Friday, December 15, 2023

Death + RoboVac

අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් මගේ රොබෝවැක් එකත් මලා. ඒක තමයි මගේ කාමරේ වැකුම් කලේ, මම නාන්න යන වෙලාවට. 

මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා,  කාමරේ වැකුම් කරන්න  දාලා, නාන්න ගියා. එනකොට, කාමරේ මැද්දෑවෙ දපා තියල උන්නා . බොරුවක් මුසාවක් නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ. මේක වෙලා දැන් දවස් දෙකක් වෙනවා. කියන්න විදිහක් නැතුව හිටියෙ, එක ලඟ පෝස්ට් ලියනවා කියල නමියා බයින නිසා. 

අරගෙන, දැන් අවුරුදු තුනකට කිට්ටුයි. මම කලින්  පෝස්ට් එකක එයා ගැන කියල තියනවා.  වෝල්මාට් එකෙන්, සුපියල් 100කට ගෙනාවෙ සේල් කාලෙක.

https://frozenlazyowl.blogspot.com/2021/05/blog-post_15.html

නිදිට මල පනිනවා, විස්තර වැඩි වුනොත් . චාර්ජ් වෙන්න පටන් ගන්නවා, ඒත් නැවතිලා රතු ප්ලෑෂ් වෙනවා. ගූගල්ගෙන් ඇහැව්වාම කිව්වෙ, බැටරිය ඩෙඩ් නිසා කියලා. බැටරිය ගලව ගන්න, මදේ ගලවන්න වුනා. පිංතූරයක් ගත්තා , ඒක Note 7 එකේ. දාන්න විදිහක් නෑ, ෆෝන් එක හාල් ගෝනියෙ. වැකුම් ක්ලීනර් මවු-පුවරුව, එපොක්සි ලේයර් එකක් දාලා(Conformal coating) සම්පූර්ණයෙන්ම සීල් කරලා, නතිං ඩුයිං. 


ගලව ගත්තා බැස්ටිය. චෙක් කලාම 13.6v තියනවා. ඉතිං ඩෙඩ් නෑ වගේ නේද? වැරදියි. බැටරි දෙකක් හොඳටම හොඳයි එකක් බාගෙට හොඳයි, අනික අවුල්.

මේකෙ BMS (battery management system)  එකේ අවුලක් වෙන්න බැරිද? එහෙම වෙන්නත් ඇහැකි, ඒත් එක දිගට අවු 3 ඇද්ද නිසා වැඩි අවාසිය තියෙන්නෙ බැටරි පැත්තට.

චෙක් කරන්න ඇහැකිද? - පුළුවනි

ෂුවර් ද?   - නෑ

ඊළඟ පිංතූරෙ තියෙන්නෙ ලිතියම් බැස්ටි (1865) ටෙස්ටරේ සහ අමතර BMS කාඩ් එකක්. දෙකම පට්ට ලාබයි, ඈ?මා ගාව, තව වෙන බැටරි පැක් එකක් තියනවා, එක බැටරියක් විතරක් අවුල්. ඕන්නං ඒකෙන් හොඳ ඒව ගත්තෑකි.

Links:

ලිතියම් බැස්ටි ටෙස්ටරේ 


3S-4S-5S selectable  BMS කාඩ් එක

මේ කාඩ් එක ගැන හොඳ ටියුටෝරියල් එකක් සිංහලෙන්ම:



දැන් ඔය බැට්‍රි ගලවලා ටෙස්ට් කරලා ඕක ගොඩ දානවද?
පිස්සුද !
මෙන්න මේක ඕඩර් කලා


(ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයෙනි)

48 comments:

  1. තමුසෙගෙ බ්ලොග් එකේ තියෙන්නේම කැඩුන ඒවා ගැනනේ ඕයි. ලංකට් පැලෙන්ඩ දෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි අවුල්ද?
      පැලෙන්න දෙන්නෙ මොනවද?
      මේ දාල බලන්නෙ මුට්ටියද?
      ඉතිං මට පාංද? 😁

      Delete
  2. ඒක කියවලා මගේ ඔලුවත් owl වුනා!
    රොබෝ වැක් එකක්ම අලුතින් ගත්තානම් ලේසියි කියලා හිතෙන්නේ මගේ ගෑනුකමටද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. @ මලී

      නෑ ඒක තමයි මගෙත් විසඳුම. හැබැයි ඒ බොක්සින් ඩේ එකේදී ආයෙ 100කට ආවොත් විතරයි. සුපියල් 13 කට ලැබිච්ච ඩුප්කේට් බැටරි පැක් එකෙන්, ආයෙ තව මොනවා හරි කැඩෙනකම්ම දුවන එකත් නරකම විසඳුමක් නෙමෙයි.

