Wednesday, July 11, 2012

dSLR

කැමරාවල auto-focus එන්ට කලින් තිබ්බ දෙයක් තමා split image focusing screen කියන්නෙ. මේ තියෙන්නෙ ඒකෙ පිංතූරයක්. වැඩේ හරිම ලේසියි. උඩ බාහෙයි, යට බාගෙයි align කලා. තිබ්බා, ගැහුවා.






dSLR වල ඕක වෙනුවට තියෙන්නෙ මෙන්න මේ වගේ එකක්.




 මේ stock screen එක split image focusing screen එකටට මාරු කරගන්න එක එච්චර අමාරු නෑ. බොහොම අඩු ගානකට split image focusing screen එකක් ගන්නත් පුළුවනි :)




ප්‍රශ්ණය: හරි , දැං මොකක්ද ප්‍රශ්ණෙ. නිකං ටිංකිරි ගාගන්නෙ නැතුව , ඔය තියෙන විදිහට තිබ්බම මොකද වෙන්නෙ?

1. 
split image focusing screen එක මාරු කරයි කියලා auto-focus  facility
එක  නැති වෙන්නෙ නෑ. තව අමතර පහසු කමක් එකතු වෙනවා විතරයි.




2. 
Auto - focus system එක
අඩු ආලෝකයක් ඇති තැන්වල focus කරන්න අමාරුයි. Auto focus system එක දඩයමේ යනවා :). 




3. Auto - focus system එක වැඩකරන්න ඇරලා,
split image
 එකෙන් ඒකෙ නිවැරදිතාවය මැන ගන්ටත් පුළුවනි. අවශ්‍ය තැන්වල දි auto focus අයින් කරලා manual ම focus කරගන්නත් හැකියි.


ප්‍රශ්ණය: මේක මාරු කලොත් මොනවද නැති වෙන දේවල්?




1. foucus dots ටික නැතිවෙනවා. නැතිවෙන්නෙ focus කරන එක නෙමෙයි. අර එක on-screen dots විතරයි.
බොහෝ විට පාවිච්චි වෙන්නෙ මැද ඩොට් එක විතරයි. බොහෝ විට කරන්නෙ focus කරලා re-compose කරන එකනෙ.




2. exposure settingවලට ටිකක් බලපාන්න පුළුවන්. exposure compensation තියෙන්නෙ ඒකට තමා.




3. සමහර වෙලාවට

split image screen 
එකේ යට බාගෙ අඳුරු විය හැක. angle එක වෙනස් කරලා ඇහැ එහාට මෙහාට කරලා ඒකත් හදා ගත හැක.




4. ලෙන්ස් කන්වටර් සමඟ අනිකුත් කැමරාවල ලෙන්ස් හෝ මැනුවල් ලෙන්ස් පාවිච්චි කරන අයට, මේක ඉතාම ප්‍රයෝජනවත් 






වෙන කියන්න තරම් අනෙක් වලට බලපෑමක් නෑ. ඔය තියෙන්නෙ light path එක

























අවශ්‍ය අඩුම- කුඩුම:

1. හොම්බ දිග හෝ ලෙන්ස් මාරු කර හැකි කැමරාවක්




2. පස්සා පැත්තේ අමාරුව - මඳ පමනට :)

3. ඉවසීම, ඉවසීම සහ ඉවසීම.

ඕඩර් කරපු බඩු එනකං - අවශ්‍ය tools ඒ සමඟ එනු ඇත.



වැඩේ බොහොම සරලයි, ඒත් ඉතාමත් සියුම්, බොහොම ඉවසීමෙන් , පරිස්සමෙන් කලයුතු දෙයක්.





Half-transparent mirror නැත්නම්  Pellicle mirror කියන්නෙ බොහොම සියුම් දෙයක්.මේකෙ තියන සියුම් silver coating එක තියෙන්නෙ mirror එකේ උඩ පැත්තෙ. ඇඟිලි සලකුනක් තිබ්බොත් හරි හූර ගත්තොත් හරි සොරිම තමා. instruction වල තියන විදිහටම කරන්න.කැමරාව ඔලුවෙන් හිටවල තමා වැඩේ පටන් ගන්න ඕනෙ, නැත්නම් focusing screen එක රඳවල තියන frame එක mirror එක උඩට වැටිලා සීරෙන්න පුළුවන්.




ඒ වගේම stock screen එකත් බොහොම පරිස්සමින් කොනකින් අල්ලලා එලියට ගන්ට. අර focusing dots, screen එකේ අලවලා තියෙන්නෙ. පිහදැම්මොත් එවා ගැලවිලා යනවා




මෙන්න
focusing screen  ගන්න තැන්. බඩු තැපෑලෙ එයි. හැබැයි ටිකක් දවස් යයි.




focusing screen - Free Shipping - DealExtreme

focusing screen | Search Results : Tmart.com




How to install -Instructions:


Canon Focusing Screen Installation Instruction


NIKON D700 Focusing Screen Installation Instruction

















6 comments:

  1. හොඳ වටිනා පෝස්ට් එකක්. හැබැයි මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ.:D:D:D

    ReplyDelete
    Replies
    1. මොනව වුනත් ඇත්ත කිව්වට ස්තූතියි :). ඒත් මේ ලෝකේ දෙයක් තේරුනේ නැහ්නං, කොහොමද වටිනා පෝස්ට් එකක් කියල දැන ගත්තෙ :)

      Delete
  2. හෑ, BB gun වලින් අර සත්තුන්ට සබ්බුව දීලා , ඊට පස්සෙ පුළුන් පුරෝලද පිංතූර ගන්නෙ :)

    ReplyDelete
  3. මොන සත්තුන්ටද බොලං..?? අනික මෙව්වයින් සත්තුන්ට තියන්ට තහනං.. සේෆ්ටි රෙගියුලේෂන්ස් ගොඩායි.. :)

    ReplyDelete
  4. හප්පේ.. පොටෝ අල්ලන්ඩ අර පශ්චාත් භාගෙ මෙව්ව එක විතරක් තිබිල මදි නේද එහෙනං??
    මදැයි මාත් ඒ අමාරුව හන්ද ආව මේ ක කියවන්ඩ... පොඩ්ඩි අක්ක කිව්වැහෙ තේරුණා නියමෙටම ආයෙ.. මේ ලෝකෙ රහයි!!!

    ප/ලි: නිවි හැනහිල්ලෙ කියවල බලන්නං අයියෙ... දැං අර තිබිච්ච කැමරාවටත් කෙලවෙච්ච එකේ මේ දවස්වල පොටො අල්ලන්ඩ විදියක් නෑ නෙව

    ReplyDelete
    Replies
    1. හපෝයි! මොකදෑ ඒ කැමරාවට උනේ. බිමට අතැරියාවත්ද? LCD ස්ක්‍රීන් එකේ අවුලක් නං කැමරාවෙ මොඩල් එක කියන්ට. ගෙන්න ගන්න තැනක් හොයල බලන්නම්

      Delete