‍රීන් සහ ටච් දෙකම එකට තියෙන්නෙ. ෆේල් වෙන්නෙ ස්ක්‍රීන් ද වෙන කොටසක්ද, රෙපයාර් එක වටිනවද කියනදේ තීරණය වෙන්නෙ, අලුත් ටැබ් එකක මිල, රෙපයාර් එකේ මිල සහ රිලයබිලිටි එක වගේ සාධක මතයි.

      Delete
    2. සුමුදු හාඩ්වෙයාර් එකෙන් ගත්තනං ඔය මොකුත් ප්‍රශ්නයක් නෑ,

      Delete
    3. සුමුදු හාඩ්වෙයාර් එකේ ටැබ් හදන්නෙ කොන්ක්‍රීට් වලින්ද? හැක්

      @ Pra Jay
      මට කියන්න අමතක වුනා. ටැබ් එකේ ස්ටෝරේජ් එකෙන්(මේන් ස්ටෝරේජ් එක, SD කාඩ් එක අදාල නෑ) බාගයක් විතර ෆ්‍රී තියෙන්නෙ ඕනෙ. එහෙම නැති වුනොත් ඔහොම වෙන්නත් ඇහැකි. එහෙම නැත්නම් OS එක හරි ස්ටෝරේජ් එක කරප්ට් වෙලාද දන්නෙත් නෑ. ඔක්කොම අයින් කරලා ආයෙ රී-ඉන්ස්ටෝල් කරන්න ඇහැකිද බලන්න.

      Delete
    4. OS එක අප්ඩේට් කලාද

      Delete
    5. ටැබ් එකක් නිසා, කම්පූටර් වල වගේ ෆොර්මැට්, OS රී-ඉන්ස්ටෝල් කරන්න බැරුවත් ඇති. ඔව්, OS එක අප්ඩේට් කරන එකත් අත්හදා බැලුවෑකි.

      Delete
  7. මගෙ අදහසනං පොඩ්ඩක් පාඩු උනත්, මොබයිලයා නැතුව පොඩි කට්ටක් කෑවත් මේව කොරල බලන්න ඕනෙ කියන එකයි. වැඩේ පංකාදු පහයි නොවැ.. රු12ට LCD මූනක් දෙන්නෙ කොහොමද කියලයි මාත් තාම කල්පනා කොරන්නේ..shipping වලට කීයක් ගියාද?

    ReplyDelete
    Replies
    1. මම ගත්තෙ සේල් කාලෙ. එතකොට 11.25 යි. ෆ්‍රී ශිපින්. දැන් 19 යි. ආයෙ අඩුවේවි බොක්සින් ඩේ එකට. ඔන්න මම ඕඩරේ පින්තූරයක් ඇමුනුව පෝස්ට් එකේ අගට.
      https://www.aliexpress.com/item/1005006181291489.html?spm=a2g0o.order_list.order_list_main.10.73e6180230FOnn

      වැඩේ පන්කාදුයි හරියටම කලා නං. ඉවසිල්ලක්/අත්දැකීම් නැති කමයි, ෂෝට් කට්ස්/කටින් කෝනර්ස් වගේ අපේ සහජ දුර්වලතා නිසා, මහන්සිය/ කන්න වෙන කට්ට වටිනවද කියන එක ප්‍රශ්ණාත්මකයි.

      Delete
  8. මේක කියවලා තමා මං,දැනගත්තෙ ෆෝන් එක ගැන මගේ නානාප්‍රකාර මැසිවිලි වලට සත්තලන් බස්සෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගගා ඉන්නෙ ඇයි කියල.මං එතකොට ඇයි ඔයාට බැරිද මේක ගලවලා බලන්න..කියල අහද්දි මං ෆෝන් රෙප්‍යාර්කරෙ දන්නෙ නෑ ගෑනියේ ඕක ඒවා කරන කෙනෙකුට පෙන්නපං කියන්නෙ ඇයි කියල දැන්නෙ වැටහුනෙ.හූම්ම්ම් මගේ වරද මං හිතුවා උන්දෑ සියල්ල දත් කියල..🤗