      කැඩෙන බඩු හදාගෙන දුවන්න පුරුදු පුහුනු කරවපු මගේ හිතට, මේ කන්සියුමර් සොසයිටියේ සමහර දේවල් දිරවගන්න අමාරු වුනාට, අමාරුවෙන් හරි පිලිගන්න වෙනවා හැම බඩුවකටම "කල් ඉකුත්වීමේ දින" තිබෙන බව. මේ නව පරපුරේ බඩු හදන්නෙ එහෙමයි, ලාබෙට දෙන්නෙ ඒ නිසයි. පිටින් ඒක නාස්තියක් වගේ පෙනුනට, ඒක එහෙම්මම නොවෙන්නත් ඇහැකි, විශේෂයෙන්ම ලිතියම් බැටරි ආරක්ෂාව ගැන හිතුවාම.

      Delete
  3. ඕක නෙමෙයි වෙන්න තිබ්බෙ. ඔය මගුල අධි ක්‍රියාකාරී වෙලා බස්සවත් ඕක අස්සට ඇදල දාගන්න එක.

    ඒක නෙමෙයි අර අහක යන හෙනේ අපි නුවරඑළිය පැත්තට යවමු.

    ReplyDelete
    Replies
    1. අපෝ බෑ. උන්දෑ අහින්සක පොලිස්. ඔය අලයක්, ස්ටෝබෙරියක් වවාගෙන ඉන්න එකා. අනික, එහෙම පිටින්ම කතාසරිත් සාගරයක්:

      ලාම්පුරේ පෙයාර් කෙරේ

      Delete
    2. ප්‍රසක්ඥ,
      අහක යන ටෝච් එකක් හෙම තියෙනවනං එවන්ඩ!

      Delete
  4. රොබෝ වැක් කියන්නෙ මොකක්ද කියලා හොයලා දැනගත්තම ආයෙ එන්නම්.

    ReplyDelete
  5. පිටුව පෙරලුවට සීතා
    පොත දන්නවා රාමා

    ReplyDelete
  6. AMS - ඇනෝ මැනේජ්මන්ට් සිස්ටම් ඇක්ටිවේටඩඩ් 😏

    ReplyDelete
  7. දැන් මේ කොමෙන්ට් ඩිලීට් කරලා ගමන යන්නද කල්පනාව? මෙලෝ රහක් නැති මේ බ්ලොග් එක වේලෙන විදිය බලමු එහෙනං කොමෙන්ට්ස්, හිට්ස් නැතුව.

    ඔය 'මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මට ඕනි දේ, ඒකෙ තියෙන්නේ මට ඕනි අදහස්' කියන මතයේ හිටපු ගොඩක් අය ටික දවසක් යද්දී තේරුම් ගත්තා ඒ මතය හොදටම වැරදියි කියලා. හැබැයි එතකොට බ්ලොග් එක වාරණය වෙන්න පුළුවන් හැම තැනින්ම වාරණය වෙලා, සින්ඩිකේටර වලිනුත් හැලිලා, ලිපියක් දැම්මත් මොකෙක් වත් බලන්න වත් එන්නේ නැහැ.

    ඕනි නං ඔය මතේ හිටපු ඉකොනෝමැට්ටාගෙන් අහන්න පුළුවන් මොකද උනේ කියලා .
    එහෙනං ඔහොම යන්කෝ. ටාටා බායි.

    ReplyDelete
    Replies
    1. හිට් ගණන හෝ තර්ජන අදාල නැත. මේක ලියන්නේ මගේ ආතල් එකට මිස වේලෙනවාද, ඇනෝලට කියල තෙමා ගන්නවද, වාරණය වෙනවද , සින්ඩිකේටර වලිනුත් හැලෙනවද බලන්න නොවේ.

