Friday, June 3, 2011

මචං







පුංචි කාලෙ මං හැදුනේ පුංචි ගමක මචං

ඉස්කෝලෙදි වැඩි දෙනෙක්ම කිව්වෙත් මට මචං

නම අමතක යාළුවොන්ට කියන්නෙ අපි මචං

හත් වලාමේ, බැස්සිත් මට දැං කියන්නෙ මචං






පනින්ට පෙර සිතා බලනු කිව්ව නේද මචං

"ටයිම් අවුට්" එකක් ගත්තෙ ඒක නිසයි මචං

කුඩම්මගේ සැලකිලි නෙව දැං ලැබෙන්නෙ මචං

ඉඳල හිටල උම්ම එකක් වත් දීපං........ මචං

 




5 comments:

  1. පොඩ්ඩිත් බලා ඉන්නේ කවුරු හරි එයාටත් ඔය විදියට දන ගහලා මලක් පූජා කරාවිද කියලා.

    ලස්සන කවි ටික මචං......

    ReplyDelete
  2. උඹට අනේ මොකක්ද මේ අලුතෙන් උනේ මචං
    බැස්සියෙකුත් සෙට් කරගෙන වගේ නේද මචං
    කුඩම්මගේ සැලකිලිවත් ලැබෙනව ඇති මචං
    වැඩක් නැතිව ඉන්නකොටත් ඔහොම වෙනව මචං

    ReplyDelete
  3. ගිය ආත්මෙ උඹ නං මහ ක‍ටු ඉපලක් මචං
    ඇලපාතට මෙඩ්ල් එකක් දෙන්න ඕනෙ මචං
    හුහ්, වගේ මොකද සෙට් කරගෙන තමයි ඉන්නෙ මචං
    බැස්සි නැතුව ඇතින්නියෙක් මට මොකටද මචං

    ReplyDelete
  4. ඕව ඔහොම තමයි මචං මක්කරම්ද මචං
    මෙඩල් නෙවෙයි පණ ටිකවත් රැකුනොත් ඇති මචං
    හි‍තේ තියෙන දුක් කරදර නැතිවෙන්නට මචං
    පෝට් වයින් බෝතලයක් ගහමුද අපි මචං

    ReplyDelete
  5. එක කට්ටේ රා ගැහුවේ අපි දෙන්නා මචං
    අනිකාගේ හිත තේරුනෙ ඒක නිසයි මචං
    මේ හුටපර කරදරමයි අපිට දෙන්නෙ මචං
    පෝට් වයින් ඔය ලෙඩේට නියම බේත මචං

    ReplyDelete