    ReplyDelete
    Replies
    1. සත්තලං නුවණක්කාරයා. තමන්ගෙ සීමාව දන්න මිනිහෙක් කියන්නෙ, අද කාලෙ විරල දෙයක්
      https://www.youtube.com/watch?app=desktop&v=P72U2yHWKSk
      මේ වීඩියෝවෙ තියෙන කුඩාම වර්ගයේ කෑලි, මොබයිල් ස්ර්කිට් එකේ තිබුනා. මේවා මිනිසුන්ට නෙමෙයි රොබෝලට පාස්සන් තියෙන කොටස්. මොබයිල් රෙපයාර් කරන දක්ස හාදයො, මේවත් එක්ක ඔට්ටු වෙන එක ඇත්ත. ඒකයි මොබයිල් රෙපයාර් කිරීම වෘතීයමය රැකියාවක් වෙන්නෙ.

      මටත් දැන් හිතිල තියෙනවා, මේ සෙල්ලම නතර කරන්න කාලෙ හරි කියලා.

      Delete
  9. ඔහේ හොඳ පෝන් රෙපෙයාර් කරන්න නෙමෙයි ඉස්පිරිතාලෙක තුවාල සුද්ද කරන වැඩේට.
    ඔහොම සජිකල් ස්ප්‍රිට් දාන්නෙ එතකොට තමයි. හැක්..

    ReplyDelete
    Replies
    1. 50% ස්ප්‍රිට් තමයි මාව නැති කලේ. ඔහේ නං කියයි, මගේ පූර්ණ අවධානය යොමුවෙලා තිබුනෙ, ලිතියම් බැස්ටිය හානි නොකර ගලවන එකටයි. ඒක නං කරගත්තා, ඒත් ස්ප්‍රිට් මට කොකා පෙන්නලා රිංගුව ඩිස්ප්ලේ එක අස්සට.

      දැන් මම දෙගිඩියාවෙන් ඉන්නෙ, ඒසී මොඩිෆයි වැඩේටත්. හැබැයි ඒකෙ නං ස්ප්‍රිට් නෑ, ලිතියම් බැස්ටි නෑ, වැලිකැට වගේ SMD නෑ, ඔක්කොම හොඳට අතට පයට අහුවෙන මහත-දෙහෙත බඩු.🤔

      මේ නයෝ, බැයිද මට බොලෑ හාඩ්වෙයාර් එකේ කොණක, මොබයිල් රෙපයාර් සොප් එකක් අටවගන්න?🤭

      Delete
  10. මේ හෙඩිං එකට සම්බන්ධ කථාව මම අහල තියෙන්නේ මෙහෙමයි. එක සිනමා හෝල් එකක් ගාව පෝස්ටර් එකක් ගහල තිබිල තියෙනවා අළුත් හින්දි චිත්‍රපටියක් ගැන නම 'ලාම්පුරේ පෙයාර්කරදේ'. පස්සෙ බලනකොට ඒක හෝල් එකට අල්ලපු කඩේක අතින් ලියපු බෝඩ් එකක්. පේලි දෙකට ලියල තියෙන්නෙ ලාම්පු රෙපෙයාර්කරදේ කියලලු.

    ReplyDelete
    Replies
    1. මාත් තකහණියක් පහලට ආවෙ ඔ්ක ගැන කියන්ඩ.