      ලිපියක් දැම්මත් මොකෙක් වත් නොබැලුවත් කමක් නැත. උඹලා මේක බැලුවා, කියා මට අපහාස මිස ලැබෙන වෙන ලබ්බක් නැත. මට වටින්නේ මගේ බ්ලොග් හිතවතුන් පමණය. මට දිරිය, උපදෙස් , සාකච්චා ලැබෙන්නේ මගේ බ්ලොග් හිතවතුන්ගෙන් පමණි. මුළු ඇනෝ සංහතියම නියෝජනය කරන්නේ අපිය කියා, ස්වයං වින්දනයේ යෙදීමට උඹලාට ඇති අයිතිය පිලිගනිමි.

      50 cents Army


      එහෙනං ඔහොම යන්කෝ. ටාටා බායි

      Delete
    2. නෑ ඔක්කොම ඇනෝ කමෙන්ට්ස් ඩිලීට් කරන්නෙ නෑ. අපහාස සහ අදාල නැති ගොන් ජෝක්ස් විතරමයි. දැන් මේ කමෙන්ට් එක, සෑහෙන සංයමයකින් තර්කාණුකූලව ලියල තියනවනෙ? මම ඒකත් එක්ක එකඟ නැති එක වෙනම කතාවක්.

      බඹරගෙ කතාව අහල තියනවද?

      බඹරගෙ තටු වපසරිය, සරීරයෙ හැඩේ වගෙ සාධක සැලකිල්ලට ගෙන එයරොඩයිනමික් තියරි දාලා බැලුවාම බඹරට කොහොමවත් ඉගිලෙන්න බෑලු. ඒත් ඌ ඉගිලෙනවා. කොහොමද ඒ?

      උත්තරය - ඌ එයරොඩයිනමික් තියරි සහපහකට මායිම් කරන්නෙ නෑලු.

      බුබුල බිඳිලා රිදුන නං සමාවෙන්න. රිසීවින් එන්ඩ් එකේ ඉඳිද්දි අපටත් දැණුනෙ ඔහොමම තමයි.

      // මෙලෝ රහක් නැති මේ බ්ලොග් එක වේලෙන විදිය බලමු එහෙනං කොමෙන්ට්ස්, හිට්ස් නැතුව//

      ඇයි වේලෙන බ්ලොග් එක, තෙමල දෙන්නද අහන්නෙ? පැදුරෙ ඉන්න අපි කොහොමද බිමට වැටෙන්නේ?

      බ්ලොග්වල පොල්මඃකාර, උරුමක් කාරයො කියලද හිතාගෙන ඉන්නෙ? නැත්නම්, බ්ලොග් ලෝකෙ නීතිය සහ සාමය සුරකින සංස්කෘතික පොලීසියෙ කියල හිතාගෙන ඉන්නවද, අපිව "යහමඟට" ගන්න රිපෝට් කරන්නෙ? සයිබර් බුලින් ගැන අහලම නෑ වෙන්ටෑ? ඇත්ත කතාව, උඹලා පරපෝෂිතයො,ත්‍රස්තවාදියො. පෝෂණය වෙන්නෙ ඔය අංචි ඇදලා අල කරවන ලියන උංඑන්ම තමයි.

      ඕන්නං බොරු රිපෝට් කරල බ්ලොක් කරන්න ඇහැක් වේවි . ඉතිං මොකෑ? මෙලෝ රහක් නැති මේ බ්ලොග් එක නැති වුනත්, ආත්මාරක්ෂාව සපයා ගන්න බැරි, අහිංසක ඒත් නිර්මාණශීලී, මගේ සහෝදර බ්ලොග් ලියන්නට වෙනුවෙන් මම යමක් කලා කියල සතුටු වෙන්න පුළුවන් නෙව? බොලා එකතු වෙලා විචාරකව මරාගෙන, පස්සෙ මලගෙදරට ගියා කියල කිව්ව නේද? මේක මයින්ඩ් ගේම් එකක් නේ? සොරි, මම ඒ සෙල්ලමට නෑ.

