Sunday, July 29, 2012

පාරුවේ පුවක්


එදා වගේම අදත් භාණ්ඩ ප්‍රවාහනයට ලාබම ක්‍රමය තමයි වාරිමාර්ග භාවිතය. මුහුදු මාර්ග භාවිතයේ නං ඉතිං අවුලක් නෑනෙ, රුවල් නැව් සිට අද භාවිතාවන සද්ධන්ත කන්ටේනර් නැව් දක්වා තවමත් මුහුදු ප්‍රවාහණය පාවිච්චි වෙනවා නෙව.

කාර්මික විප්ලවය ,යුරෝපයේ ඇති වීමට එක හේතුවක් බ්‍රිතාන්‍ය අවට තිබුණු වැඩිදියුණු කරන ලද වාරිමාර්ග භාවිතය කියල, කව්දෝ කිව්වා මතකයි. ඒ කොහොම වෙතත්, මේ කතාවත් එහෙම වාරිමාර්ගයක් වැඩිදියුණු කිරීමක් ගැනයි:


පංච මහා විල් ගැන අහල තියනවනෙ. ඔය විල් භාවිතා කරලා ඉඳිකරලා තියන වාරිමාර්ගයක් තියනවා. හරි ඉතිං මොකක්ද ඕකෙ තියෙන විශේෂත්වය?

පුරස්නෙ, මේ විල් තියෙන්නෙ එකම මුහුදු මට්ටමේ නෙමෙයි. එක විල ඉඳලා, අනිත් විලට නැව උස්සලා තියන්න වෙනවා :). මෙන්න පොඩි ක‍ටු සටහනක්:











අමතර බල ශක්ති ප්‍රභවයක් භාවිතා නොකර ,වැඩේ කෙරෙන්නෙ මෙන්න මෙහෙමයි:













ඔන්න Welland Canal, Soo Locks වල  
time-lapse
වීඩියෝ එකක් :





අද අභාවයට ගිහිල්ලා තිබුනත් කාලෙකට ඉහත අපේ රටෙත් වාරිමාර්ග භාවිතයෙන් භාණ්ඩ ප්‍රවාහන ජයටම කෙරුනා. මේවාට ඈඳිච්ච රසකතා, ජනකවි වගේ වෙනම ගැමි සංස්කෘතියක් තියනවා. මේ ජනකවිවල දකින්න ලැබෙන විශේෂත්වයක් තමා අව්‍යාජ ගැමි සුවඳ:

මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගඟේ ගියේ

එගොඩ ගොඩට යනකොට සුරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ

පලාතටම සුවඳ ගහන්න උයන, පාරු බතත්, ඒවා කන්ට දොලදුක හැදෙන ඉස්තිරි පක්සෙ ඈයො ගැනත් කතා බොහොමයි- ඔව්, ඔව් පාරු බත් උයන්නෙ පිරිමි තමා :))). අමුඩය ඇඳගත්ත, උතුංග දේහධාරී, කාළවර්ණ පාරු කාරයෙක් ගාවට එදා කොළඹ කාක්කෙක්/ බජාර් එකේ කකුලක් වත් කිට්‍ටු උනේ නෑලු - ටොයිං, ටොයිං :))

ඔය ගඟවල් අද්දර , ගඟ පැත්තට මුහුණලා හදාපු වෙනම කඩපවා එදා තිබුණ කියල මං අහල තියනවා - උණු, උණු ආප්ප, ලැවරියා, වණ්ඩු ආප්ප, හැලප එහෙමත් තියන්න ඇති නේද? -චව්,චව්....:))
පාරු විතරක් නෙමෙයි, කරත්ත කවිත්,කට වහරින් පැවත එන දේවල් . වැඩිහිටි පරම්පරාවත් එක්කම එව්වා අභාවයට යාවි. කවුරු හරි ඒ දන්න දේවල් ටික, ටික හරි ලියනවා නං බොහොම හොඳ වැඩක්





කරත්ත භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගත්තා වගේම, එදා ගැමියා වන්දනා ගමන් යන්නත් යොදාගත්තා. උයන , පිහින දේ පටවගෙන, මාස ගණන් හෙමීහිට ගිය මේ ගමන්, අද අපේ දඩි-බිඩි විනෝද ගමන් වලට වඩා රසවත් වූ බවට සැකයක් නෑ.