      අසූ ගණංවල රේඩියෝ එකේ ගියා ඉරිදා දවල් "ලන්දෙ වළව්ව" වගේ නමක් තිබුණු කතාවක්. ඔ්කෙ සරිගම ගියන ගමේ, ලන්දෙ වළව්වෙ, පදනිස සිල්වා කියලා හාමු මහත්තයෙක් උන්නා. එයාගෙ ගෝලයා ඇඳපු බෝඩ් එකක් තමයි ඔ්ක. දකින දකින හැමෝම අහනව:
      "ලාම්පුරේ
      පෙයාර් කෙරේ"
      කියන්නෙ හිංදි චිත්‍රපටියක් ද කියලා.
      අරූට ඔ්ඩරේ දීලා තියෙන්නෙ "පහන් අලුත්වැඩියා කෙරේ" කියලා අඳින්න. බෝඩ් එකේ ඉඩ මදි වුණ හින්දා මූ අර විදිහට ඇඳලා, ඉඩ පිරිමහන්න.

      ඇයි තව කතාවක් තිබුණා, බේකරියක දොරට උඩින් "පාන් තිබේ" කියලා ලියන්න දීලා. ඒකත් ආටිස්, පොල්ගෙඩි අකුරෙන් ඇඳගෙන ඇවිත්, අන්තිම අකුර ලියන්න ඉඩ මදි වෙලා, ඒක පුංචිවට ඇඳලා. ඈත ඉඳං බලනකොට පේන්නෙ "පාන්ති" ළඟට ආවම තමයි "බේ" පේන්නෙ.

      Delete
    2. හෙහ්, හෙහ් ඒක මසුරං. එතකොට ඒකයි නිධාන කතාව. "මීම්" කියන වචනෙ භාවිතයට ආවෙ මෑතදී උනත්, මේක ක්ලැසික් මීම් එකක්. මීම් වලට "කොපි රයිට්ස්" නැහැලු. ඒක එක එක්කෙනා අතින් වෙනස් වෙවී, පෝෂණය වෙවී යන දෙයක් කියල තමයි දැක්කෙ.

      Delete
    3. @ ඩ්‍රැකී
      යකෝ මේව නෙව කතා? උඹැහෙ දැන් වැඩිය නොඑන එකේ පාඩුව දැනෙන්නෙ, මේ ආතල් කතා දන්න අය සීමිත නිසයි.🤣👌🙏

      Delete
    4. මේ තියෙන්නෙ පාන්ති...

      https://www.facebook.com/photo/?fbid=877598413809225&set=a.112091017026639

      Delete
    5. අහා! ඔය තියෙන්නෙ තොරණෙ විස්තරේ සහිතවම.🙏👌😁

      Delete
  11. ෆෝන් එකට වතුර සම්බන්ධ ගැටළුවක් ද?

    වහාම ඔබන්න හාල් ගෝණියක! පැය විසි හතරෙන් සුපිරියට ඩි හයිඩ්‍රේට් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් වතුර- ජල වාෂ්ප. අර හියුමිඩිටි ඉන්ඩිකේටර් ඔක්කොම රතු. මම කෑලි, කෑලි වලට ගලවලා හොට් එයා ගන් එකෙන් වේලුව( මේ දිනවල අපට ඉර එලිය හිඟයි). එහෙම කරලත්, අලුතෙන් දාපු ස්ක්‍රීන් එකෙත් ලාවට පැල්ලමක් ආවා. දැන් නම් අඩුයි. තාම ඉදිරි-පසු පස මූණත් තහඩු අලවලා නෑ.

      ඔය හාල් වල ඔබන කතාව මමත් දැක්කා. බාගදා හාල් ගෝනිය, ඩීහයිඩේටරයක් වගේ ජල වාෂ්ප උරා ගන්නවද දන්නෙත් නෑ. කරල බලල, ප්‍රතිඵල ගත්ත අයව දන්නවද?

      Delete
    2. ඕ.පු. වෙන්න කියල එබුවා කැකුළු හාල් මුට්ටෙ.

      Delete
    3. කරල බලපු ‌කෙනෙක් දන්නව ද ඇහුව? ඔව්. දන්නව. ඩ්‍රැකියා කියල එකෙක් දවසක් සැම්සං ජේ වන් එකක් එබුව හාල් ගෝණියෙ. කියන්ඩ සන්තෝසයි, තාම වැඩ...

