රට්ටු හිතාගෙන ඉන්නෙ, මට ඉත්තෑ අමාරුවක් තියෙනවා කියල නෙව? ඇත්ත, කාලෙකට ඉස්සර තිබ්බා, දැන් නෑ . අපි නං ඒවගෙන් පාඩම් ඉගෙන ගත්තා. මම දැන් සිම්පල් බකමූණා. ඒත් මේ බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කාලෙ, ඔය උණ තදේටම තිබ්බා. මාසෙකට සැරයක්වත් බ්ලොග් එකට අලුත් ඇඳුමක් අන්දවනවා.
Image credit ,
අටවන මාටින් - අනුග්‍රහය නිදි
අටවන මාටිං ක්‍රමවේදය
රටේම තියන ගැජට්, බැජට් ගෙනත් එල්ලනවා. ආයිස් අප්පා, බලන්න එපෑ එතකොට බ්ලොගේ තිබ්බ කලඑලිය? තොටලඟ තොරණ වගේ. ඒ තියා මවුසා යන්නෙත් දුං දාගෙන. තව නත්තල් කාලෙට බ්ලොග් එකේ හිම වැටෙනවා. ඇයි, ඉතිං පාඨකයොන්ට, දෙන්න එපෑ ෆීලින් එක, ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්න?හා, නැහ්ද මං අහන්නෙ?
අපිව වළඳන විජට්
අවුලක් නෑ නේද? මොකෑ නැත්තෙ තියනවා. ඔය අටමඟුල් දාගත්තාම, බොලෑ කම්පූටර විතරක් නෙමෙයි, අපේ එව්ව වලත් ෆෑන් හූ තියන්න ගන්නවා, ජෙට් ඇන්ජිං වගේ. වෙලාවක, කාගෙහරි ලැපක් ගුවංගත වෙන්න වුනත් බැරි කමක් නෑ. අනික, යකුනේ, මේකට බලන්න එන එකා එන්නෙ කියවන්න මිසක්කා, තොරණ් බලන්න නෙමෙයි නෙව? ඒව උන් වෙසක් කාලෙ තොටලඟට ගිහින් බලා ගනීවි. බොලාට තියෙන්නෙ ලියන්න මිසක්කා, බ්ලොග් වල ෆ්ලෑෂර් කොට ගෙනත් හයි කරන්න නෙමෙයි.
මේවා ඉගෙන ගත්තෙ අත්දැකීමෙන්, මැගිලින් අක්කගෙ බුරානිස් ගොයියගෙ කටේ වැරෙන්, කුණු බැනුම් අහල. බයින එක සාධාරණයි නෙව, ඒ කාලෙ බ්ලොග් එක මොබයිල් වලට ලෝඩ් වෙන්නෙ, ඔලුව ජපන් කඳ ජර්මන් ඉට්ටැයිල් එකටලු.
මේ, කියන පුම්කකට වඳිඤ්ඤා, අර බ්ලොගර් දෙන ඔරිජිනල් තීම් එකක් දාගනිල්ලා. ඒව හොඳට චෙක් කරලයි තියෙන්නෙ. ලැප්ටොප්, මොබයිල්, ටැබ් ඔය ඕන එකකට ඔට්ටුයි. අනික, තර්ඩ්පාටි ජාවා ස්ක්‍රිප්ට් විජට් නං නැති තරමට හොඳයි. වංගියක් ගූගල් මගේ බ්ලොග් එක බ්ලොක් කලා, ඔහොම ජාවා ස්ක්‍රිප්ට් විජට් එකක් නිසා.
ටිං-ටිං, පෝස්ට් එඩිටින්
අනිත් එක අකුරුවල ප්‍රමාණය. අවාසනාවට අපි හැමෝටම 20-20 විෂන් නෑ, ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න. පොඩි කාලෙ රචනා ලියන්න කොට ඉගෙන ගත්ත චේද කැඩිල්ලට මොකද වුනේ? පොඩී අකුරින්, චේද නොකඩා පැදුරු, මාගල් වගේ ලිව්වාම, මගක් කියවන කොට හති. අනිකුත් අවයව වලට වගේම ඇහැටත් වෙහෙස දැනෙනවා. ෆ්‍රී ස්පේස් වලට බයවෙන්න ඕනෙ නෑ. බය වෙන්න ඕනෙ පෝස්ට් එක, සාඩින් වගේ පැක් කරන එකට.
මේ හැම දෙයක්ම කරන්න ඕනෙ කියවන්නාට සොඳුරු අත්දැකීමක් ඇති කරන්නයි. දැන් මේ නීති ඔක්කොම, මම අනුගමනය කරනවයි කියලද හිතන්නෙ? මොන පික්සුද? නීති තියෙන්නෙ අවශ්‍ය වෙලාවට නමන්න. ඒත් සංකල්පය ඔලුවෙ තිබ්බාම ඇති. ක්‍රියේටිව් වෙන්න ඕනෙ නම්, බ්ලොගර් එඩිටර් එකේ , අකුරුවල පාට, හැඩය, මයිනර් හෙඩින් වගේ ටොන් ගාණක් පහසුකම් තියනවා. තව
Microsoft Live Writer වගෙ ඔෆ්-ලයින් එඩිටර් එකකින් ලියන්නත් ඇහැකි. හැබැයි, මගේ ප්‍රියතම, මිනිමලිස්ටික් සංකල්පයයි.
