Monday, August 13, 2012

කතන්දර



තන්දර කියන එක සියුම් කලාවක්. හොඳ කතන්දර කාරයෙක් කියන්නෙ, අසන්නාව කතාවට ඈඳාගෙන තබාගන්න හැකි කෙනෙක්. මේ සඳහා කතන්දර කාරයාගේ ශෛලිය, කතාවේ ගලාගෙන යෑම, වගේම කතන්දරය අයිසිං කිරිමට යොදාගන්නා "වැනිල්ලත්" වැදගත් කියලා මට හිතෙනවා.

දැං සමහර කතන්දර, නැත්නම් වෙනත් ලිපි තියනවා නෙව, ලියල තියන විදිහට කියවන්න එපාවෙන. මං මේ ලඟදි ඉඳන් කියවන්න ගත්තා එහෙම බොහොම ප්‍රසිද්ධ පොතක කතා, බොහොම සරල, මටසිලි‍ටු විදිහට ලියන කෙනෙක්ගෙ කතා පෙලක්. කොච්චර ලස්සන, ආදර්ශමත් වුනත් විලියොං ගොයියගෙ ඔරිමජිනල් කතා ලියපු බාසාව අර පුරාණ ඉංගිරිස කියවන්න අමාරුයි නේද?  මං මේ කතාව කිව්වෙ, අනුන්ගෙ වුනාට, කොපි-පේස්ට් කලාට එහෙම කතාවක් වුනත් අපේ උරුවට, කියවන්න ලේසි ශෛලියට නැවත ලියන එක වැරද්දක් නෑ කියල කියන්නයි. කාගෙද, කව්ද, කොහෙන්ද කියක එකට වඩා වැදගත් ලියනදේ අන්තර්ගතය තමා. කෙලින්ම කිව්වොත්, අමු-අමුවෙ නැතුව, කලාවකට කොපි කරලා, නැත්නම් ආභාෂයක් අරගෙන වැඩක් කරන එකේ වරදක් මට නම් පේන්නෙ නෑ.

අපේ බාල කාලයේ අපට නින්ද යනතෙක් කතන්දර කිවූත්, හන්දියේ තෙල්-බේත් ටික වීකුන ගැනීමට කතන්දර කිවූත්, පිරිත්, මළ ගෙවල්වල නිඳිකිරා නොවැටීමට කතන්දර කිවූත්, වර්තමානයේ සයිබරයේ මොනයම්ම හේතු නිසා හෝ අප වෙනුවෙන් කතන්දර කිවූත් සියලුම කතන්දර කරුවන්/ කාරියන් වෙත කෙරෙන පිදුමකි :)









5 comments:

  1. පොඩ්ඩිත් කියන්නේ කතන්දර නම් ඉතින් බස්සාට ගොඩාක් ස්තූතියි ලස්සන පිදුමට.:)

    ReplyDelete
  2. ඔව්,වොව් කතන්දර කියන ඔක්කෝටම තමා, බැන බැන ලියන අයටත් එක්කම :) ලියන හින්ද නෙව අපිට කියවන්න දෙයක් තියෙන්නෙ.:)

    ReplyDelete
  3. කන්දෙක අමතක උනා, බැක්කෙ පිටින්! - සාරගර්භ කමෙන්ටුවක් දාන්න වෙන්නෙ ගෙදර ගොහිල්ලා මේක අහලා තමා.

    ReplyDelete
  4. පෝස්ට් එකක් දාපිය බොල.. කම්මැලිකමට බස්සා වගේ බුම්මං ඉන්නෙ නැතුං..

    ReplyDelete