      //ඕනි නං ඔය මතේ හිටපු ඉකොනෝමැට්ටාගෙන් අහන්න පුළුවන් මොකද උනේ කියලා//

      ඕක ඇපලුයි සහ දොඩම් සංසංදනයක් නෙව? ඉකොනෝමැට්ටා කියන්නෙ හිට්ස් ලක්ෂ ගාණක් තියෙන, "සන්නාම නාමයක්" කියල කියන බ්ලොග් එකක් නෙව? මගේ මේ වේලෙන, මෙලෝ රහක් නැති බ්ලොග් එක ඒකට සමාන වෙන්නෙ කොහොමද? සමහර වෙලාවට "අන්ඩ-ඩෝග්" වෙන එකේ වාසියකුත් තියනවා. අනික බ්ලොග් එක නැතත්, මට මගේ මිතුරන්ගෙ බ්ලොග් තියනවා. ඒ අය හැමදාම මාව ආදරයෙන් පිලිගන්න බවත් දන්නවා. ඉතිං ඒ මඳෑ?

      අනික, රිපෝට් කලොත් කරන්න තියෙන්නෙ, මේ කමෙන්ට් එකේ ලින්ක් එක, ගූගල් ට්‍රාන්ස්ලේට් හරහා යවන එක විතරමයි. සාක්ෂි සැපයුවාට ඔබට ස්තූතියි.👌🙏

      //හැම තැනින්ම වාරණය වෙලා, සින්ඩිකේටර වලිනුත් හැලිලා//

      මම ඔය එක සින්ඩියකටවත් දාන්න කියල ඉල්ලල නෑ. ඒ ගොල්ලොම තමයි දාගෙන තියෙන්නෙ. ඕක අදාල වෙන්නෙ හිට් ගාණ බලාගෙන ලියනව නං තමයි. කකා තමයි කිව්වෙ හිට්ස් නෙමෙයි වැදගත් කමෙන්ට් සහ සංවාදය කියල. ඒක හරියටම හරි. උඹලගෙන් ඒකට කිසිම ධනාත්මක රුකුලක් ලැබිල නෑ. පෝස්ට් එකක් දැම්ම ගමන් එන්නෙ නැට්ට කරේ තියාගෙන. ඇවිත් කරන්නෙ .....

      ආ, බ්ලොග් එකේ බැකප් මා ගාව තියනවා. ඒව අරං වෙන බ්ලොග් ෆ්ලැට්ෆෝම් එකකට ගියෑකි නේද? දන්නව නං කියා දීයන්කො? ඉඳලා හිටවත් එහෙම ධනාත්මක දෙයක් කරපං මචං.

      පෝස්ට් එක යකාට ගියාවෙ, මේක තමයි රියල් ඩීල් එක.😁

      සංවාදයට විවෘතයි. තව තියෙනව නං එවන්න, වැදගත් විදිහට ලිව්වොත් උත්තර දෙඤ්ඤං. ගොන් ජෝක්ස් දාගෙන ආවොත් මකනවා.

      අඩේ, එක නෙමෙයි ඇනෝ මචෝ. මෙහෙම කාටහරි අහිම්සකයෙක්ට දාගෙන නෙලුවාම, මාර කික් එකක් නෙව එන්නෙ බම්. උඹ නං කොහොමත් අහිම්සක නෑනෙ? ඊගෝ එක පිම්බෙන්නෙ බැලුම වගේ. තරහා නෑ නේද?

      Delete
  8. බක්සා,
    රොබෝවැක් ගැන කලින් ලිපිය කියෙව්වේ අද ඊයෙ වගේ මතක... හපොයි! දැන් කවද්ද මළගම?

    ReplyDelete
    Replies
    1. ඒ වීඩියෝව නියමයි. තාම මැරුනෙ බැස්ටිය විතරයි. මතකය අද ඊයෙ වගේ වුනාට දැන් අවුරුදු තුනකට කිට්ටුයි. මට මතකයි, උඹත් එකක් ගන්න ඕනෙයි කිව්වා.

      Delete
    2. ඔව්. මටත් එකක් ගන්ඩ ඔ්නෙකම තිබුණා. ඒ්ත් දැන් පරිප්පු කිලෝවක්, ලූනු පන්සීයක් ගන්ඩත් දෙපාරක් හිතන්ඩ වෙලා තියෙන්නෙ.

      Delete
    3. මට හිතා ගත්තෑකි, දැන් ලංකාවෙ තත්ත්වය. මගේ දුප්පත් කුඩා කාලෙත් ඔහෙම අහේනියක් තිබ්බා. මට මතකයි උඹත් ඒ වගේ දුක්මුසු නමුත් රසවත් කතාවක් වරක් කිව්වා.