      Delete
    4. තව දාහක් වටිනවා🙏😁

      නිධාන කතාච:
      සුද්ද රට කරවන කාලෙ, ගම් වල හිටියලු යහමින් සල්ලි බාගෙ තිබුණත් නූගත් මුදලාලිලා. මෙහෙම මුදලාලි කෙනෙක් ගිහින්, කොළඹ වෝකර් ෂෝ රූම් එකට කාර් එකක් ගන්න. සුදු ජාතික සේල්ස් රෙපා, මුදලාලිව කාරෙක වටේ එක්ක ගිහින් විස්තර කරල, කිව්වලු ඇතුලට ගිහින්ම බලන්න කියලා. මුදලාලියා සරමෙන් අමුඩෙ ගහගෙන ජනේලෙන් ඇතුලට බඩ ගන්න ලෑස්ති වුනාලු. රෙපා "හා, හා මුදලාලි!" කියල එයාව නවත්තලා දොර ඇරල දුන්නාම, මුදලාලි මෙහෙම කිව්වලු:

      "තව දාහක් වටිනවා, ලියන මහත්තයා" කියල. ඔය "ලියන මහත්තයා" කියන්නෙ, ඇති තැන "ලියන මහත්තයා" කියලත්, නැති තැන "ලියන්නා" කියලත් කියපු මුදලාලිගෙ පර්සනල් ඇසිස්ටන්ට් මිස අපේ "ලියන්නා" නොවන බව කරුනාවෙන් සලකන්න.

      Delete
    5. හාල් එකේ ඔබන එක සාමාන්‍යයෙන් කරන එක. ලංකාවේදී ලැප් එකට වතුර වැටිලා හාල් එකේ එබුවා. ලැප් එක ගොඩ ගත්ත. ස්ක්‍රීන් එකේ පොඩ්ඩක් ඉරි යනව එච්චරයි.

      Delete
    6. මගෙත් එකත් හාල් මුට්ටෙ එබුව. මම දැම්මෙ කැකුළු හාල් එකේ. මොබයිලා වැඩිය කැමති තම්බපු හාල් වලටද?🤔

      Delete
  12. මෙහ්‍! මං කමෙන්ට් 2ක් දැම්ම. පොඩ්ඩක් බලන්ඩ ස්පෑම් එකේ...

    ReplyDelete
  13. අඩේ ඒක නියමයි. අර හොදි පැකට් එකේ ගැටේ, කතාව අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.🤣

    ReplyDelete
  14. මේකෙත් දාපු ප්‍රතිචාර නැහැ. කවුරුහරි මාව රිපෝර්ට් කරල තියෙන්නේ . ස්පෑම් යන්නේ ඒකයි

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම කමෙන්ට් කරලා තියෙන්නෙ ඔයා, ඒක ස්පෑම් වල තිබිල දැන් ගොඩ ගත්තා. ඔව් ඔබගේ කෙමෙන්ට් විතරක් ස්පෑම් යෑම ටිකක් අස්වාභාවිකයි නං තමා.🤔

      අන්න මම ඒකට රිප්ලයි කලා.

      Delete
    2. අඩි පහට වඩා උස අඩු කමෙන්ට් ස්පෑම් වේ

      Delete
    3. ටෝ දීයා කාපිය. නෑ දීයා විතරක් නෙමේ කබරයත් කාලා තලගොයාත් කාපිය.යකෝ අඟල් දෙකක් වැඩියි

      Delete
    4. ඕව ගණන් ගන්න එපා. ආං එයාගෙ, ඩ්‍රැකියගෙ එව්වත් ස්පෑම් ගියා.🤣

      Delete
  15. මගෙත් කමෙන්ට් තුනක් විතර ඇති ස්පෑම් වෙලා. පොඩ්ඩක් බලනවද?