කන්නේ කටට රස හින්දයි බුලත් මම
බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම
කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම
යන්නේ වන්දනාවේ අපි කතර ගම





මෙන්න පැණි වෑහෙන කරත්ත කවියක්:

අම්බලං පෝරු පිට සිටිනා ලදුනේ
රංසලං ලෙසට ගෝමර පිට දිලුනේ

මංබොලං එහෙම දේකට නැත අගුනේ
රංදොඹෙං පිටත් වෙනකොට හඳ මුදුනේ








ඔන්න පහල තියනවා මං මේ කවි හොයාගත්ත ලින්ක් දෙකක්:

ජන කවි

සම්මත ජන කවි

පරණ පිංතූර හොයාගන්න මෙන්න කියාපු තැන:

ලංකාපුර

19 comments:

  1. ඉස්සර කොච්චර කට පාඩං තිබ්බද දැන්නං එකකට දෙකකට වඩා මතක නැ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකම තමා, මාත් කියන්නෙ. දන්න විදිහට කවුරු කවුරුත් , දන්න දේ ලිව්වොත් , ඒ ටික හරි , ඊලඟ පරම්පරාවට ඉතුරු වෙයි.

      Delete
  2. ඇත්තමයි ලස්සන වටිනා පෝස්ටුවකි.

    ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්

    අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්

    කැළණි ගඟේ ඔරු යනවා බලා වරෙන්

    සාදු කාර දී ඔරුවක නැගී වරෙන්

    අපි නම් පොඩි කාලේ පාරු දැකලත් තියෙනවා . කඩුවෙල පාලම හදන්න කලින් පාරුවෙන් එගොඩ වෙලා පොලේ ගිහිනුත් තියෙනවා . කැලණියේ පෙරහැර කාලෙට පාරු එකතු කරලා පාරු පාලමකුත් හදනවා . [ දැන් නම් පාලමක් හදල ]

    තව ඉතින් ගඟ මැද්දේ වැලි ගොඩ දාල ගොඩට ගේන්නෙත් පාරුවලින්. පාරුවලට අමතරව ඈත පළාත්වල කපන ලි කොටන් එකට බැඳලා පහුරු හදල පැදගෙන එනවා . ඒවා මැද්දේ පොඩි පැලක් තියෙනවා .උයාගෙන හෙම කන්න වෙන්න ඇති .

    ReplyDelete
    Replies
    1. හරි, ඒ පැල තියෙන්නෙ උයන් කන්ට තමා. පාරු බත් උයන්නෙ, බෙරි නොවෙන්නලු, මොකද , මහන්සි වී වැඩකරන පාරුකාරයොන්ට හපල කන්ට තියෙන්න ඕනෙ නිසා. ලි කොටන් එකට බැඳලා හදන පහුරු වලට අමතරව, බර කරත්ත යුගේ, පාරු වලින් භාණ්ඩ ප්‍රවාහනය කරලත් තියනවා.