      මේ පෝස්ට් එකෙන් මට ඕනෙ වුනේ, මම නොකලත් ලිතියම් බැටරි රෙපයාර් කරන ඔප්ෂන් එක, කැමති කෙනෙකුට දෙන්න. ඒත් එකම වර්ගයේ, එකම බැච් එකේ නොවන ලිතියම් බැටරි, මිශ්‍ර කිරීම ටිකක් අනතුරු දායකයි, විශේෂයෙන්ම බැටරි උශ්ණත්වය මනින්නේ නැති , මෙවැනි බාල BMS වල. ටෙක්නිකල් අජීර්ණය ඇති අයගේ පහසුව සඳහා ඒ විස්තර පෝස්ට් එකට දැම්මෙ නෑ.

      Delete
  9. දැන් දැන් ඇනෝ පම්කයලා තර්ජනත් කරගෙන එන්නෙ. ගිය පෝස්ට් එකේ කමෙන්ට් හැට ම අටක්. අපි බලමු ඇනෝ පම්කයට පුළුවන්ද කියලා මේ පෝස්ට් එකට වැටෙන කමෙන්ට් අඩු කරන්ඩ...

    ReplyDelete
    Replies
    1. වඳින්න වඳින්න ගහන එකත්, ගහන්න ගහන්න වඳින එකත්, දෙන්නම මෝඩයො කියන්නෙ කට කහනවටයෑ? තෑන්ක්ස් ඩ්‍රැකි.🙏👌😊

      Delete
  10. රොබෝවැක් එකෙන් හොඳටම පිරිසිඳුවෙන්න නම් ඒක පාවිච්චි කරන වෙලාවට ගෙදර ඉන්න පූසාට ඒක උඩ ඉඳගෙන ඉන්න පුරුදු කරන්න ඕන. lol දන්න කෙනෙක්ගේ රොබෝවැක් අත්දැකීමක් ඇසුරෙන් තමයි කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. පූසො කියන්නෙ අදහන්න වටින සත්තු ජාතියක්. ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ. පූස් බූල් නිසා බ්‍රශ් එක නිතරම ක්ලීන් කරන්න, උත්තෙජකයක් සැපයෙනවා

      https://www.youtube.com/shorts/XF1U8T1n6Wo

      Delete
    2. https://www.youtube.com/watch?v=JnuYlFhXWsU

      Delete
    3. https://www.youtube.com/watch?v=kkwiQmGWK4c&pp=ygUPY2F0IHNheSBidWRkaGFt

      Delete
    4. https://www.youtube.com/shorts/5MOWTObtxrc

      Delete
    5. https://www.youtube.com/watch?v=48D2Pc7sHP8

      Delete
    6. හෙහ්, හෙහ් නියම වීඩියෝ ටික. මට ආයෙ අර ඇනිම බලන්න හිතුනා. මේ තවත් ඒ වගෙ පූසෙක්. Evething going to be............OK

      https://www.youtube.com/watch?v=lPdcTwnBK7w

      Delete
    7. https://www.youtube.com/watch?v=mbMHxm-tKX0
      මේක මට පුංචි කාලෙ දි ගොඩක් ම හිතට වැදුණ එකක්...

      Delete
    8. මට මතකයි ඕක. පස්සෙ බල්ලට කෑම දෙනවා, ඌ සිහි නැතුව වැටෙනවා. පූස් පැටියා මැරිල නෑ, පස්සෙ ලඟට ආව වගේ තමයි මතක. මේ එහෙම ඇත්ත බලු/බළල් මිත්‍රත්වයක්.

      https://www.youtube.com/watch?v=lPdcTwnBK7w

      Delete
    9. හ්ම්ම්... අරූ, බළල් පැටියගෙ හැඩේට හදපු කුකී එක පිටේ තියාගෙන යනහැටි. ඒක බදාගෙන අඬන හැටි...

      මතකද, ගල්වඩුබාස් ලීවඩුබාස් කතාව?

      Delete
    10. මේං ගල්වඩුබාස්, ලීවඩුබාස්...
      https://www.youtube.com/watch?v=s9GnzDAzSCE&pp=ygUZ4La94Lec4Laa4LeUIOC2tuC3j-C3g-C3ig%3D%3D

      අර උඩ දාල තියෙන්නෙ ඔ්කේ පූසගෙ ලිංක් එක ම යි.