    ReplyDelete
    Replies
    1. තුනක් තිබිල ගොඩ ගත්තා. මොන වින්නැහියක්ද බම් මේ?🤔

      Delete
  16. මම මොබයිල් රෙපෙයාර් කරන්නේ නැත. මම ඒවා දන්නේ නැත. කොන්ක්‍රීට් අනා මොබයිලය උඩට දාන්න කිව්වනම් දැමිය හැක.
    මොබයිල් රෙපෙයාර් කිරීමට දෙන්නෙත් නැත. ඕවයේ තියෙනා ඒවා ලීක් වී එක රැයින් තරුවක් වෙමට අවශ්‍ය නැත. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නෑ, Praසන්னලෑ හාඩ් වෙයාර් එකේ අයිපෑඩ් හදනවා කොන්ක්‍රීට් වලින්.🤣

      මොබයිල්වල ඇති බැටරිය LiPo - Lithium polymer ගිණි ගැනීම අඩුයි කියලා කියනවා. මෙන්න ප්‍රායෝගික පරීක්ෂණයක්

      BigClive lithium battery explosion

      Delete
  17. හෙඩිම මොබයිලේ රේ ප්යාර් කෙරේ

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍යාර් කෙරේ කෑල්ල හින්දා තමා, ලාම්පුරේ බෝඩ් එක හින්දි පිචෑර් එකක් වුනේ. වැඩියෙන්ම වීන මොබයිල් තියෙන ඉන්දියාවෙ, ෆෝන් රෙපායාර් බුවාල ගලවනවා ෆෝන්, හනුමා දර පලන්නැහේ "ඉස්ටෙප් බයි චෙක් කරෝ,චෙක් කරෝ" . ඒව බලල, මගෙත් ෆෝන් වලට තිබ්බ බය ගියා. දැන් ඒව බලලම මටත් හින්දි පුලුවන්.

      https://www.youtube.com/watch?v=hZl776E8QcI

      Delete
  18. මම මොබයිල හදන්න දන්නේ නැත. මොබයිලය උඩට කොන්ක්‍රීට් අනා දාන්න කිව්වා නම් දැමිය හැක. මොබයිල් රෙපෙයාර් කිරීමට දෙන්නෙත් නැත . ඕවයේ තියෙන ඒවා ලීක් වී එක රැයින් තරුවක් වීමට අවශ්‍ය නැත

    ReplyDelete
    Replies
    1. මේකෙන් දෙකක්ම තියනවා, ඔන්න ඔහේ තිබිච්චාවෙ.😁

      Delete
    2. යකෝ ඒක දාලා බලද්දී නැතිවෙලා නිසා තමා ආයේ දැම්මේ , බෝගරයාගේ ආච්චිට හාල් ගරන්ඩ

      Delete
    3. හාල් ගරන්න ඉස්සෙල්ල මොබයිලයාව ගොඩ ගන්න ඕනෙ. ඩ්‍රැකියාගෙ උපදෙස් මත මමත් එබුව මොබයිලයාව හාල් මුට්ටෙ.🤣

      Delete
  19. කමෙන්ට් අතුරුදහන් වේ , ඒ කීම

    ReplyDelete
    Replies
    1. ආං බොගේ ඒවත් ස්පෑම් තිබිල දැන් ගොඩ ගත්තා. ඩ්‍රැකියගෙ ඒවත් ස්පෑම් ගියා. ගමරාළගෙ කොන්ස්පිරසි තියරිය අනුව, කව්ද රිපෝට් කරල. මම නං කියන්නෙ, ගූගල් ඇල්ගොරිතමයට පික්සු ඩබොල් වෙලා.

      Delete
  20. යසවතී මලා! - අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් යසවතිත් මලා.

    ReplyDelete
    Replies
    1. තව ටිකකින් ශනිදා දහයට පෝස්ට් ටික ඒවි. ඒ එනතුරු අපි ඔන්න ඔහේ බෝතලයක් ගහලා හාන්සි වෙමු. 🤣😁👌

      Delete