අපෙ හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබාගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳූරේ
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
- වික්ටර් රත්නායක
ඉඩ ලබාගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳපානේ මඳ අඳූරේ
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මඳ අඳූරේ
අත්පටලා යමු ආයේ
- වික්ටර් රත්නායක
ඒක 'අපෙ හැඟුම්වලට ඉඩදී' නෙවෙයි 'අපි හැඟුම්වලට ඉඩදී' වෙන්ට ඕන නේද බොලං.. මං මේ සිංදුව අහන ගමන්, පාන්දර 2:00 යි වෙලාව.. පට්ටම පට්ටයි බං, වික්ටර්ගෙ වොයිස් එකට ගහන්න තරං හැඟීම්බර වොයිස් එකක් වෙන කාටද තියෙන්නෙ..
ReplyDeleteපලි: මගෙ favම වික්ටර්ගෙ සිංදුවලින් එකක්, අනික තමා 'සඳ කැන් වැටිලා'..
හරිම ලස්සන සින්දුවක් බස්සෝ. ඔයා කාට හරි, හරියට ආදරේ කරන බව මේකෙන් පේනවා. කවුරු හරි වාසනාවන්ත කෙල්ලක් වෙන්ටැති. ඔය බැස්සි වෙන්ටැති අර සමනලියක් වගේ නිදාගන්නේ...:))))))
ReplyDeleteඑහෙම නැත්නම් අර හිම බැස්සිද දන්නෙත් නෑ. එයා අතින් අල්ලගෙන ඔයා හඳපානේ ඇවිදින්ට ඇති.
අර හිම වලහාගේ පින්තූරෙත් හරිම කියුට්.
oops...පින්තූරේ ඉන්නේ Teddy කෙනෙක්නේ. කමක් නෑ. එයා ඔයා වගේම වෙන්ටැති. මම කීවේ සයිස් එක.:D
ReplyDeleteමොකද අනේ මේ ඔයාට බූට් එකක් වැදිලද මේ ඔච්චර දුක හිතෙන සිංදු අහන්නේ? ගනන් ගන්න එපා අපට යමක් ලැබෙන්න තියෙනවානම් කොහොමහරි ඒක අපට ලැබෙනවා. කාටවත් ඒක වලක් වන්න බැහැ , සතුටින් ඉන්න.
ReplyDeleteමට මේ සිංදුවනම් එච්චර පුරුදු නැහැ , ඒ උනාට "සඳකැන් වැටිලා සිංදුවට නම් මමත් හරිම ආසයි.
@Neetha & Bura
ReplyDelete"සඳකැන් වැටිලා"ආයි අහලා, මගෙත් ආසම සිංදුවක් තමා.
" මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ" හෙහ්..හෙහ්.. පොඩ්ඩක් gender එක මාරු කරලා ගත්ත නං පංකාදුයි, බොලේ..
@ පොකු
ආයෙ වෙන කාටද, බැස්සිට තමා.
හිම බැස්සිත් එක්ක හඳ පානෙ අත් අල්ලගෙන ගිහින් නෑ, ෂොපින් නං ගිහින් තියනවා