      Delete
    11. https://www.youtube.com/watch?v=_BDKlkwWom0&pp=ygUbTG9vbmV5IFR1bmVzIGZlZWQgVGhlIEtpdHR5

      Delete
  11. බස්සා මචං,
    මොකද අපෙන් වෙන්ඩ තියෙන්නෙ? රොබෝවට දෙන්ඩද අමෘතෙ?

    ReplyDelete
    Replies
    1. හප්පේ උඹව දැක්ක කල් ඇඩමො. දැන් කොහොමද අර ගිණි කිකිළි - අග්නිගෙ පයිරු පාසානම එහෙම? ඒ කතා සෙට් එක මිස් වෙනවා බම්. 😞

      Delete
    2. අල වගේද ගෝවා? වම්හත් ඇවිත්. මට පැතුමගෙ කාළ-යක්ෂ මතක් වුනා. කොහෙද, ඌ තාම ස්කෲ ලොක්කව ගොඩ ගත්තෙ නෑ නෙව?🤭

      Delete
    3. හපෝ! ඔය ඉස්කුරුප්පුව ගොඩ නොගන්න එකමයි කාරණාව.

      Delete
    4. ඇයි නම්කි, මොකද්ද ප්‍රශ්නෙ?

      Delete
    5. @ අග්නි
      කිව්වා, කිව්වා මේ ඇඩමත් සැප-දුක් කතා කරන වෙලාවෙ ඇහැව්වෙ. හාදයෙක් ඉන්නව ගිණි තියෝ ගන්න නං. හැබැයි වලිගෙට තමයි ගිණි තියන්ට ඕනෙ. එක්කො ඕනෙ නෑ, උන්දෑ කොහොමත් බ්ලොග් ගානෙ යනවා මල පහරන්න.😏

      Delete
    6. මොකද්ද, වලියක් ද?
      කවුන්ට් මී ඉන්

      Delete
    7. @ අග්නි
      කිව්වා, කිව්වා මේ ඇඩමත් සැප-දුක් කතා කරන වෙලාවෙ ඇහැව්වෙ. හාදයෙක් ඉන්නව ගිණි තියෝ ගන්න නං. හැබැයි වලිගෙට තමයි ගිණි තියන්ට ඕනෙ. එක්කො ඕනෙ නෑ, උන්දෑ කොහොමත් බ්ලොග් ගානෙ යනවා මල පහරන්න.😏

      @ ඇලෙන්ඩි කුමරිය
      එහෙම කියන්න එපා. එයා හිටපු ගමන් පැතුමගෙ බ්ලොග් එකේ විලාප තියනවා "මාව ගොඩ ගනින් යකෝ" කියලා.🤭

      @ ස්කෘෘලොක්කයියා

      කිසිම අවුලක් නෑ . ඔහොමම සාමදානෙ සැතපිලාම ඉන්න ලොකු සෑර්.🙏

      Delete
    8. @ අවලෝකිතේශවර නාථ

      අනේ දෙයියනේ, අමෘත බෝතලයක් ගහලා හාන්සි වෙන්ඩ. අමෘත ටින්නෙකක් වුනත් අවුලක් නෑ. දිවියලෝකෙ වැට් බදුත් 3% වැඩි කලාද?

      Delete
    9. මට මතක් වුණේ "දිවැස හෙලනු මැන" වේදිකා නාට්‍යය. යූටියුබ් එකේ බැලුවා, හොයාගන්ඩ නෑ.

      Delete
  12. ගැහුවට මුගුරු හඳ තව වැටිලා නැහැනේ
    ගත්තම තරහ ලේ පිච්චිල යනවානේ
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිනේ
    මම නම් කියන්නේ, තව ඉවසාපන්නේ!

    ReplyDelete
    Replies
    1. අපේ සහජ ගතිය තමයි ඉවසීම, අවශ්‍ය තැනදිත් නෑ-බෑ කියන්න බැරි කම. ලංකාවෙන් පිට හිටිය නිදි දන්නව, ඒ අනුන්ගෙ හිත රිදෙයි, එහෙම හොඳ නෑනෙ කියල හිතන එකෙන් වෙන පාඩුව. විදේශිකයො මේක දකින්නෙ කුලෑටිකමක්, දුර්වලකමක් ලෙසයි. ඉවසලා බැලුව, අවවාද කරල බැලුව තේරුනේ නෑ. මෙහෙම කිව්වම තේරුණ පාටයි.

      Delete