      අපේ සමාජයේ ලස්සනම කවි, කතන්දර බිහිවෙලා තියෙන්නෙ, සාමාන්‍ය මිනිසුන් අතරින්. අද අපිට ඒ සඳහා අවස්ථාවක් ලැබිලා තියනවා. මාත් හිතාගත්තා , හපාකන එක නවත්තලා , ප්‍රයෝජනවත් වැඩක් කරන්න ඕනෙයි කියලා :)

      Delete
    2. // මාත් හිතාගත්තා , හපාකන එක නවත්තලා //

      බස්සො හපාකනවා කියලා මං ඔය ඇහුවමයි.. identity crisis එකක් වෙන්ටැති නේද..?? :P

      Delete
  3. //මාත් හිතාගත්තා , හපාකන එක නවත්තලා , ප්‍රයෝජනවත් වැඩක් කරන්න ඕනෙයි කියලා :)//

    මේක නම් හොඳම හොඳ අදහසක්!!!:)

    පාරු දැකලා තියනවා සමහර ටෙලි ඩ්‍රාමාස්වල. ඒත් මේ කියන තරම් විසතර දැනගෙන හිටියේ නෑ. පාරු කවි දන්නෙත් නෑ. කරත්ත කවි අහලා තියනවා.

    'තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා...' කියලා එකක් තියනවද? දන්නේ එච්චරයි.

    අර රූපෙන් පෙන්වන නැව් ගමන් කරන විදිය ඇත්තටම දැක්කා.:)

    හොඳ පෝස්ටුවක් බස්සෝ...

    ReplyDelete
    Replies
    1. ලස්සන හිමවතේ චෙරි බෙරි පැසෙන්නේ
      රැක්මෙන දෙවියනේ හොඳ හැටි නිදන්නේ
      ගොනා නෙමෙයි හරකයි බර අදින්නේ
      දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ

      Delete
  4. එහෙම වෙන්ටෑ:) කොටන එක කියලා දාගන්ටකො :)

    ReplyDelete
  5. ඔය පාරු කාරයොන්ට තියෙනවලුනෙ අයියෙ ඉවර නොවෙන උම්බලකඩයක්!!!
    එයාල කරන්නෙ උම්බලකඩේ හොද්දට දාල ටිකක් වෙලා තියල ආපහු අරන් වහලෙ එල්ලන එකලු...
    ඒකනෙ කතාවක් තියෙන්නෙ පාරුකාරයගෙ උම්බලකඩේ වගේ කියල

    කවි ගැන නං ගියල වැඩක් නෑ.. අපේ අම්මවයි එයාගෙ යාලුවෙක් ඉන්නව එයාවයි පොඩ්ඩක් අවුස්සල ගත්තොත් නං අහන්ඩ පුලුවං අප්‍රකට ජන කවි ඕනෙ තරං

    ReplyDelete
    Replies
    1. පාරුකාරයගෙ උම්බලකඩේ ??
      හී, හී ඒක නං අදමයි ඇහැව්වෙ. ලස්සන කියමනක්

      එහෙම එයාලගෙන් අහල හරි ඔව්වා ලියලා දාපං නඟේ :)

      Delete
  6. සාරඝර්භ ලිපියක්! :)

    අර නැව් සීන් එක මරු නේද?

    පොඩිකාලේ රූපවාහිනියෙ වාර්තා වැඩසහටනක් ගියා ඔය වාරි මාර්ග වල ප්‍රවාහන විධි ගැන. කෑම උයන හැටි, තාවකාලික ලැගුම් හල් එහෙමත් විස්තර ඇතුව පෙන්නුවා....

    ReplyDelete
    Replies
    1. එහෙම වාර්තා වැඩසහටනක් නං බලන්න වටිනව. ලංකාවෙ අය හදපු එකක්ද? එකේ තියනවද?

      Delete
    2. එකේ ද අහන්නෙ you tube එකේද? :)

      Delete
    3. ඔව් බං, ඒක පස්සෙ කොටන්න කියලා තිබ්බා, හැලිලා :)

      අන්න උඩින් අර නැව් සීන් එකේ විඩියෝවක් දැම්මා

      Delete
    4. Eka athth passe kotanna thibbama halenawa thama.....!:P

      video ekata Thanx

      Delete
    5. නෑ, එකේ.. kiwwe bassage ekeda?:P

      Delete
  7. ෂඃ: අගේ ඇති ලිපිය! :)

    ReplyDelete