ඇහැට අමාරුවක් නැති පෝස්ට් එකකට උදාහරණයක්:
මෙතනඅනිච්චාවත සංඛාරා - ප්‍රොෆයිලය
ඔහෙලට කියන්නත් ලැජ්ජයි , එහෙව් සිම්පල් බකමූණෙක්ගෙ ලොගින් එකවුන්ට් එකට නොවැ ගූගලයා කෙලියෙ? ඕං නමෝ විත්තියෙන්ම, අනිත් බ්ලොග්වල කමෙන්ට් කරන කොට කහින්න ගත්තා.හැබැයි මගේම එකේදි කිසිම ලෙඩක් නෑ, පිට තැනකට ගියාම තමා ලෙඩේ එන්නෙ. පස්සෙන් පහු ලෙඩේ උත්සන්න වෙලා කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,කැහැල,.................................................................................ඊයෙ මලා.
බ්ලොග් එක හැදුවෙ ඒ ඊමෙල් එකෙන් නිසා, එයා තමා ඇඩ්ඩිං. මකන්න, වෙනස් කරන්න අමාරුයි. මම කලේ තව ඊමේල් එකක් හදලා, එයාවත් බ්ලොගෙ "ආතර්" කෙනෙක් කරවපු එකයි. ඒ කල්ල, පරණ නම, පරණ ඇවටාර්(පැවිකොන්) එකම දුන්නා. ආතර්ගෙත් ටූ ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් ඕන් කරලා නිසා, නම්/මුරපද නොකොටා මොබයිල් එකෙන් තමා ගේම ගෙනියන්නෙ. දැන් මයෙ බ්ලොග් රෝලට යටින් බැලුවොත් බස්සො දෙන්නෙක් ඉන්නවා පෙනෙයි,
මඟුලක් කියනවා? ලියන්නෙ කොහොමද, වාෂ්ප වෙනකොට?
හොඳම ක්‍රමය නොවෙනවා ඇති, ඒත් මම දන්නෙ ඔච්චරයි. මේ ඔහෙලා මෙයිට වඩා හොඳ, ලේසි ක්‍රමයක් තියේ නං දාන්ට, ඈ? ඒක නෙමෙයි, අර සිරාගෙ කාමරේ හිටපු
"නැට්ට කොටා" වාෂ්ප වුනා නෙව? දැකපු කෙනෙක් ඉන්නවද?
Image credit ආ බයවෙන්ට කාරි නෑ, තව ටික කාලයයි, මේ ගැම්ම දිය වෙච්ච ගමන් මාත් යනවා හයිබනේට් කොරාන්ට. වින්ටර් එකත් ඕං හන්දියෙ වංගුව ගාවයි කියන්නෙ. සංසාර චක්කරේ හැටි ඔහොම තමයි කියල කිව්වෙ, අවන්හල ලියන මහේෂ්. දෙකක් නමාගෙනද හිටියෙ ඇහැව්වා? වෙන්ටෑ, හැබැයි හරි හිතහොඳ ගොබිලා - බල්ලොන්ට ගුලි කව්වවන්ට දෙයියා.
ඊයෙ අපේ නිදිගෙ උපන්දිනේ. එහෙමයි කියලා ඇරියෙ නෑ, ආං පෝස්ට් එක දාලා. මේ වගේ අඳුරුම අවදියක, එයා කරන්නෙ සමාජ සත්කාරයක්. මෙන්න හිනා කතා දෙකක්, සොසේජස් කතාව ඇත්ත එකක්.
හිනා කතා - ටැක්නිකල් අජීර්ණ වාහෙලාට
නවසිය බර ගණන්වල, කටුබැද්දෙ පොඩි හෝටලේක වෙච්චි කතාවක් :වේටර් කොලූ: මහත්තයො, පොසේජස් කියලා නියම මස් ජාතියක් ඇවිත් තියනවා, ගේන්නද? තනි කරම මස් කරල!
ඔන්න ගමේ පෝසත්, ඒත් සිදාදිය නුපුරුදු මුදලාලි කෙනෙක්, එයාගෙ ගෝලයෙක් එක්ක කොළඹ හෝටලේකට ගොඩ වැදුනලු තේකක් බොන්න. දැක්කලු ටී-මේකර්, ඒ ජොග්ගුවෙන් මේකට, කිරි තේ දාන විදිහ. හොඳට බලාගෙන හිටිය මුදලාලි, වේටර්ට මෙහෙම කිව්වලු. " ලමයො, අපිටත් කිරි යාරෙ ගානෙ, වෙන වෙනම මැනලා ගේන්න" කියලා.
අන්තිමට කියන්න තියෙන්නෙ, මම බ්ලොග් ලියන්නෙ මගේ ආතල් එකට කියලයි. හරි, වින්දනය බෙදා ගැනීම, පිස්සු කෙලීම, දැණුම බෙදා ගැනීම, හොරා කාපුව ෂෙයාර් කර ගැනීම , ඒව ඔක්කොම අතුරු ආබාධ.
වැඩේ කැතයි කියලද හිතෙන්නෙ ?
මන්දා, ඉතිං මට පාංද?
එතකොට, සමාජ පෙරලියක් ඇති කරන්න,
සමාජයේ චින්තනය වෙනස් කරන්න?
තමුසෙට පිස්සුද ඕයි!
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
අනේ පනේ, ඔය ආයෙ ආව වගේම, මෙතනත් එල්ලිලා හිටපල්ලා!