ඔය වැනිල්ල කිව්වාම නොයකුත් ආකාරයේ වැනිලි තියනවා නෙව. සමහරු පරිසරය වනනවා. සමහරු නැට්ට වනනවා. එතකොට කරටි කැඩෙන්න ගැහැව්වාමත් සමහරු වැනෙනවා නෙව. ඒ එක්කම සමහරු කඩුව වනනවා, හෙළුවෙන් වනනවා.
මේක එහෙම වැනිල්ලක් නෙමයි. පුහ්, බලන් ඉන්න අපිවත් වැනෙන වැනිල්ලක්. හරියටම කියනවා ප්‍රංශ වැනිල්ලක්.
මේ ඉන්නෙ ඇලීසේ (ඇලීzසේ - Alizée Jacotey). කොට මොඩල් ප්‍රංශ ගායිකාවක්. එයා වනන්න දක්සා....යි.
සිංදුව නං මැඩෝනගෙ.ඒත් වැනිල්ල මෙයාගෙ.
මං වැනිලිත් දැක්කා..
මේ වගෙ වැනිලි නොදැක්කා..
හැඩකාරයි, දඟ කාරයි..
ගෑණි
උඹ මේ සිංදුව කලින් වතාවකත් දාපුවහම කියපු දේම තමා මට අදත් කියාන්ට තියෙන්නෙ... :D
ReplyDeleteComo puede ser verdad..??
හුටා! මං මේ සිංදුවම කලිනුත් දැම්මද? හරි නේන්නං, ඔය කිව්වාමයි මටත් මතක් වුනේ, මට මතකයි බොගෙ ඔය කමෙන්ට් එක :)
DeleteHow can it be true???
ReplyDeleteඔය අහන්නෙ ෆැන්චීගෙ වැනිල්ල ගැන නං, මටත් තියන පුරස්නෙ ඕකම තමා.:)
Deleteකොහොම උනත් හරිම ලස්සන වැනිල්ලක් :))))))
ReplyDeleteලස්සන නේන්නං, ඒක නෙව දැම්මෙ :)
Deleteහිත ඇදිලා යනවා....:පී
ReplyDelete